Sunday, April 29, 2012

අද මට වෙච්ච සීන් එක......

ඉරිද දවස කියන්නෙ කම්මැලියාගෙ දවසලු..සෝ මමත් ඉතින් අද දවල් වෙනකම් දොයියන්නයි ප්ලෑන් කරේ..ඒ උනාට අද මම උදේ 6 වෙනකොට ඇහැරිල..සීන් එක මේකයි..........................

මම ඉතින් මැක්සා හීනයක් දැක දැක හිටියේ.එකපාරටම මගේ ඇඳ යටින් ටොක් ටොක් ගාන සද්දයක් ආව,මට යන්තමට හීනෙන් වගේ ඇහුනෙ..(හීනෙ කෑල්ලක් නෙමෙ).මම එහෙමම ඔලුව දාල ඇඳ යට බැලුව.බල්ලෙක් ඉන්නව නැට්ට ලාවට වන වන..හා බල්ලෙක්නෙ කියල හිතල මං අයෙත් ඇහ පියාගත්ත විතරයි  මට මතක් වුනා මේකා මගෙ සහො නෙමෙ නේද කියල..ඇඳෙන් බැහල බැලුවම සීන් එක ඩේන්ජර්..මෙ ඉන්නෙ අල්ලපු ගෙදර පොර..මං ඇඳෙන් බහල ඌට කිව්ව දැන් උදේ වෙලා.පල මස්සිනේ කියල.කොහෙද මූ නැට්ට වනනව විතරයි....ඒත් ඇස් වලින් නම් පේන්නේ මූ හොඳටම බය වෙලා ඉන්නෙ කියලා .මට නෙමේනෙ බය මේකා. සුවර් එකටම අදත් අර යකා a.k.a එහා ගෙදර මෑන් මූට තඩිබාන්න පටන් ගන්නැති..මට පව් කියල හිතුනා..පව් වුනාට ඉතින් මේ යකාව ගේ ඇතුලෙ තියාගන්නත් බෑනෙ.මට පැහැරගැනීම් චෝදනා ඒවි..
මං නොවඳිනා වැඳුම් වැන්ද මූව එලවගන්න.ඒත් යන්නෙම නෑ.දැන් මොකෝ කරන්නෙ අපෙ ගෙදර අයට අහු උනොත් නං මූටයි  මටයි දෙන්නටම කන්නයි වෙන්නෙ..හෙමීට ටැෆ් එකෙං වතුර බාල්දියක් අරං ඇවිත් ඇඳ යටට දමල ඇරිය..එපාර නම් වැඩේ ගොඩ.යන්නං මචෝ කියලවත් නොකියම දිව්ව..දැන්  ඉතින් මුගේ ඉස්මෙල් එක යවන්නත් එපාය..මං තාම නිදි මරගාතෙ..හීනෙ එපිසොඩ් ලාවට ලාවට තාම පේනව...
මැරිල හිටියත් බටපොලයෝ දස්සයි කියන්නෙ බොරුවටෙයි..හොයාගත්ත හඳුන් කූරක්..ඇඳ ගාව පත්තු කරා..වතුර දාපු ටිකක් ලොකු ජොග්ගුවක් තිබ්බ කාමරේ.ඒක බිම පෙරලල වතුර හැලුව ඇඳ  යටටත් යන්නම..ඊට පස්සෙ වැනි වැනි එලියට ගිහිං කොස්සක් හොයාගත්ත.ඉහිරුන වතුර පිහිදාලා කාමරේ ක්ලීන් කරන එක බොරුවට පෙන්නල හිමීට තව වතුර ගෙනත් කාමරේ හේදුව..අන්තිමට ඔක්කොම වතුර අයින් කරල වෙලාව බැලුවම උදේ 9යි.ඕන්න කොහෙවත් ඉන්න ටොමියෙක් නිසා මට වෙච්ච දේ...ඒ උනාට කමක් නෑ..ඌ ගුටි නොකා බේරුනානෙ කියල මං හිත හදාගත්ත.....
පස්සෙ මං හිමීට අම්මගෙන් ඇහුව ඇයි ඒ බල්ලට හැමදාම ඔය විදියට ගහන්නෙ කියලා..ඒ අහිංසක සතාගෙ කකුලෙ තුවාලයක් තියෙනවලු.ඒක නිසා දැන් අල්ලපු ගෙදර එවුන් බල්ලව අතෑරලලු ඉන්නෙ..මෙහෙමත් කාලකන්නි යක්කු ටිකක්..ඒ අසරනයගෙ ඇස් වල තිබ්බ බැල්ම දකින කිසිම මිනිහෙක්ට පුලුවන්ද සතාට එහෙම අමානුශික විදියට ගහන්න?මැරෙන්න පන අදින කෙනෙක් මාව බේරගන්න කියල කියන ඉල්ලීම වගේ කතාවක් ඒ සතාගෙ ඇස් වල ලියවිලාතියෙන්නෙ..ඒක තමා අම්ම දවස් ගානක් ඌට කෑම දැම්මෙ..මට මේ ගැන නොකිය..මට කිව්වනම් මං අරූට මොනවහරි කියයි කියල වෙන්නැති..ඒ වගේ අපතයෙකුට මොන බම්බුවක් කියන්නද???????
මොනව උනත් ඒ අහිංසකය පව්..ඒ තුවාලෙට බෙහෙත් කරන්න ඕන්නම් රුපියල්2000ක් යයි..මේ වගේ කෝටිපති ඈයොත් ලෝබකම් කරනවනම් බටපොලයා වගෙ දුප්පතෙක් කොහොම ලෝබ වෙන්නෝනද?හුහ්




6 comments:

  1. ඇඳ යටට මේ විදිහට බල්ලොත් රිංගනවා නම් ඉස්සරහට තව මොක්කු රිංගයිද දන්නේ නැහැ පරිස්සමෙන්

    ReplyDelete
  2. මොනා කියන්නද කියලා හිතාගන්න බෑ... මුල්ම ටිකේ හෙන ජොලියකින් කියෙව්වේ අන්තිම කියවද්දි එහා ගෙදර එකාට දෙකක් අනින්න තරම් හිතුනා

    ReplyDelete
    Replies
    1. මම ඒ වැඩේ කරන්නමයි ගියෙ...කොහෙද ඉතිං,නිසි බලධාරියා මැද්දට පැන්නනෙ :(
      ගුඩ් නිවුස් එක,
      ඒ බව්වට දැන් සනීපයි,ඕං චෝක් එකට ඉන්නො නැට්ට වන වන :D

      Delete
  3. බල්ලව ඇද උඩින් නිදි කොරවල උඹ යටට පල... නැත්නම් එහා ගෙදර එකාව බාවමු

    ReplyDelete
    Replies
    1. මරු අයිඩියා එක,අරූව බාවන එක නං ඈ! :)

      බව්වා කමති නෑ මචං මගෙ ඇඳ උඩ නිදාගන්න..ගඳ වැඩිලු ;)

      Delete

හිතෙන එව්ව ඔක්කොම කොටන්න..