Friday, July 20, 2012

අපෙ අයියාගේ ප්‍රේම පුරාණය I

සීසන් I-එපිසෝඩ් එක (S01E01)



me n big bro




කරදර එනවිට එකපිට එක තෑගිබෝගද නැතුවම එන බැවින් සති කීපයක්ම බටපොලයා බ්ලොග් අවකාශයට ඇබ්සන්ට් පොරක් විය..

සමාව භාජනේකට දානු මැනවි!

බටපොලයා මේ වතාවේ අසරණයා හෙවත් අසාර් ටත් වඩා අසරණ විය :(

සති කීපයක්ම මගේම බ්ලොගයට එන්නට බැරි වුනා පමණක් නොව කිසිම බ්ලොග් එකක් කියවන්නටද බැරි විය..

තව ඉතුරු වෙලා තියෙනවනම් සමාව පොඩ්ඩක් භාජනේට දාන්ට :)
හැකි ඉක්මනින් ඔක්කොම කියවන්නං.....


සති ගානකට පස්සෙ ඇවිත් කියන්නත් දෙයක් තියෙන්න ඕනිනෙ.
මගෙ දුක් කියල වැඩක් නෑ.
ප්‍රශ්න ගොඩක ඉන්න ඔයාලට තව ප්‍රශ්න දාන්න මට ඕනි නෑ.
ඉතින් මට හිතුන මගෙ මාරයාගෙන් පළිගන්න.......
(බ්ලොග් ලියන මාර අයියා නොවන බව කරුනාවෙන් සලකන්ඩ ඈ)

මූ මගේ අයියාය.මොන කරුමෙකට මගේ අයියා වුනාදැයි මට නොතේරේ.......

කොටින්ම කිව්වොත් අපේ අයියා හෙන අපතයෙකි,ගොන් නාම්බෙකි,නැට්ට හැලිච්චි වඳුරෙකි,ප්‍රංශ සැන්ට් පව්ඩර් ගැසූ අමු උරුලෑවෙකි.ගන්ධබ්බ අපදානයෙහි ප්‍රධාන නළුවාද මූය.පාරේ රස්තියාදු ගසන වල්සේශන් බල්ලෝද මූට කතා කරන්නේ "සහෝදරයා" කියාය.මූ උන්ගෙන් වෙනස් වන්නේ ලයිට් කණුවක් දුටු විට කකුල ඉස්සෙන්නේ නැති එකෙන් පමණි.

අපේ අයියා නාන්නේ සිංහල අවුරුද්දේ පරණ අවුරුද්දට නාන එක පමණි.ඌ එය නාන්නේද වතුර බාල්දි දෙකකිනි!

"අරපිරිමැස්ම" කියන්නේ ඒකටලු :O

එකකින් මූණ තෙමාගෙන අනිකෙන් කකුල් සෝදා ගනී,ඉතිං අවුරුද්දේ දවස් 365ම අපෙ අයියා ඒකාකාර වේගයෙන් ගන්දනය වේ.හැතැම්ම සීයක දුරදී පවා ඒ ඉස්මෙල් එකෙන් මූව හඳුනාගත හැක.

ඉතිං මේ වගේ ඉන්න අපෙ අයියා නම් හාල්පාරුවාටද දවසක් පෙම් මල් පූදින්නට පටාන් ඇරන් ඇත..මූ සාමාන්‍යයෙන් මාත් එක්ක හිත හොඳ නැති බැවින් අපි දෙන්නා නෝ ටෝක්ස්ය.
ඒත් දිනක් මූ ගේ පුරාම මාව හොයන්නට විය.

"චූටි මල්ලියෝ!ඒයි කොහෙද ඕයි තමුසෙ ඉන්නෙ..."
මම හිටපු තැනම හිටියෙමි.මට මොකෝ ඕනිනම් ඕනිතරම් හොයපුදෙන්.

මූ ඊළඟට අක්කගෙ කාමරයටද කොහෙදෝ හොම්බ දාන්නට ඇත.
"නංගි කෝ චූටි මල්ලි?"

"කවුද චූටි මල්ලි කියන්නෙ?"
අක්කා අහපි.

"තමුසෙට මං @#$%$#"
හොඳ වැඩේ ඕකට... :ඩී

"අම්මේ කෝ චූටි බූරුවා?"
මූ අම්මගෙනුත් අහගන්නයි යන්නෙ.පව්!
ටික වේලාවක් යනතුරු අම්මාගෙන් උත්තරයක් නැත..ඊළඟට අම්මා අක්කාට කතාකරනු ඇසේ.

"පොඩි දූ මට මතක් වෙන්නෙම නෑනෙ,කවදාහරි මේ ලොකු අයියා කසාද බැන්දද?"

"අපො නෑ,පිස්සුද අම්මෙ..මේ ඉන්නෙ තවම පොල් පරාලෙ වාගෙ,ඇයි එහෙම ඇහුවෙ?"

"නෑ මූ චූටි බූරුවෙක් හොයනවා,කසාද නොබැඳ ලමයි හම්බු වෙන්නෙත් නෑනෙ..
පිස්සු හැදීගෙන එනවද කොලුවො ඈ?"

මේවා ඇසෙන මට මාර හැපීය.මූ අද අඬන සයිස්ය.

"මොකක් කියවනවද මන්දා,මං ඇහුවෙ චූටි මල්ලි ගැන.මොකක් හරි ඇහුවමත් හොඳ නෑ.හ.....!! "

දැංනං අනිවා අඬනවාමය..කෝ අඬපියෝ.. :D
මම කටද ඇරගෙන ඌ අඬන හඬ ඇසෙනතුරු සිටියෙමි.ඒත් අම්මා ඒ වැඩේ කෑවේය..

"අර ඉන්නෙ කාමරේ..ඒ ළමයට හරියට වැඩ!"

මම හැමෝටම හොඳ ළමයාය ;)

"ඕයි මල්ලි තමුසෙට කතා කරන්න බැයිද ඕයි....."අයියා තාම අඬාගත්තු ගමන්ය.

"මාව අඳුනනවද?"

"පිස්සු කෙළින්න එපා ඕයි,වැඩක්ද කියනවා"

"මොකෝ?"
මම මුකුත් නොදන්න තොත්ත බබා වාගේ ඇසුවෙමි.

"මෙහෙම කියන්න බෑ.මට ලොකු හෙල්ෆ් එකක ඕනි,අම්මයි නංගියි නැති පැත්තකට එනවා"


"යං ගෝල්ෆේස්...! "

"තොට පයිත්තියන්ද යකො @#$%^&"

"ඉතිං වෙන කොහෙ යන්නෙයි මට කියන්නෙ ඈ?තමුසෙම කියනවකො බලන්න"

"හවසට බෝල් ගහන්න එනවා,පිට්ටනියෙදි කියන්නං"

"ඒ මේ මට කෙළවෙන වැඩ නං මං නෑ ඕවට හරිය..තමුසෙ තනියම ඕන බම්බුවක් ගහගන්නව එව්වට නං"
මූ ළඟින් ගියත් ඇතිය,මට සුමානෙකට අපලය.....

"නෑ නෑ,මේ වෙන එකක්,හවසට එනවා,මං කියන්නං..."
ටිකෙන් ටික ගඳ අඩුවිය.සුවර් එකටම අයියා කාමරයෙන් අවුට්ගොයින් වන්නට ඇත.දැංවත් හුස්ම ගත යුතුය!

මට හිතාගත නොහැකි වූයේ මේ යකාට හදිසියේ මල්ලී ගැන ඇතිවූ මෙව්වා එකය.වෙනදාට මූට මාව පේන්න බැරිය.ඒත් අද ඇවිත් උදව් ඉල්ලා දෙපරන්දෙපල්ලේ වැඳවැටී අඬයි..මුකක් හෝ හෙනම හෙන කෙළියක් සුවර් එකටම වී ඇත,නැත්නම් වෙන්නට යයි.මොනවා වුනත් මූ ඇඬූ විදියට නම් මගේ හෘදය වස්තුව මාගරින් වාගේ උණුවී දියවී වැගිරී ගියේය..(බටර්ද මන්දා එහෙම වෙන්නෙ? :O , දෙකෙං එකක් ඈ!)

කමක් නෑ.ඉස්සෙල්ල ගිහිං අහල බලන්න ඕනි සීන් එක මුකක්ද කියල,කෙළවෙන වැඩක් නං එතනින් වාස්ප වෙන්ඩනෙ තියෙන්නෙ නේ?

කිව්ව විදියටම මාත් හවස ගිහින් පිට්ටනිය පැත්තට හොම්බ දැම්මා ටිකක්,අපේ අයියා අද සෙල්ලං කරන්නෙත් නැතුව ගහක් යටට වෙලා හෙන කල්පනාවක!


මට දැන් සුවර්..කෙළවෙන්ඩමයි යන්නෙ!!!


පොර මාව දැක්කා..මං ඉන්න පැත්තට රොකට් එකක් වාගෙ දුවගෙන ආව.

"මොකෝ එන්න කිව්වෙ?"

"චූටි මල්ලි,මට තමුසෙගෙන් ලොකු උදව්වක් ඕනි ඕයි......."

"හොර පොල් කඩන්නද?"

"නෑ නෑ මට............"

"බුද්ධ පූජාව හොරාට කන්නද?"

"නෑ නෑ...."

"කාගෙ හරි හොම්බට හැටක් අනින්නද?"

"නෑ ඕයි මට මේ......."

"තමුසෙ හරක් හොරකමේ ගිහින් අහුවුනාද?"

"මෝල්ද ඕයි මේක වෙන......"

"හා!තමුසෙ හොරාට කසිප්පු පෙරුවා , නේ?දැං කාටහරි මාට්ටු?"

"මොකෙක්ද මේ?ඕයි තමුසෙට පිස්සුද?"

"නෑ!"
මම හෙන ආඩම්බරයෙන් ප්‍රකාශ කළෙමි..

"ඉස්සෙල්ල අහගන්නවා මම කියන දේ,පිස්සු විකාර කියවන්නෙ නැතුව...."

"හරි හරි කියනවා ඉතිං..මට වැඩ තියෙනවා"
චාන්ස් එකක් ආ විට මූව මැඩවීමේ පරම පිවිතුරු අදහස අතුරුදහන් වීමට ඉඩ දිය නොහැක්කේ ඇයි?
අයි ඩෝන්ට් නෝ වයි..

"මෙහෙමයි,පොඩි සීන් එකක් මේක..තමුසෙ දන්නවනෙ අතුල අයියව?"

"ඔව් ඉතිං?"

"එයාගෙ තාත්ත කසාද බැඳල ඉන්නෙ......"

"ඒක අහන්නද එන්න කිව්වෙ?අතුල අයියගෙ තාත්ත කසාද බැඳල තියෙන්නෙ අතුල අයියගෙ අම්මවනෙ ඕයි!
වැඩේ ගොඩනෙ?මම ගියා.."
මම වාඩි වී සිටි කොටයෙන් නැගිට්ටෙමි.

"තමුසෙලා වගේ මල්ලිලා @#$%........"

"ලැබෙන්න ආනන්තරීය පිංස් කරල තියෙන්න ඕනි.හරි හරි තැංකූ කියන්න ඕනි නෑ.මං යන්නෙයි?"

"ඒකට නෙවි එන්න කිව්වෙ"
අයියාගේ මූණ බුල්ඩෝසරයකට අහු වෙච්චි කජු ලෙල්ලක් වාගේ වී ඇත.

"හෑ ඒකට නෙමෙයිද.....?"

"වාඩි වෙලා අහගන්නව ඉස්සෙල්ලා,අතුල අයියගෙ තාත්ත කසාද බැඳල ඉන්නෙ අම්පාර පැත්තෙන්නෙ...
ඉතිං අම්පාරෙ ඉඳන් ඉගෙන ගන්න අමාරුයිලු.ඒ ඇන්ටිගෙ නංගිගෙද කොහෙද අර.......අ......අ........මේ......අර............................."

"දැංම යයිද?නැත්තං අර අතන ටොයිලට් එකක් තියෙනවා,ගිහින් ඉක්මනට එනවා,මං මෙතන ඉන්නං!"

"නෑ නෑ එහෙම අවුලක් නෙවි,ඒ ඇන්ටිගෙ නංගිගෙද කොහෙද දූ.......අ..අ....මෙහෙට ඇවිත් මෙහෙ ඉඳං ඉස්කෝලෙ යන්න..අ...අ........"

"ඉතිං?"

"නෑ මං කියන්නෙ මේ..ඒ ගෑණු ලමයා මේ....."

"තමුසෙට දැක්කම කිරි දෙන්න හිතුණද?ඒක කරන්න එයාට අම්ම කෙනෙක් ඉන්නවනෙ,නිකං #$%@ නොදී ඉන්නවකො"

"නෑ නෑ ඕයි,මොකක් වුනත් ලස්සන කෙල්ල නේ?"

"නරකම නෑ.."
මම ලාවට උත්තරයක් දී මඟ ඇරියෙමි.මූ මේ මොකාටද එන්න හදන්නෙ!

"මට ඒකිට හිත ගියා මල්ලි!"


"හත්තිලව්වයි.............!!!"

TO BE CONTINUED....



(හිතුවාට වඩා කතාව දිග වූ බැවින් හැමෝම කරන්නාක් මෙන් මමද මෙය මෙතැනින් නවත්තමි..
එපිසෝඩ් එක (EPISODE 1) ඉවරය.
එපිසෝඩ් ටූ ඊළඟට බලාපොරොත්තු වන්න ඈ! )

මතු සම්බන්ධයි....................

51 comments:

  1. පව් බොල අයියන්ඩි.... අපේ එකත් ඔහොමමයි... එලz ආහ්හ්... ඊළග එකත් ඉක්මනට දාපිය

    ReplyDelete
    Replies
    1. අපෙ අයියා පව් කියල ඔය කෙනෙක් කිව්වමයි :D
      අයියලා ඔක්කොම එකයි මචං..

      ලිව්ව ගමන් එපිසෝඩ් ටූ දාන්නං :)

      Delete
  2. හැක හැක

    ReplyDelete
  3. හපොයි අයියත් ආවානේ මෙයාගෙන්ම උදව් ඉල්ලන්න..නිකමටවත් අයියාට නම් මේ පෝස්ට් එක දකින්න තියන්න එපා..ආයේ අපිට විහිලුවක් කරන්නවත් කවුරුත් නැතිවෙයි..ඔන්න ඊලග කොටසින්වත් ඔක්කොම ටික දාලා ඉවරයක් කරන්න අපෙත් දැන ගැනිම පිනිස....(හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. අපෙ අයියාට මා හැර කාගේ පිහිටක්ද? ;)

      අපො එයා දන්නෙ නෑ මං එයාට මෙතන කුට්ටි පිටිං මඩ ගහනව කියල..

      බය වෙන්න එපා,අපෙ අයියට මට මුකුත්ම කරන්න බෑ,එහෙම කරොත් කෝ එයාට මල්ලි රත්නයක් ඈ?

      ලිව්ව ගමං දාන්නංකො.....

      Delete
  4. වෙනස්ම ලිවීම් රටාව පුටුවෙන් වැටි වැටි වුනත් හිනාවිය හැක...නියම කථා විලාශය ...කමෙන්ට් එක දාන්නත් බැරි තරම් හිනා යනවා...

    ඊලග කොටසත් ඉක්මණින් බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගෙ මං මේක ලියන්න ගන්නකොටම පුටුව ලිස්සල ගිහින් පශ්චාත් බාගෙ බිම ඇනගෙනයි ඉන්නෙ ;)

      මට කෙනෙක්ව හිනස්සන්න පුලුවන්නම් ඒකම මට ඇති..

      ලිව්ව ගමං දාන්නංකො

      Delete
  5. උබ වගෙ මල්ලියෙක් මට නැති එක ගැන කියාගන්නවත් බැරි තරම් මට සන්තොසය....

    ReplyDelete
    Replies
    1. මං වාගෙ මල්ලියෙක් ලැබෙන්න ආනන්තරිය පිංස් කරල තියෙන්න ඕනි ;)

      දැං ඉඳං පිං කරන්න පටංගන්න....

      Delete
  6. හිකිස්....පට්ටනේ....

    ReplyDelete
  7. liyala tiyena widiyanam lassanai ayya....mata hitena widiyata oyage ayyatai,oyatai dennatama pissu wage.... :):)(matath innawa ayya kenek.api dennath oya wage tama.eka welawakata sahodara premaye uparime inne,ekath tika welawakata witharai.tikakin gedara 3wana loka yudde patan aran wage tama.ai tikakin dennama yalui. :)

    ReplyDelete
    Replies
    1. ටැංකූ නංගියා :)

      ඔව් ඔව් අපි දෙන්නටම එකසිය ගානට පිෂ්ෂු,කාටවත් කියන්න එප හොඳේ :ඩී

      අයියල ඔක්කොම ඔහොම තමයි...
      හැබැයි අපේ එකාට නං ටිකක් විතර මඤ්ඤං ;)

      Delete
  8. Replies
    1. අයියලා අක්කලා ආඩම්බර වෙන්න ඕනි නේද? ;)

      Delete
  9. ටිකක් පඳුර වටේ තැලුව වැඩි වගේ නේ. ඒත් මේ උඹේ ස්ටයිල් ඒක නේ. දැන් මොකක්ද වුනේ මටත් වඩා අසරණ වෙන සිද්දියක්.

    ReplyDelete
    Replies
    1. පඳුර වටේ තැලුව කිව්වෙ මොකෑ මචං?මීටර් වෙන්නෙ නෑනෙ :(

      අසරණයි කියන්නෙ අන්තම අන්ත අසරණ වෙන්න සිද්දි වුනා..ඒත් ඉතිං එව්වා කියල උඹලගෙ හිත් තවත් අප්සට් කරන්න මට ඕනි නෑ බං.උඹලටත් උඹලගෙම ප්‍රශ්න අනන්ත තියෙන එකේ,අහක යන කුණු ගොඩවල් මොකටද නේ?

      (උඹ,මචං කිව්වෙ අපි දෙන්නම ලංකාවෙ පොරවල් නිසා,අයියා කෙනෙක්ද මල්ලි කෙනෙක්ද කියල දන්නෙ නෑ..උඹ මචං කිව්ව එකට අවුලක් නෑනෙ?)

      Delete
  10. බටයා බ්ලොග හැඩකරලා අගෙයි අගෙයි..

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ හැන්ඩ්සම්ද සෙක්සිද ඈ? ;)

      (තෝ ඇහුවොත් අහන්නෙ ඔහොම කුප්ප කතාවක් කියන පිලිතුර වලංගු නොවන බව කරුණාට මෙව්වා කරන්න)

      Delete
  11. හීහ් හිහ් හී.......................
    එල බටේ...
    කතා සයිලිය අලුත් වෙලා...
    පස්ටය..................
    අනිත් කොටහත් දමාපු ගමන් ලින්කුවක් දියන්

    ReplyDelete
    Replies
    1. ටැංකූ මචෝ ඈ :)

      හැබැයි මචං මට සයිලියක් කියල එකක් නං නෑ..හිතෙන ඕනි රෙද්දක් හිතුණු විදියටම ලියනවා විතරයි,ඒකට නමක් දාන්න ඇහැකි ඕනි නම් " අනාථ සයිලිය™ " කියල.

      ලිව්ව ගමං දෙන්නංකො....

      Delete
  12. අහස පොළොව නුහුලන අපරාධයක්නෙ බොල උඹ මේ කොරන්නෙ... අයියව එහෙම සාටර් කරන්න එපා බං... අයිය කෙනෙක් විදියට මට වාවන්නෙ නෑ... මට දුක වෙනවා ඒ නිසා මට වැඩිය මෙතන කොටන්නත් බෑ... ඉදලා හිටලා නැතුව නිතරම වරෙන් අන්තර් ජං ජාලෙට.. ජය!

    ReplyDelete
    Replies
    1. අපෙ අයියා මට කරන අසමජ්ජාති නහුත වැඩත් එක්ක බැලුවම මම එයාට මුකුත්ම නොකිව්ව ගානයි :D
      මට මල්ලි කෙනෙකුත් ඉන්නව,මාත් අයිය කෙනෙක් ;)

      නිතරම එන්න මටත් උවමනාව තියෙනව මචං,ඒත්........................ :(

      Delete
  13. බටපොලේ කිව්ව ඈ..! හිටපන් අය්යට කියන්න...!අපහාසෙට.!:)))

    ReplyDelete
    Replies
    1. වී පොකුරත් බටපොලද?
      හෑ :OOOOOOOOOOOOOOOOOOO

      එක්කො කමක් නෑ,කියන්න,මම බය වෙයි අපෙ අයියට
      (කියන්නම ඕනිද ඈ?)

      Delete
  14. හේ හේ...මාරු කතාව හොදේ...

    ReplyDelete
  15. Replies
    1. ටෑංක්ෂ්ෂ් ටෑංක්ෂ්ෂ් ඈ :)
      බ්ලොග් එකෙ ටෙම්ප්ලේට් එක වෙනස් කරැයි?

      Delete
  16. කතාවට ලයික් හොදේ.......

    ReplyDelete
    Replies
    1. ඒ ලයික් එකට මගෙත් ලයික් එකක් මේං :)

      Delete
  17. ම්ම්ම්ම්....මේ බ්ලොග් එකට ආව මුල්ම දවස... අයියගෙ කතාව හරි ලස්සනයිනෙ...චූටි බටපොලයා කිව්වට කියන තරම් චූටි නෑ වගේ නේ :)

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නව ඔයාවත්.....! :)

      මම තාම චූටි පැටියෙක්,අම්මගෙන් කිරි බොන්නෙ නැති එක විතරයි ;)

      Delete
  18. මේ පැත්තේ මුලින්ම ආවේ අද නේ..
    ඉතින් ඉතින් අයිය මේක කියවන්නේ නැතෙයි??

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නව ඔයාවත්! :)

      නෑ නෑ අයිය මේක ගැන දන්නෙ නෑ..
      අනික දැනගත්තත් වැඩක් නෑ,එයාට අකුරු කියවන්න බෑ :D

      Delete
  19. හප්පච්චියේ බටපොලයෝ... උඹත් බැලුවම ලේසි පාසු පුතයෙක් නෙවෙයි නේ... අයියන්ඩිට දෙන වදයක්

    ReplyDelete
    Replies
    1. අයියා මට කෙළවන කෙළවිල්ලෙ හැටියට මං එයැයිට මුකුත්ම නොකළ ගානයි :D

      අනික අයිය මම බ්ලොග් එකේ එයාට මඩ ගහනව කියල ගැන දන්නෙත් නෑ ;)

      Delete
  20. සූටි නෙවෙයි නෝටි බටපොලයා...මොනා උනත් අයියනේ...නරකද උදව්වක් කරා නම්....

    අද තමයි මුලින්ම ආවේ.. දැන් ඉතිං බේරෙන්න හම්බවෙන්නේ නැ.. හැමදාම එනවා.. ඩී

    ReplyDelete
    Replies
    1. මගෙ මූණ දිහා බලාගෙන නෝටි කියල කිව්ව හැටි... :(

      අයියා නං තමයි.ඒත් මේ යකා කරන හැම වැඩේකින්ම කෙළ වෙන්නෙ මටනෙ!
      ඔක්කොම අමතක කරල උදව් කරා..වෙච්චි දේ ඉක්මනට දාන්නංකො.මේ දවස් වල මට ටිකක් කරදර :/

      මට බේරෙන්න පුලුවන්.මම ගන්නව ප්‍රයිවට් බොඩිගාඩ් කෙනෙක්! ;) :ඩී

      Delete
  21. ඉතිරිය ඉක්මනට පබිලිස් කරන්ඩෝ.....

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නව ඔයාවත්! :)


      මේ දවස් වල මට පොඩ්ඩක් කරදර අමා.
      ප්‍රශ්න ගොඩක්,ඉතිං වලට විසඳුමක් හොයන්නත් අමාරුයිනෙ :(
      ඒ අබ්ලිස් ගතිය අඩු වුන ගමන්ම දාන්නං හොඳද..............

      Delete
    2. පුශ්න එන තරමට තමයි ඉස්සරහට යන්න පුලුවන් වෙන්නේ. සැපෙන්න එපා.....
      පුශ්න ඉක්මනින් විසදේවා කියල මම ප්‍රාර්ථනා කරනවා :)

      Delete
    3. අනෙ නෑ.ප්‍රශ්න නං අනන්තයි.ඒත් කවදාවත් වැටිල නෑ ඒව නිසා..ඉක්මනට ඉවරයක් වෙනවනම් මාත් කැමතියි. :)


      බලමුකො නේද....................

      Delete
  22. අදමයි ආවේ ලස්සනයි.දිගටම එනවා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  23. ඉක්මනට
    http://manasindiviyata.blogspot.com

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නව ඔයාවත්! :)

      මේ කම්පනා කරනෝ..ඉක්මනට දාන්නං :D

      Delete
  24. බාගෙට ලියල නවත්වන්නේ මොකටද? ඉතිරිය බලාපොරොත්තු වෙමි. සැබෑවටම ගම බටපොලද?
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ලිවීමට මටද ආසය.ඒත්.......

      සිරාවටම ගම බටපොලය..
      කෙසේ හෝ කවදා හෝ මැරෙන්නට පෙර සියල්ල ලිවීමට සිතා සිටිමි.....

      Delete

හිතෙන එව්ව ඔක්කොම කොටන්න..