Wednesday, May 23, 2012

කලකට පස්සේ වෙලකට බැස්සෙමි..

කාලයක් මට මේ පැත්තට වත් එන්න බැරි වුනා..කොහෙද යන ඩෝප් කාරයෙක් මාව හැප්පුවනෙ.සෝ බටපොලයට ඌයිය වෙල හිටිය..ඒකයි එන්න බැරිවුනෙ..
මේ කතාව මං හොස්සපිටෑල් එකේ ඉන්නකොට අහපු එකක්..බටපොල ඉන්න කවුරුත් දන්න පොරක් ගැනයි මේක..බටපොල අයගෙන් නං ඉතිං මිල්ටන් කියල කිව්වම නොදන්න කෙනෙක් නෑ..(ඔව් ඔව් බොල මාරගහ හන්දියෙ කොමිනිකේෂං මිල්ටන් තමයි,මොකෝ තොපි හිනාවෙන්නෙ)
එයා ගැන කතා ගොඩක් තියෙනව.සමහර ඒව කියන්නත් අමාරුයි :ඩී
සෝ කියන්න පුලුවං එකක් තමයි මේක..
බටපොල තීනව ඉස්කෝල දෙකක්.එකක් කල්‍යාණතිස්ස ඉස්කෝලෙ.ඒක පොඩි ඉස්කෝලයක්.ඕ ලෙවල් වෙනකම් විතරයි ඉන්න ඇහැකි.අනික බටපොල සෙන්ට්‍රල්,ඒකෙ නං ඒ ලෙවල් ඉවර වෙලත් ඉන්න ඇහැකි.ඕං සිංහලෙම්ම නම කිව්ව..හික්ස්.
මේ සීන් එක වෙලා තියෙන්නෙ මං ඔය කිව්ව මධ්‍ය මහා විද්‍යාලෙ(සිංහලෙං කිව්වොත් සෙන්ට්‍රල්) එකේ කොල්ලො සෙට් එකකට..මුං ටික දවසක් ක්ලාස් කට් කරල (සුපුරුදු විදියටම) වළ බහින්න හිතාගෙන පාර අයිනකට ඇවිත් හිටියලු.ඉස්කොලෙට ටිකක් එහායිං..
මේ වෙලාවෙ මෙතැනිං ගියාලු අපේ මිල්ටන් අංකල්..
මේක වෙලා තින්නෙ පොර ත්‍රී වීලර් කට්ට ගන්න කලින් අර ලදරං බයික් එකේ යන කාලෙ..
සෝ මේ කොල්ලො ටික දැක්කම මිල්ටන් බයික් එක නවත්තල උන් ලඟට ආවලු..ඇවිත් එක එකා දිහා මාර බැල්මක් හෙලූ සේකලු.දැං කොල්ලොන්ටත් අප්සට්.අහක යන භූතයෙක්නෙ මේ ඇවිත් රවන්නෙ..ඒත් ඉතින් මොනවා කරන්නද හිතා ගන්න බැරුවලු උන් හිටියෙ..හෙන ගහන්න වගේ එකපාරටම මූ ලාවට හිනවක් දාගෙන කොල්ලො අතරට ඇවිත්............................

(මොකද යකුනේ තොපි හිනාවෙන්නෙ,එහෙම දේකට නෙමෙයි.නොද්දකින් තොපි වගෙ උන් ටිකක්,හැම දේකම වල් සයිඩ් එක නං කිරිස්ටල් කිලියර් නේ තොපිට)

ඔන්න ඉතිං මිල්ටන් අංකල් අරුන් ටික මැදට ඇවිත් දෙන්නෙක්ගෙ කරට අත දාගත්තලු..කොල්ලොන්ට ෆුල් හොල්මන්.මූ මොකාට එන්නද දන්නෙ නෑනෙ හදන්නෙ..මිල්ටා ටිකක් එහෙම ඉඳල හෙමීට කොල්ලෙක්ගෙන් ඇහුවලු............

(තොපි එකෙක් වත් ආයෙ හිනා වෙන්න කට ඇරියොත් !@#$%#@.ඇයි යකුනේ මං මේක කියනකං හිටහල්ල,වල් කතාවක් නෙමේ බොල)

"මොකෝ කොල්ලො ක්ලාස් කට් කරා නේද"
කියල.අපේ මේ කොල්ලො ටික හරීඊඊම සත්‍යවාදී අවංක සාධාරණ,බූට් නොකාපු උං ටිකක්නෙ.ලොල්!
ඉතිං උං ඇත්තම කිව්ව.
"ඔව් අංකල්..ක්ලාස් එක මාර චාටර්,ඉතින් අපි පොඩ්ඩක් ස්වාභාවික සෞන්දර්ය බලන්න ආව"
තවත් එකෙක් මැදට පැන්න,ඌටත් ඕන වුනා පොර වෙන්න.
"අනික අපි මේ පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයිනෙ අංකල්"
මිල්ටන් හිනා වුනා..
ඊටපස්සෙ පොර කියනව.
"ඇයි මේ පුතාල ක්ලාස් කට් කරන්නෙ,ආ?ඕගොල්ලො නේද මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න අය.ඇයි ඉගෙනගන්න එක මඟ අරින්නෙ?ඇයි අම්මල තාත්තලව රවට්ටන්නෙ?ඇයි මේ වගේ දේවල් කරන්නෙ?බලන්න විභාගෙට තව මාස කීයද?පාඩං කරන්න කොච්චර දේවල් තීනවද?හොඳට එක්සෑම් පාස් වෙලා කැම්පස් ගිහිං ලස්සන ගෑනු ළමයෙකුත් යාලු කරගෙන බැරිය ඕනනං මෙහෙම ජොලියෙ ඉන්න..දැං කරන්න තීන්නෙ ඉගෙනගන්න එක,පුතාලට තේරුනාද.....?"
කොල්ලො ටික මඤ්ඤං වෙලා දැන් නං.හැබයි එකෙකුට හොඳට මීටර් වෙලා තිබ්බලු අර ගෑනු ළමයෙක් ගැන කෑල්ල.පොර අහනවලු,
"මොකක්ද අංකල් අර ගෑනු ළමයි ගැන කිව්වෙ?මොකක් හරි කේස් එකක්ද?"
මිල්ටන් කියනව
"න් න්න් නෑ නෑ පුතා..එහෙම නෑ.කවුද කැමති ලස්සන ගෑනු ළමයෙක් යාලු කරගන්න?"
"අංකල් කපුවෙක්ද?"
අරූ ආයෙත් අහපි.මිල්ටන්ට මල පැන්න.
"නෑ ළමයො,ඔයාල කිසිම කෙනෙක් හොඳ ළමයි නෙමෙයි.ඔයාල මේ ඉගෙනගන්න කාලෙ ඉගෙනගන්න ඕන.මෙහෙම පාරවල් ගනෙ රස්තියාදු වුනොත් නං මුකුත් හරියන එකක් නෑ.ඒ නිසා මේ වගේ වැඩ කරන්න එපා.."
"මුකුත් හරියන එකක් නෑ නේන්නං බං මේ යකාගෙ කට තමා කට.තූ" කියල එකෙක් අනිකගෙ කනට කෙඳිරුව මිල්ටන් කතා කරන අස්සෙම..
"මං කියන්නං වැඩක්..අපි මෙහෙම කරමු.ඔයාල තුන් දෙනාම එන්නකෝ මාත් එක්ක"
කියපු  මිල්ටන් මෑන්ගෙ බයික් එකට නැග්ගලු.
"නෑ නෑ අංකල් අපිට කෑම බීම මුකුත් එපා.කෑම කාපු ගමං අපි පැන්නෙ..එක්කො බයිට් පැකට් එකක් නං තිබ්බත් කමක් නෑ,නේද බං......"
කියල එකෙක් කියපි.
මිල්ටන්ට මේ පාර නං මළේ මළ..
"දැං ඔයාල ඔක්කොම මං කියන දේ අහන්න ඕන.මං මේකෙ ප්‍රින්සිපල්ව හොඳට අඳුරනව.මං කියන විදියට කරේ නැත්නං මං මෙහෙම්මම ගිහින් එයාට කියනව,මොකෝ කියන්නෙ,මං කියන විදියට වැඩ කරනවද?"
ඇත්ත කතාව.පිනාට මූ ගොනා වගේ මැච් වෙන පොර නිසා පිනාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියල හැමෝම දන්නව.මෙයා පිනාගෙ ඔෆිස් එකේ ගොඩක් වෙලාවට ඉන්නව හුඟක් අය දැකල තීනව.ඒ ගැන වෙනමම කතා තියෙනව.මගෙං නං අහන්න එපා.....

කොල්ලො ටිකක් සැලෙන්ඩර් වුණාලු.............
"හරි අංකල් කියන්නෙ අපිට දැං ගෙදර ගිහිං මීට පස්සෙ වළ ගහන්නෙ නැතුව ඉන්න කියලනෙ.ඕ කේ අංකල් ඕන්න එහෙනං අපි ගියා...වරෙං බං"කියල එකෙක් හැදුවෙ අනිත් දෙන්නත් එක්කම එතනිං යන්න.

"නෑ නෑ එහෙම නෙමෙයි.තුන් දෙනාම නගින්නකො බයික් එකට"

"ෂා එළ එළ ෆ්‍රී ට්‍රාන්ස්පෝට් බං"

කොල්ලොන්ට මාර හැපි.තුන් දෙනාම නැග්ග බයික් එකට.
මිල්ටන් බයික් එක කෙලිංම අරං ගියෙ ඉස්කෝලෙට..හිකිස්.

කොල්ලොන්ට මඤ්ඤං..
"මොකක්ද බං ඒ..."
එකෙකුට යාන්තං කියාගන්න පුලුවං වුනෙ එච්චරයි.
"දැං පුතාල ඔක්කොම ඔයාලගෙ පන්තියට යන්න.ගිහින් ඉගෙනගන්න.මං ප්‍රින්සිපල් සර්ව හම්බවෙන්න යනව.."
මිල්ටන් කියපි.
"ඇ ඇයි අංකල් ඒ.."
"නෑ නෑ ඔයාලව අල්ලල දෙන්න නෙමෙයි.වෙන වැඩකට.යන්න පන්තියට"
කියල මිල්ටන් බලං හිටියලු මුං ක්ලාස් එකට යනකම්ම.
ක්ලාස් කට් කරන මේ තුන් දෙනා පීරියඩ් එක මැදදි ආවම වුන දේවල් මං කියන්නෙ නෑ.
ආහ් මේකත් කියන්නංකො.බටපොල මධ්‍ය මහා විද්‍යාලය හෙවත් සෙන්ට්‍රල් එක මිශ්‍ර පාසලකි.ඒ කියන්නෙ එහි කෙල්ලන්ද සිටී..
කොල්ලො තුන් දෙනාට වුනු දේ ගැන ඕන කෙනෙක් ඕන විදියකට හිතා ගන්නෙකයි ඇත්තෙ.මට මොකෝ....................................
විෂ් කරපල්ල,යාඤා කරපල්ල,බෝධි පූජා තියහල්ල කවදාවත් පාරෙදි නම් මිල්ටන්ව හම්බු වෙන්න එපැයි කියල..ඕන්න ෆ්‍රී ඇඩ්වයිස් එකක්.මං යනව,තාම කෑවෙත් නෑ දවල්ට.තිත්ත බේතුත් තීනව බොන්න..ඊක්






26 comments:

  1. හ්ම්ම්.. දිගටම ලියමු. කලු බ්ලැක්ග්‍රවුන්ඩ් එකේ සුදුපාට අකුරු කියවන්න අමාරුයි!

    ReplyDelete
  2. තෑන්ක්ස් මචා..මොකක් කරන්නද බං,වෙන ටැම්පලේට් එකක් හොයාගනෝන.
    නිකමට වගේ අහන්නෙ.උඹ බටපොල නෙමෙයිනෙ?

    ReplyDelete
    Replies
    1. http://btemplates.com/2012/blogger-template-super-master/demo/

      මේක හොඳද? මට නිකම් හිතෙනවා උඹේ එකට හරියයි කියලා. දාල බලපන්

      Delete
    2. තෑන්ක්ස් මචං...
      මං මේකට මොකක්මහරි කරන්නම්කො..හොඳ ටෙම්ප්ලේට් එකක් හොයල දාන්නං.මං උඹෙන් තව උදව්වක් ඉල්ලල ඇති..උඹෙ බ්ලොග් එකේ ෆර්ස්ට් පෝස්ට් එකේ බලපන්.
      (කෝ උඹ අරකට උත්තර දුන්නෙත් නෑනෙ.බටපොල පුරවැසියෙක්ද?)

      Delete
    3. දැං තියෙන විදියත් කියවන්න අමාරුද මචෝ??

      Delete
    4. හරි හරි ලින්ක් ටික දාන්නම්. නෑ බන් බටපොල නෙවෙයි. ගාල්ලේ. ඔව් බන්. කලු බැක් එකේ සුදු අකුරු කියවන්න අමාරුයි. අකුරු කලු තියලා බැක් එක ලා පාටක් ආවම තමයි කරදරයක් නැතුව කියවන්න පුලුවන්. නැත්නම් අකුරු බෝල්ඩ් කරපන්

      Delete
    5. ඒ කියන්නෙ මේකත් කියවන්න අමාරුද?මේ ටෙම්ප්ලේට් එකත් අප්සට් වගේද ?
      ගාල්ල හා බටපොල..එක ලඟමනෙ,හූ දෙකහමාරක දුර ;)

      Delete
  3. චූටි බටපොලයාගේ බ්ලොග්ගුව කියෙව්වෙමි. අන්තර් ජංජාලයේ අප්සැට් ටෝකෙන් ලියනලද මෙයට මම සුබපතමි.උඩ ඇති ඉස්ටෝරිය ද කියෙව්වෙමි.මෙයින් ලංකාවෙ කොල්ලො සෙට් එකෙ ලැජ්ජාවට ඇති අප්සෙට් තත්වය පෙනේ.දැනුවත්ව හෝ නොදැනුවත්ව චූටි බටපොලයා,මේකෙ ලොල්ලොන්ට පොඩි කෝචොක් පාරක් දමා ඇත.ලොල්ලන්ට බිය නොවනු!.ලොල්ලන් ද මේ අප්සැට් සොසඉටියයේම ජීවත් වන සෙට් එකකි.විෂ් කරත් නොකරත්,යාඤා කරත් නොකරත්, බෝධි පූජා කරත් නොකරත්, කොල්ලො මොනව සිතුවත් නැතත් ලොල්ලන්නම් හැමදාම සිටී, හැමදාම හම්බුවේවි.චූටි බටපොලයො ලොල්ලන්ට ගරු කරපන්.

    මීට

    අන්කල්.(මිල්ටන් නෙවයි මෙන්ඩිස්)

    ReplyDelete
    Replies
    1. බටපොලයා ලොල්ලන් දුටු තැන වෙඩි තබනු කියා බෝඩ් එකක් එල්ලාගෙන ජීවත් ඒන එකෙකු නොවේ..
      බටපොලයා ලොල්ලන් දැක ඇත.ඇස්තම කියනවානම් බටපොලයාගේ ඉස්කෝලයේද එකකු සිටියේය.එනිසා බටපොලයා ඇතුලු සහෝදර සෙට් එක ලොල්ලන්ගෙන් ගැලවීමේ හමුදාවක් ලෙස පත් කිරීමට වුවද දක්ෂතාව ඇති සෙටාර් එකකි.නමුත් බටපොලයා තියා මෙලොව කිසිම කොල්ලෙක් ලොල්ලන්ට ගරු කරන්නේ නං නැත..
      ගරු කරනවා තියා සත පහකට ගණං ගන්නේද නැත..
      නමුත් මං දන්නා තරමින් මිල්ටන් අංකල් ලොල්ලෙක් නොවේය.
      කාරුනික ඉල්ලේමකි,මීට පසු කොමෙන්ට් කරනා විට ගූගල් එකවුන්ට් එකකින් ලොගින් වී කොමෙන්ට් කරන ලෙස ඉල්ලමි.ගූගල් එකවුන්ට් එකක් නැති එකෙකු මෙලොව නැති නිසා නෝ එකවුන්ට් කියන්නෙපා හරිය......

      Delete
  4. කොල්ලන් හා කෙල්ලන් ලොල්ලන්ට ගරු කල යුතුය. ලොල්ලන්ට ගරු නොකිරීම මනෝ විද්‍යාවේ සලකන්නෙ හෝමොෆෝබියාව යනුවෙනි. එය ලෙඩකි.

    අන්කල් මෙන්ඩිස්

    ReplyDelete
  5. බටපොලයා ඒ ලෙඩේට කැමතිය..හොමොසෙක්ෂුවල් වෙනවාට වඩා හෝමොෆෝබියාව හොඳය

    ReplyDelete
  6. එසේ නම් උඹ ලෙඩෙකි .

    අන්කල් මෙන්ඩිස්

    ReplyDelete
    Replies
    1. ලෙඩෙකු වුවද බටපොලයා හෝමෝසෙක්ෂුවල් එකෙකු නොවේ,මම ඒ ගැන සතුටු වෙමි

      Delete
    2. බටපොලයා ලෙඩෙකි. ඔබේ කොමෙන්ටුව ලොල් සහගතය.


      අන්කල් මෙන්ඩිස්

      Delete
    3. කෙනෙකු ලෙඩෙකි කියන්නට නම් ඔබේ සෞඛ්‍ය තත්වය එළ විය යුතුය.එසේ නොමැතිව නිකම් ඤාව් කීමෙන් කාටවත් වැඩක් නැත

      Delete
  7. මම සෞඛ්‍ය සම්පන්න මිනිහෙකි. වයසට ගියත්....ඔබට වඩා පරිනත මිනිසෙකි.


    අන්කල් මෙන්ඩිස්

    ReplyDelete
    Replies
    1. හූ ඈ ඒකට නං

      පරිණත වීම විය හැක.නමුත් පරිණැත වූ පමණින් සියල්ල දත් කෙනෙක් විය නොහැක.පරිණාමීය සාදක වලට පරිණත වීම අයත් නැත.නමුත් අත්දැකීම් බහුල බව හා ඔරොත්තු දීමේ හැකියාව,ඕඅනෑම තැනක ලොල් නොවී සිටීමේ හැකියාව වැදගත්ම සාධක වේ

      Delete
  8. මම සියල්ල දත් කෙනෙක් නොවෙමි. පරිණාමීය සාදක වලට පරිණත වීම අයත් වේ. යමක ලොල් සහගත තත්වයන් ඇත් නම් ලොල් නොවි වෙන කුමක් කරම් ද! මට නම් ලොල් බව දැනෙ, නමුත් මම ලොල්ලෙකු නොවෙයි

    අන්කල් මෙන්ඩිස්

    ReplyDelete
    Replies
    1. හැම ලොල්ලාම කියන්නේ තමා ලොල්ලෙක් නොවේ කියාය.පරිණාමීය සාධක වලට පරිණත වීම දැම්මේ කොයි ඩාවින්ද?

      Delete
  9. යමෙකුට ලොල් බව දැනෙ නම් ලොල් නොවි සිටීම අස්වභාවික ය.


    අන්කල් මෙන්ඩිස්

    ReplyDelete
    Replies
    1. ඔබට ලොල්ලෙකු වෙන්නට ඕනෑම නම් මගෙන් කිසිම බාධාවක් නැත.හූ ඈ!!

      Delete
    2. ලොල් වෙන්නට ඕනේ නම් මගෙන් ඊට කිසිම මෙව්වා එකක් නැත.ලොල්ලා ලොල්ලාමය.කොල්ලා ලොල්ලාට යටත් නැත.
      ලොල්ලෙකු වීම්ට බලපාන සාධක විමසා බැලීම වටී

      Delete
  10. බටේපොලයා ගාල්ලේ බටපොල බුවෙක් බව පෙනේ. මමද ඇල්පිටිය ආනන්දෙන් බිහිවූ රෙපෙකි. බ්ලොගේ නම් නැගලා යන බවක් පෙනේ. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔරිමජිනල් ට්‍රැඩිශනල් සෙන්සිටිව් අහිංසක බටපොලයෙකි.. ;)
      ආනන්දේ යනු සිරා ඉස්කෝලයකි.රෙප් සහෝට බොහොම ඉස්තුතියි මේ පැත්තටත් ආවට..
      හැමදාම බටපොලයා හා සිටීවියැයි බලාපොරොත්තු වෙමි

      Delete
  11. දෙයියෝ සාක්කි මේ අපේ ගමේ කොල්ලෙක්නෙ :) මගෙත් මුල්ම ඉස්කෝලේ කල්‍යාණතිස්සේ :)

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි!
      එක ගමේ කෙනෙක් දැක්කමයි බ්ලොග් එකෙ.. :)
      විස්තර ටිකක් කියනවද කැමතිනම්?
      ඉතින් කොහොමද ජීවිතේ?

      Delete

හිතෙන එව්ව ඔක්කොම කොටන්න..