Saturday, July 11, 2015

ඇත්තටම බටයාට වෙච්චි දේ

එකෝමත් හෙන ඈත කාලයේ අවුරුදු දෙකකට විතර කලියෙන් බටපොලයා කියල එකෙක් ලොවෙත් නැති ගොන් ගොබ්බ තකතීරු මොංගල් මෙලෝ රහක් නැති විකාර ලිය ලිය හිටිය..වැඩි දෙනෙක් දන්නෙ නැති වුනාට බටයා පොඩි එකා කාලෙමයි බටයගෙ නැන්දගෙ අතින් කසිප්පු බැරල් එකකට වැටිල තියෙන්නෙ,ඉතින් මූට බොන්න ඕනි වෙන්නෙ නෑ කුපාඩි අයිඩියා ඔලුවට එන්න..හවසට හවසට මේකා බාර් වලට රිංගුවත් මූව දන්න අඳුනන බාර් කීපර්ල එකෙක්වත් මූට බොන්න දෙන්නෙ නැත්තෙ ඒකයි.ඔන්න ඔහොම තියෙද්දි පොඩිකාලෙම මූ කරන මඤ්ඤං වැඩ ඉවසගන්න බැරුව පවුලෙ+ගමේ අය මූව වෙද මහත්තයෙකුට පෙන්නන්න එක්කගෙන ගියා.
නාකි වෙදමහත්තයෙක්ගෙ ගෙදරට එක්කගෙන ගියෙ,උන්නැහෙ මූව පරීස්සා කොරල කිව්ව "මේ දරුවට වැළදිලා තියෙන රෝගය බොහොම බයානකයි,බරපතලයි.මට මේක හොඳ කොරන්න ඇහැකි,නමුත් නෝන මහත්තයො ලේසි නෑ.කල් යනව.."
ඉතිං බටය ගමටම වාතයක් වෙච්චි එකා නිසා ගමේම උදවිය එකතුවෙලා කතා උනා කොච්චර කල් ගියත් කොච්චර වියදං උණත් කමක් නෑ කියල.ඊටපස්සෙ බටයව ඇඩ්මිට් කොලා වෙදමහත්තයගෙ පස්සා පැත්තෙ කාමරේකට.උන්දැ දඩි බිඩි ගාල කොළ ජාති මුල්,මල්,පොතු, එහෙම ඇන්න තම්බලා අඹරලා මිරිකලා බටයගෙ ඔලුවෙ ගැහැව්ව ඉසකුඩිච්චියක් එහෙම.තව උගෙ ඇඟෙ ගෑවා තව ජාති.ඊටපස්සෙ ගමේ උදවිය ආයෙ ගමට ආවලු.

දවස් දෙකක් ගියෙ නෑ වයසක වෙදමහත්තය හති දාගෙන දුවගෙන ආව බටයගෙ ගෙදරට,ඒ කාලෙ ගමේ තිබිච්චි වලව් පැලැන්තියෙ ගෙදරක් තමයි බටයගෙ ගෙදර,වෙද උන්දැ එනකොට වලව්වෙ හිටියෙ බටයගෙ අයිය විතරයි.බටයා වාගෙ නෙවිච්චි මේ ළමයා බොහෝම නිවිච්ච දරුවෙක්.දෙමව්පියොන්ට බොහොම කීකරුව ගමේම මිනිස්සුන්ගෙ ආදරේ තිබිච්චි අවංක නිහතමානී දක්ස දරුවෙක්.වලව් ගෙදර වැඩිහිටියෙක් නැති නිසා බොහොම කල්පනා කොරපු මේ දරුවා වලව් ගෙදර දොරකොඩ ඉඳගෙනයි මේ නන්නාදුනන වයසක පහේ මනුස්සයත් එක්ක කතා කොලේ..

වෙද මහ: "කොයි දරුවො මෙහෙ වැඩිහිටියො?"

අයිය: "දන්නෙ නැ" (මං ලොකු මදිද නාකියො)

වෙද මහ: "අනෙ දරුවො මට මහ නස්පැත්තියක්නෙ ඔය ලමයගෙ පවුලෙන් කොලේ :'( "

අයිය: "ඒ කිමෙක්ද අමුත්තානෙනි? :O" (මොකාටද මූ එන්න හදන්නෙ)

වෙද මහ: "ලමයො මට වැඩිහිටියෙකුටයි කතා කරන්න ඕන"

අයිය: "මම දැං ලොකු ලමයෙක්!" (යකූ මං ලොකූ.....යි )

වෙද මහ: "#$@&$&@#%   (කෑගසයි ) මේ ගෙදර කවුරුවත් නැද්දෝ......"

ඒ සද්දය ඇසී වලව් ගෙදර මෙහෙකාර රැලම එලියට ආ අතර ලජ්ජාශීලී බටයාගේ අයියා ගේ ඇතුලට ගියේය.
මෙහ: "ඇයි?" (මොකද ඩෝ)
වෙද මහ: "මේ ගෙදර වැදගත් කවුරුවත් නැද්ද දෙයියනේ"
මෙහෙ: "ඔහොම හිටියනං,නෝන හාමු නිදි,දැම්ම අවදිවෙන්නෙ නෑ" (මෙහෙ වෙන්නෙ මට ඕනි එව්ව විතරයි ඩො )

වෙද මහ: (අඬන මූණකින්) "මට බොහොම ලොකු නස්පැත්තියක් වෙලා තියෙන්නෙ,අනේ ඒ උත්තමාවිට කියන්න සිරිසෙන්දා වෙද මහත්තය බැහැදකින්න ඇවිදිල්ල කියල" (ආ..ආ..ආ..ආ..ආ..)

මේ සද්දය ඇහිලාද කොහෙදෝ බටයාගේ මව් තුමිය එලියට ආ අතර වෙද මහත්තයා දිගටම අඬා වැටේ.
වෙද මහ: "නෝන මහත්තැන් මගෙ වෙද ගෙදර නවත්තල ආපු අර අසමජ්ජාති නරුම කොලුව මගෙ දූ කුමාරි ඇන්න පැනල ගිහිං අයියූ නෝනේ ඌ..ඌ..ඌ.."
බට: මව්: "මොකක්!!!!!"

ඉන්පසු බටයා සොයා කුදලාගෙන ඒම සහ වෙද මහත්තයාගේ දුව අතුරු ආන්තරාවක් නොමැතිව සොයා ගැනීමේ මහා මෙහෙයුම පටන් ගත්ත.ගම් දෙකේම මිනිස්සු ආව.අරමුණු අතර වෙද මහත්තයගෙ දුව කොහොම හරි හොයාගෙන වෙද ගෙදරට කැන්දං ඒම , පැකින් කැඩීමට පෙර දෙන්නව සොයාගැනීම ,බටයා විසින් උසිගන්නපු වෙද දූ විසින් ගල් කරන ලද වෙද හාමිනේගේ රන් බාන්ඩ එකක් හෝ නැවත සොයාගැනීම හැමෝම කතා කරපු ඒවාය.

අවසානයේ බටයා ගෙදරට දක්කාගෙන එනු ලැබූ අතර ගෑල්ලමයා විසින් කරන ලද සාරීරික හානි වලට වෙද පවුල විසින් රුපියල් හැටක අලාබ මුදල්ද මරනය තෙක් බටයාට නොමිලේ බෙහෙත්ද ලබාදීමට එකඟ වී ගම් දෙකේම මිනිස්සු සතුටින් විසිර යන ලදී.

බටයාගේ අසනීපය මක් උණාදයි වෙද මහත්තයාවත් ඊටපස්සෙ කතා නොකළ බැවින් කිසි කෙනෙක් ඒ ගන දන්නෙ නැත,නමුත් දක්ස දරුවෙකු වූ බටපොලයාගෙ අයියා විසින් ප්‍රකාස කරන්නෙ අසනීපය හොඳ වෙන සීමාවක නැතැයි කියලාය.ඒ දක්ස දරුවා බොරු කියන්නෙ නැති එක ඉර හඳ මෙන් විස්වාසය.

මේ ආකාරයට ගමටත් රටටත් වින කරමින් අපලයක් වූ බටපොලයා හෙවත් බටයා නම් වූ මේ මානසික රෝගී දරුවා පූරුවේ වාසනාවකටදෝ අකුරු ඉගෙනගත්ත,ඉස්කෝලෙ හැම විබාගයක්ම අසමත් වෙච්චි මේ බට දරුව ගෙදරට මෙන්ම ගමටත් පිලිලයක් වුණා,මේ අතර දක්ස විදියට විබාග ඔක්කොම සමත් වුණ බටයාගෙ අයියට පිය තුමානෝ ගෙනත් දුන්න කොම්පුටරයත් මේ නොහැදිණු බට දරුවා බලහත්කාරයෙන් අයිති කරගත්ත,නිතරම ඒ වටිනා යන්ත්‍රය ලඟම ගැවසුනු බටයා ඉන්ටනෙට් කියන එකත් තමන්ගෙ බූදලයක් කරගත්ත.පවුලෙ අයත් පොඩි එකා කියා වගකීම් පැහැර හැරිය නිසා දක්ස දරුවෙකුට ලොකු අසාදාරනයක් තවමත් වෙනබව සැවොම කියති..

මෙවන් අසහනකාරයෙක් වූත් පිස්සෙක් මොංගලයෙක් වූත් බටපොලයා නම් ගංපාලුවා බොලොගයක් ලියන බව අපිට සැලයි.

මේ පිලිබඳව ජනතාව අවදියෙන්!





Tuesday, February 24, 2015

මට සිදු වූයේ කුමක්ද?

දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති,අභීත වීරෝධාර ශ්‍රී ලාංකික පුතණුවකු වූ බටපොලයා නම් මහා විරුවාට සිදු වූයේ කුමක්ද??????







ලඟදීම බලාපොරොත්තුවන්න

Tuesday, July 2, 2013

Wednesday, October 17, 2012

මම ආමි!!!


මම මැරුණේ නැත.!

තව ටික දවසකින් මම නැවත සීන් එකට එන්ටර් වෙමි,
මාගේ මහා මවුල මංගල්‍යයට රෙඩි පිට ඉන්නා ලෙස රටවැසි ජනතාවට මෙයින් දැනුම් දෙමි.....


-චූටි බටපොලයා-

Friday, July 20, 2012

අපෙ අයියාගේ ප්‍රේම පුරාණය I

සීසන් I-එපිසෝඩ් එක (S01E01)



me n big bro




කරදර එනවිට එකපිට එක තෑගිබෝගද නැතුවම එන බැවින් සති කීපයක්ම බටපොලයා බ්ලොග් අවකාශයට ඇබ්සන්ට් පොරක් විය..

සමාව භාජනේකට දානු මැනවි!

බටපොලයා මේ වතාවේ අසරණයා හෙවත් අසාර් ටත් වඩා අසරණ විය :(

සති කීපයක්ම මගේම බ්ලොගයට එන්නට බැරි වුනා පමණක් නොව කිසිම බ්ලොග් එකක් කියවන්නටද බැරි විය..

තව ඉතුරු වෙලා තියෙනවනම් සමාව පොඩ්ඩක් භාජනේට දාන්ට :)
හැකි ඉක්මනින් ඔක්කොම කියවන්නං.....


සති ගානකට පස්සෙ ඇවිත් කියන්නත් දෙයක් තියෙන්න ඕනිනෙ.
මගෙ දුක් කියල වැඩක් නෑ.
ප්‍රශ්න ගොඩක ඉන්න ඔයාලට තව ප්‍රශ්න දාන්න මට ඕනි නෑ.
ඉතින් මට හිතුන මගෙ මාරයාගෙන් පළිගන්න.......
(බ්ලොග් ලියන මාර අයියා නොවන බව කරුනාවෙන් සලකන්ඩ ඈ)

මූ මගේ අයියාය.මොන කරුමෙකට මගේ අයියා වුනාදැයි මට නොතේරේ.......

කොටින්ම කිව්වොත් අපේ අයියා හෙන අපතයෙකි,ගොන් නාම්බෙකි,නැට්ට හැලිච්චි වඳුරෙකි,ප්‍රංශ සැන්ට් පව්ඩර් ගැසූ අමු උරුලෑවෙකි.ගන්ධබ්බ අපදානයෙහි ප්‍රධාන නළුවාද මූය.පාරේ රස්තියාදු ගසන වල්සේශන් බල්ලෝද මූට කතා කරන්නේ "සහෝදරයා" කියාය.මූ උන්ගෙන් වෙනස් වන්නේ ලයිට් කණුවක් දුටු විට කකුල ඉස්සෙන්නේ නැති එකෙන් පමණි.

අපේ අයියා නාන්නේ සිංහල අවුරුද්දේ පරණ අවුරුද්දට නාන එක පමණි.ඌ එය නාන්නේද වතුර බාල්දි දෙකකිනි!

"අරපිරිමැස්ම" කියන්නේ ඒකටලු :O

එකකින් මූණ තෙමාගෙන අනිකෙන් කකුල් සෝදා ගනී,ඉතිං අවුරුද්දේ දවස් 365ම අපෙ අයියා ඒකාකාර වේගයෙන් ගන්දනය වේ.හැතැම්ම සීයක දුරදී පවා ඒ ඉස්මෙල් එකෙන් මූව හඳුනාගත හැක.

ඉතිං මේ වගේ ඉන්න අපෙ අයියා නම් හාල්පාරුවාටද දවසක් පෙම් මල් පූදින්නට පටාන් ඇරන් ඇත..මූ සාමාන්‍යයෙන් මාත් එක්ක හිත හොඳ නැති බැවින් අපි දෙන්නා නෝ ටෝක්ස්ය.
ඒත් දිනක් මූ ගේ පුරාම මාව හොයන්නට විය.

"චූටි මල්ලියෝ!ඒයි කොහෙද ඕයි තමුසෙ ඉන්නෙ..."
මම හිටපු තැනම හිටියෙමි.මට මොකෝ ඕනිනම් ඕනිතරම් හොයපුදෙන්.

මූ ඊළඟට අක්කගෙ කාමරයටද කොහෙදෝ හොම්බ දාන්නට ඇත.
"නංගි කෝ චූටි මල්ලි?"

"කවුද චූටි මල්ලි කියන්නෙ?"
අක්කා අහපි.

"තමුසෙට මං @#$%$#"
හොඳ වැඩේ ඕකට... :ඩී

"අම්මේ කෝ චූටි බූරුවා?"
මූ අම්මගෙනුත් අහගන්නයි යන්නෙ.පව්!
ටික වේලාවක් යනතුරු අම්මාගෙන් උත්තරයක් නැත..ඊළඟට අම්මා අක්කාට කතාකරනු ඇසේ.

"පොඩි දූ මට මතක් වෙන්නෙම නෑනෙ,කවදාහරි මේ ලොකු අයියා කසාද බැන්දද?"

"අපො නෑ,පිස්සුද අම්මෙ..මේ ඉන්නෙ තවම පොල් පරාලෙ වාගෙ,ඇයි එහෙම ඇහුවෙ?"

"නෑ මූ චූටි බූරුවෙක් හොයනවා,කසාද නොබැඳ ලමයි හම්බු වෙන්නෙත් නෑනෙ..
පිස්සු හැදීගෙන එනවද කොලුවො ඈ?"

මේවා ඇසෙන මට මාර හැපීය.මූ අද අඬන සයිස්ය.

"මොකක් කියවනවද මන්දා,මං ඇහුවෙ චූටි මල්ලි ගැන.මොකක් හරි ඇහුවමත් හොඳ නෑ.හ.....!! "

දැංනං අනිවා අඬනවාමය..කෝ අඬපියෝ.. :D
මම කටද ඇරගෙන ඌ අඬන හඬ ඇසෙනතුරු සිටියෙමි.ඒත් අම්මා ඒ වැඩේ කෑවේය..

"අර ඉන්නෙ කාමරේ..ඒ ළමයට හරියට වැඩ!"

මම හැමෝටම හොඳ ළමයාය ;)

"ඕයි මල්ලි තමුසෙට කතා කරන්න බැයිද ඕයි....."අයියා තාම අඬාගත්තු ගමන්ය.

"මාව අඳුනනවද?"

"පිස්සු කෙළින්න එපා ඕයි,වැඩක්ද කියනවා"

"මොකෝ?"
මම මුකුත් නොදන්න තොත්ත බබා වාගේ ඇසුවෙමි.

"මෙහෙම කියන්න බෑ.මට ලොකු හෙල්ෆ් එකක ඕනි,අම්මයි නංගියි නැති පැත්තකට එනවා"


"යං ගෝල්ෆේස්...! "

"තොට පයිත්තියන්ද යකො @#$%^&"

"ඉතිං වෙන කොහෙ යන්නෙයි මට කියන්නෙ ඈ?තමුසෙම කියනවකො බලන්න"

"හවසට බෝල් ගහන්න එනවා,පිට්ටනියෙදි කියන්නං"

"ඒ මේ මට කෙළවෙන වැඩ නං මං නෑ ඕවට හරිය..තමුසෙ තනියම ඕන බම්බුවක් ගහගන්නව එව්වට නං"
මූ ළඟින් ගියත් ඇතිය,මට සුමානෙකට අපලය.....

"නෑ නෑ,මේ වෙන එකක්,හවසට එනවා,මං කියන්නං..."
ටිකෙන් ටික ගඳ අඩුවිය.සුවර් එකටම අයියා කාමරයෙන් අවුට්ගොයින් වන්නට ඇත.දැංවත් හුස්ම ගත යුතුය!

මට හිතාගත නොහැකි වූයේ මේ යකාට හදිසියේ මල්ලී ගැන ඇතිවූ මෙව්වා එකය.වෙනදාට මූට මාව පේන්න බැරිය.ඒත් අද ඇවිත් උදව් ඉල්ලා දෙපරන්දෙපල්ලේ වැඳවැටී අඬයි..මුකක් හෝ හෙනම හෙන කෙළියක් සුවර් එකටම වී ඇත,නැත්නම් වෙන්නට යයි.මොනවා වුනත් මූ ඇඬූ විදියට නම් මගේ හෘදය වස්තුව මාගරින් වාගේ උණුවී දියවී වැගිරී ගියේය..(බටර්ද මන්දා එහෙම වෙන්නෙ? :O , දෙකෙං එකක් ඈ!)

කමක් නෑ.ඉස්සෙල්ල ගිහිං අහල බලන්න ඕනි සීන් එක මුකක්ද කියල,කෙළවෙන වැඩක් නං එතනින් වාස්ප වෙන්ඩනෙ තියෙන්නෙ නේ?

කිව්ව විදියටම මාත් හවස ගිහින් පිට්ටනිය පැත්තට හොම්බ දැම්මා ටිකක්,අපේ අයියා අද සෙල්ලං කරන්නෙත් නැතුව ගහක් යටට වෙලා හෙන කල්පනාවක!


මට දැන් සුවර්..කෙළවෙන්ඩමයි යන්නෙ!!!


පොර මාව දැක්කා..මං ඉන්න පැත්තට රොකට් එකක් වාගෙ දුවගෙන ආව.

"මොකෝ එන්න කිව්වෙ?"

"චූටි මල්ලි,මට තමුසෙගෙන් ලොකු උදව්වක් ඕනි ඕයි......."

"හොර පොල් කඩන්නද?"

"නෑ නෑ මට............"

"බුද්ධ පූජාව හොරාට කන්නද?"

"නෑ නෑ...."

"කාගෙ හරි හොම්බට හැටක් අනින්නද?"

"නෑ ඕයි මට මේ......."

"තමුසෙ හරක් හොරකමේ ගිහින් අහුවුනාද?"

"මෝල්ද ඕයි මේක වෙන......"

"හා!තමුසෙ හොරාට කසිප්පු පෙරුවා , නේ?දැං කාටහරි මාට්ටු?"

"මොකෙක්ද මේ?ඕයි තමුසෙට පිස්සුද?"

"නෑ!"
මම හෙන ආඩම්බරයෙන් ප්‍රකාශ කළෙමි..

"ඉස්සෙල්ල අහගන්නවා මම කියන දේ,පිස්සු විකාර කියවන්නෙ නැතුව...."

"හරි හරි කියනවා ඉතිං..මට වැඩ තියෙනවා"
චාන්ස් එකක් ආ විට මූව මැඩවීමේ පරම පිවිතුරු අදහස අතුරුදහන් වීමට ඉඩ දිය නොහැක්කේ ඇයි?
අයි ඩෝන්ට් නෝ වයි..

"මෙහෙමයි,පොඩි සීන් එකක් මේක..තමුසෙ දන්නවනෙ අතුල අයියව?"

"ඔව් ඉතිං?"

"එයාගෙ තාත්ත කසාද බැඳල ඉන්නෙ......"

"ඒක අහන්නද එන්න කිව්වෙ?අතුල අයියගෙ තාත්ත කසාද බැඳල තියෙන්නෙ අතුල අයියගෙ අම්මවනෙ ඕයි!
වැඩේ ගොඩනෙ?මම ගියා.."
මම වාඩි වී සිටි කොටයෙන් නැගිට්ටෙමි.

"තමුසෙලා වගේ මල්ලිලා @#$%........"

"ලැබෙන්න ආනන්තරීය පිංස් කරල තියෙන්න ඕනි.හරි හරි තැංකූ කියන්න ඕනි නෑ.මං යන්නෙයි?"

"ඒකට නෙවි එන්න කිව්වෙ"
අයියාගේ මූණ බුල්ඩෝසරයකට අහු වෙච්චි කජු ලෙල්ලක් වාගේ වී ඇත.

"හෑ ඒකට නෙමෙයිද.....?"

"වාඩි වෙලා අහගන්නව ඉස්සෙල්ලා,අතුල අයියගෙ තාත්ත කසාද බැඳල ඉන්නෙ අම්පාර පැත්තෙන්නෙ...
ඉතිං අම්පාරෙ ඉඳන් ඉගෙන ගන්න අමාරුයිලු.ඒ ඇන්ටිගෙ නංගිගෙද කොහෙද අර.......අ......අ........මේ......අර............................."

"දැංම යයිද?නැත්තං අර අතන ටොයිලට් එකක් තියෙනවා,ගිහින් ඉක්මනට එනවා,මං මෙතන ඉන්නං!"

"නෑ නෑ එහෙම අවුලක් නෙවි,ඒ ඇන්ටිගෙ නංගිගෙද කොහෙද දූ.......අ..අ....මෙහෙට ඇවිත් මෙහෙ ඉඳං ඉස්කෝලෙ යන්න..අ...අ........"

"ඉතිං?"

"නෑ මං කියන්නෙ මේ..ඒ ගෑණු ලමයා මේ....."

"තමුසෙට දැක්කම කිරි දෙන්න හිතුණද?ඒක කරන්න එයාට අම්ම කෙනෙක් ඉන්නවනෙ,නිකං #$%@ නොදී ඉන්නවකො"

"නෑ නෑ ඕයි,මොකක් වුනත් ලස්සන කෙල්ල නේ?"

"නරකම නෑ.."
මම ලාවට උත්තරයක් දී මඟ ඇරියෙමි.මූ මේ මොකාටද එන්න හදන්නෙ!

"මට ඒකිට හිත ගියා මල්ලි!"


"හත්තිලව්වයි.............!!!"

TO BE CONTINUED....



(හිතුවාට වඩා කතාව දිග වූ බැවින් හැමෝම කරන්නාක් මෙන් මමද මෙය මෙතැනින් නවත්තමි..
එපිසෝඩ් එක (EPISODE 1) ඉවරය.
එපිසෝඩ් ටූ ඊළඟට බලාපොරොත්තු වන්න ඈ! )

මතු සම්බන්ධයි....................