Saturday, July 11, 2015

ඇත්තටම බටයාට වෙච්චි දේ

එකෝමත් හෙන ඈත කාලයේ අවුරුදු දෙකකට විතර කලියෙන් බටපොලයා කියල එකෙක් ලොවෙත් නැති ගොන් ගොබ්බ තකතීරු මොංගල් මෙලෝ රහක් නැති විකාර ලිය ලිය හිටිය..වැඩි දෙනෙක් දන්නෙ නැති වුනාට බටයා පොඩි එකා කාලෙමයි බටයගෙ නැන්දගෙ අතින් කසිප්පු බැරල් එකකට වැටිල තියෙන්නෙ,ඉතින් මූට බොන්න ඕනි වෙන්නෙ නෑ කුපාඩි අයිඩියා ඔලුවට එන්න..හවසට හවසට මේකා බාර් වලට රිංගුවත් මූව දන්න අඳුනන බාර් කීපර්ල එකෙක්වත් මූට බොන්න දෙන්නෙ නැත්තෙ ඒකයි.ඔන්න ඔහොම තියෙද්දි පොඩිකාලෙම මූ කරන මඤ්ඤං වැඩ ඉවසගන්න බැරුව පවුලෙ+ගමේ අය මූව වෙද මහත්තයෙකුට පෙන්නන්න එක්කගෙන ගියා.
නාකි වෙදමහත්තයෙක්ගෙ ගෙදරට එක්කගෙන ගියෙ,උන්නැහෙ මූව පරීස්සා කොරල කිව්ව "මේ දරුවට වැළදිලා තියෙන රෝගය බොහොම බයානකයි,බරපතලයි.මට මේක හොඳ කොරන්න ඇහැකි,නමුත් නෝන මහත්තයො ලේසි නෑ.කල් යනව.."
ඉතිං බටය ගමටම වාතයක් වෙච්චි එකා නිසා ගමේම උදවිය එකතුවෙලා කතා උනා කොච්චර කල් ගියත් කොච්චර වියදං උණත් කමක් නෑ කියල.ඊටපස්සෙ බටයව ඇඩ්මිට් කොලා වෙදමහත්තයගෙ පස්සා පැත්තෙ කාමරේකට.උන්දැ දඩි බිඩි ගාල කොළ ජාති මුල්,මල්,පොතු, එහෙම ඇන්න තම්බලා අඹරලා මිරිකලා බටයගෙ ඔලුවෙ ගැහැව්ව ඉසකුඩිච්චියක් එහෙම.තව උගෙ ඇඟෙ ගෑවා තව ජාති.ඊටපස්සෙ ගමේ උදවිය ආයෙ ගමට ආවලු.

දවස් දෙකක් ගියෙ නෑ වයසක වෙදමහත්තය හති දාගෙන දුවගෙන ආව බටයගෙ ගෙදරට,ඒ කාලෙ ගමේ තිබිච්චි වලව් පැලැන්තියෙ ගෙදරක් තමයි බටයගෙ ගෙදර,වෙද උන්දැ එනකොට වලව්වෙ හිටියෙ බටයගෙ අයිය විතරයි.බටයා වාගෙ නෙවිච්චි මේ ළමයා බොහෝම නිවිච්ච දරුවෙක්.දෙමව්පියොන්ට බොහොම කීකරුව ගමේම මිනිස්සුන්ගෙ ආදරේ තිබිච්චි අවංක නිහතමානී දක්ස දරුවෙක්.වලව් ගෙදර වැඩිහිටියෙක් නැති නිසා බොහොම කල්පනා කොරපු මේ දරුවා වලව් ගෙදර දොරකොඩ ඉඳගෙනයි මේ නන්නාදුනන වයසක පහේ මනුස්සයත් එක්ක කතා කොලේ..

වෙද මහ: "කොයි දරුවො මෙහෙ වැඩිහිටියො?"

අයිය: "දන්නෙ නැ" (මං ලොකු මදිද නාකියො)

වෙද මහ: "අනෙ දරුවො මට මහ නස්පැත්තියක්නෙ ඔය ලමයගෙ පවුලෙන් කොලේ :'( "

අයිය: "ඒ කිමෙක්ද අමුත්තානෙනි? :O" (මොකාටද මූ එන්න හදන්නෙ)

වෙද මහ: "ලමයො මට වැඩිහිටියෙකුටයි කතා කරන්න ඕන"

අයිය: "මම දැං ලොකු ලමයෙක්!" (යකූ මං ලොකූ.....යි )

වෙද මහ: "#$@&$&@#%   (කෑගසයි ) මේ ගෙදර කවුරුවත් නැද්දෝ......"

ඒ සද්දය ඇසී වලව් ගෙදර මෙහෙකාර රැලම එලියට ආ අතර ලජ්ජාශීලී බටයාගේ අයියා ගේ ඇතුලට ගියේය.
මෙහ: "ඇයි?" (මොකද ඩෝ)
වෙද මහ: "මේ ගෙදර වැදගත් කවුරුවත් නැද්ද දෙයියනේ"
මෙහෙ: "ඔහොම හිටියනං,නෝන හාමු නිදි,දැම්ම අවදිවෙන්නෙ නෑ" (මෙහෙ වෙන්නෙ මට ඕනි එව්ව විතරයි ඩො )

වෙද මහ: (අඬන මූණකින්) "මට බොහොම ලොකු නස්පැත්තියක් වෙලා තියෙන්නෙ,අනේ ඒ උත්තමාවිට කියන්න සිරිසෙන්දා වෙද මහත්තය බැහැදකින්න ඇවිදිල්ල කියල" (ආ..ආ..ආ..ආ..ආ..)

මේ සද්දය ඇහිලාද කොහෙදෝ බටයාගේ මව් තුමිය එලියට ආ අතර වෙද මහත්තයා දිගටම අඬා වැටේ.
වෙද මහ: "නෝන මහත්තැන් මගෙ වෙද ගෙදර නවත්තල ආපු අර අසමජ්ජාති නරුම කොලුව මගෙ දූ කුමාරි ඇන්න පැනල ගිහිං අයියූ නෝනේ ඌ..ඌ..ඌ.."
බට: මව්: "මොකක්!!!!!"

ඉන්පසු බටයා සොයා කුදලාගෙන ඒම සහ වෙද මහත්තයාගේ දුව අතුරු ආන්තරාවක් නොමැතිව සොයා ගැනීමේ මහා මෙහෙයුම පටන් ගත්ත.ගම් දෙකේම මිනිස්සු ආව.අරමුණු අතර වෙද මහත්තයගෙ දුව කොහොම හරි හොයාගෙන වෙද ගෙදරට කැන්දං ඒම , පැකින් කැඩීමට පෙර දෙන්නව සොයාගැනීම ,බටයා විසින් උසිගන්නපු වෙද දූ විසින් ගල් කරන ලද වෙද හාමිනේගේ රන් බාන්ඩ එකක් හෝ නැවත සොයාගැනීම හැමෝම කතා කරපු ඒවාය.

අවසානයේ බටයා ගෙදරට දක්කාගෙන එනු ලැබූ අතර ගෑල්ලමයා විසින් කරන ලද සාරීරික හානි වලට වෙද පවුල විසින් රුපියල් හැටක අලාබ මුදල්ද මරනය තෙක් බටයාට නොමිලේ බෙහෙත්ද ලබාදීමට එකඟ වී ගම් දෙකේම මිනිස්සු සතුටින් විසිර යන ලදී.

බටයාගේ අසනීපය මක් උණාදයි වෙද මහත්තයාවත් ඊටපස්සෙ කතා නොකළ බැවින් කිසි කෙනෙක් ඒ ගන දන්නෙ නැත,නමුත් දක්ස දරුවෙකු වූ බටපොලයාගෙ අයියා විසින් ප්‍රකාස කරන්නෙ අසනීපය හොඳ වෙන සීමාවක නැතැයි කියලාය.ඒ දක්ස දරුවා බොරු කියන්නෙ නැති එක ඉර හඳ මෙන් විස්වාසය.

මේ ආකාරයට ගමටත් රටටත් වින කරමින් අපලයක් වූ බටපොලයා හෙවත් බටයා නම් වූ මේ මානසික රෝගී දරුවා පූරුවේ වාසනාවකටදෝ අකුරු ඉගෙනගත්ත,ඉස්කෝලෙ හැම විබාගයක්ම අසමත් වෙච්චි මේ බට දරුව ගෙදරට මෙන්ම ගමටත් පිලිලයක් වුණා,මේ අතර දක්ස විදියට විබාග ඔක්කොම සමත් වුණ බටයාගෙ අයියට පිය තුමානෝ ගෙනත් දුන්න කොම්පුටරයත් මේ නොහැදිණු බට දරුවා බලහත්කාරයෙන් අයිති කරගත්ත,නිතරම ඒ වටිනා යන්ත්‍රය ලඟම ගැවසුනු බටයා ඉන්ටනෙට් කියන එකත් තමන්ගෙ බූදලයක් කරගත්ත.පවුලෙ අයත් පොඩි එකා කියා වගකීම් පැහැර හැරිය නිසා දක්ස දරුවෙකුට ලොකු අසාදාරනයක් තවමත් වෙනබව සැවොම කියති..

මෙවන් අසහනකාරයෙක් වූත් පිස්සෙක් මොංගලයෙක් වූත් බටපොලයා නම් ගංපාලුවා බොලොගයක් ලියන බව අපිට සැලයි.

මේ පිලිබඳව ජනතාව අවදියෙන්!