Wednesday, May 2, 2012

මැයි දිනය...

මැයි දිනය ගැන මට හිතෙන හැටි



මා අසා ඇති හැටියට මැයි දිනය යනු කම්කරුවාගේ දිනය ය.එදාට ඔවුන් විසින් තම වාර්ගිකයන් විසින් ඔවුන් වෙනුවෙන් අතීතයේ කරන ලද ක්‍රියා සිහි කරති.ඔවුන්ගේ ගුණ ගයා සියලු කම්කරුවන් වෙනුවෙන් සිදු කළ පරිත්‍යාගයන් වෙනුවෙන් අනුස්මරණය කෙරෙති..ඒ මා අසා ඇති ආකරයටය..බොහෝ කලකට පෙර මැයි දිනයක් ගැන..
නමුත් ලඟකදී සිට මැයි දිනය අප්ඩේටඩ් වී ඇත.අලුත් අවුරුද්ද මෙන් සියල්ලෝම සමරන උත්සවයක් වී ඇත.මැයි දිනයේ මේන් ඉවෙන්ට් එක පෙළපාලි යාමය.නමුත් පෙළපාලි යන්නේ අප සැවොම දන්නා "කම්කරුවා" නොවේ.ඔවුන් හැර අනෙක් සියල්ලෝම එහි සිටිති.රටේ මැයි දිනය සමරන්නේ ස්ථාන 3කදී පමනි..ඉන් එපිට මැයි රැලි නැත.එම තැන් 3 දී සිදු වන එකක්වත් කම්කරුවාට ඕනෑ කරන දේවල් ලිස්ට් එකේ නැත.සමහර රැළි වලදී නම් කෑම එකක් ලැබේ.එය නම් වටී..මැයි රැළියක් යනු ප්‍රධාන වශයෙන්ම පෙළපාළියක් යාමය.මහ පාරේ පක්ෂයේ පාටින් යුත් බැනර් උස්සා ගෙන,සටන් පාඨ කියමින් යා යුතුය.ආණ්ඩු පක්ෂයේ හැර අනෙක් ඒවායීදී නම් ආණ්ඩුවට එරෙහි ටෝක් පමණි.ආණ්ඩු පක්ශයේ එකේ එය නැත.එහි ඇත්තේ රට දැන් සිරා පෙලේස් එකක් වී ඇති බවය.මැක්සා පාරවල් හා හයි වේ ඇති බවය.පෙළපාළිය අවසන් වූවාට පසු කොහේ හෝ මහා පිට්ටනියක ජාතිය ඇමතීමක් සිදු වේ.මෙය සිදු වන්නෙ එක් එක් පක්ශයේ ප්‍රධානියෙකු විසිනි.ඉන්පසු කම්කරු දිනය අහවරය.සියල්ලෝ සතුටින් විසිර යා යුතුය..

මැයි දිනයෙන් කම්කරුවා ලබන කජ්ජ ඔච්චරය..පසුදා සිට නැවතත් පරණ පුරුදු දුක් කන්දරාවට මුහුණ දිය යුතුය..මුට්ට කර ගහන එකා මැයි දිනයෙන් පසු මුදලාලි වෙන්නේ නැත.ඔහු හැමදාම මුට්ට කරගැසිය යුතුය.
මැයි දිනය ගැන නියම "කම්කරුවකු" කළ කතාවක් ඊළඟට පල කිරීමට සිතා සිටිමි.......

Tuesday, May 1, 2012

හිත

අද මොනාවත් ලියන්න හිතට හරි නෑ වගේ..
හිතට මොනා වෙලාද කියල හිතවත් දන්නෙ නැතුව ඇති........
:'(

Monday, April 30, 2012

සඳුදා ගැන ලියමි

ඳුදා යනු සතියේ විකාරම දවසය..එදාට හැම දෙයක්ම කනපිට පෙරලී යයි.උදේ නැගිට්ට විට වෙන ලෝකෙකට ඇවිත්දෝ සැක හිතේ.සෑම දෙයක්ම මඤ්ඤං වී ඇතැයි දැනේ..මේ ඉලව් ඔරලෝසුව හොයාගත් එකා අහුවූවොත් එවෙලේම මරන්නෝන වැනි පිං සිතුවිලි උදේ පාන්දර පහල වේ.වෙනදාට ආලෝක වර්ෂ ගණනාවක් දිග රාත්‍රිය ඇහැ පියවෙන්නටත් පෙර ගෙවී අවසන් වී ඇති බවක් දැනේ.වෙනකක් තියා ඇඳෙන් බහිනා පැත්ත හොයන්නටත් බැරිය..සමහර විටකදී ඇඳෙන් බැස්සාම තියෙන්නේ පොළවදැයි සුවර් නැත..වළක් තිබ්බොත්???ඒකට වැටුනාම ගොඩ එන්නෙ කොහෙන්ද,ඒ වළේ වැම්පයර්ලාත් ඉඳීවිද කියා සැකය..එහෙම හිටියොත් බටපොලයාද වැම්පයර් නායකයෙක් වීමට බැරි නැත..එහෙම වූ විට ඩ්‍රැකියුලා හොයාගෙන උගේ බෙල්ල මිරිකා වයිෆ්ලා 1000ම මගේ අන්තඃපුරයට සෙට් කර ගත හැක.එවිට මුළු ගණන 2000කි..වැඩි නැත,වැඩි නැත!
ඊළඟට ඇත්තේ උන්ගේ රෙසිඩන්ට් ප්ලේස් එක සෙට් කිරීමය..දියවන්නා ඔය මැද මැක්සා තැනක් ඇත..එය සෙට් කරමි...ඒ උනාට උන් එකා එකා කෙළගන්න පටන් ගනීද දන්නෙ නෑ.ගෑනුනෙ මුං මොක උනත්.ඒ නිසා වෙන වෙනම සෙක්ටර්ස් වලට දාල ගාර්ඩ් කෙනෙක් දැම්මම හරි.මට ඕන වුන වෙලාවට ඕන කෙනෙක්ව ගෙන්න ගන්න බැරිය..( ලොල් )කොහොම නමුත් පරෙස්සම් විය යුතුය.ඩ්‍රැකියුලාට කෙළවූයේත් ගවුමක් නිසාලු.බටපොලයාට ජින්ස් එකක් නිසා කෙල වීමට බැරි නැත.ජින්ස් ඇඳීම තහනම් කරොත් මුං උපවාස කරයි.එනිසා මොකුත් නොකිය ඉන්න එක ඇඟට ගුණය....
අවුරුද්දට ඕනේනම් අවුරුදු කුමාරි තරඟයක්ද පැවැත්විය හැක.විනිශ්චය මංඩලේට නං මොකෙක් හෝ ඇමතියෙක් ගෙන්නා ගත යුතුය..අවුරුදු කුමාරිය වූ කෙනාට තෑගි ලෙස රට සවාරියක් ලබා දී මමද ඈ සමඟම රට යමි..එයාර්පෝට් එකේදි පිරිත් නූලක්ද ගැටගසා ගත යුතුය.එවිට මැච් එක දිනිය හැක.ප්ලේන් එකේ යාම භයානක විය හැක(ගෑනුත් එක්ක කොහේ ගියත් එහෙම තමා).ප්ලේන් එක කඩං වැටුනොත්??අහස කඩාගෙන මාව බිමට වැටේවි..අන්තිමට අත පය කඩාගෙන ඇඳේම ඉන්න වේවි....හෆෝයි!!!!
මට බෑ ඇඳේ ඉන්න එහෙම..නැගිටිනව නැගිටිනවාමයි කියල හිතල මම නැගිටිය යුතුය.අනාථ මාරුතේ හංතානට ඇවිත් තියෙන කොටත් ඔබෙ දෑසෙ පෙම් සිනා තිබ්බ වගේ ඒක..මම නැගිටිනවාමයි කියල හිතල නැගිටින්න හැදුව විතරයි මාව ඇදගෙන වැටුන වගේ දැනුන..ඇහැ ඇරල බැලින්නම් මම ඇඳෙන් බිමට වැටිල..
ඔන්න ඔහොමයි මම සඳුදට දවස පටන් ගන්නෙ..අරයා(චතුරිකාද කවුද ඉන්නෙ,ආන්න එයා)වගේ නස්ට-මෝල් බීල නෙමේ..



දැං හිතෙන දෙවල් මෙතනින් ලියන්න..හොඳින් කියනවානම්,

" අඩෝ ලිව්වේ නැත්නම් කපනවා ඩෝ "

Sunday, April 29, 2012

අද මට වෙච්ච සීන් එක......

ඉරිද දවස කියන්නෙ කම්මැලියාගෙ දවසලු..සෝ මමත් ඉතින් අද දවල් වෙනකම් දොයියන්නයි ප්ලෑන් කරේ..ඒ උනාට අද මම උදේ 6 වෙනකොට ඇහැරිල..සීන් එක මේකයි..........................

මම ඉතින් මැක්සා හීනයක් දැක දැක හිටියේ.එකපාරටම මගේ ඇඳ යටින් ටොක් ටොක් ගාන සද්දයක් ආව,මට යන්තමට හීනෙන් වගේ ඇහුනෙ..(හීනෙ කෑල්ලක් නෙමෙ).මම එහෙමම ඔලුව දාල ඇඳ යට බැලුව.බල්ලෙක් ඉන්නව නැට්ට ලාවට වන වන..හා බල්ලෙක්නෙ කියල හිතල මං අයෙත් ඇහ පියාගත්ත විතරයි  මට මතක් වුනා මේකා මගෙ සහො නෙමෙ නේද කියල..ඇඳෙන් බැහල බැලුවම සීන් එක ඩේන්ජර්..මෙ ඉන්නෙ අල්ලපු ගෙදර පොර..මං ඇඳෙන් බහල ඌට කිව්ව දැන් උදේ වෙලා.පල මස්සිනේ කියල.කොහෙද මූ නැට්ට වනනව විතරයි....ඒත් ඇස් වලින් නම් පේන්නේ මූ හොඳටම බය වෙලා ඉන්නෙ කියලා .මට නෙමේනෙ බය මේකා. සුවර් එකටම අදත් අර යකා a.k.a එහා ගෙදර මෑන් මූට තඩිබාන්න පටන් ගන්නැති..මට පව් කියල හිතුනා..පව් වුනාට ඉතින් මේ යකාව ගේ ඇතුලෙ තියාගන්නත් බෑනෙ.මට පැහැරගැනීම් චෝදනා ඒවි..
මං නොවඳිනා වැඳුම් වැන්ද මූව එලවගන්න.ඒත් යන්නෙම නෑ.දැන් මොකෝ කරන්නෙ අපෙ ගෙදර අයට අහු උනොත් නං මූටයි  මටයි දෙන්නටම කන්නයි වෙන්නෙ..හෙමීට ටැෆ් එකෙං වතුර බාල්දියක් අරං ඇවිත් ඇඳ යටට දමල ඇරිය..එපාර නම් වැඩේ ගොඩ.යන්නං මචෝ කියලවත් නොකියම දිව්ව..දැන්  ඉතින් මුගේ ඉස්මෙල් එක යවන්නත් එපාය..මං තාම නිදි මරගාතෙ..හීනෙ එපිසොඩ් ලාවට ලාවට තාම පේනව...
මැරිල හිටියත් බටපොලයෝ දස්සයි කියන්නෙ බොරුවටෙයි..හොයාගත්ත හඳුන් කූරක්..ඇඳ ගාව පත්තු කරා..වතුර දාපු ටිකක් ලොකු ජොග්ගුවක් තිබ්බ කාමරේ.ඒක බිම පෙරලල වතුර හැලුව ඇඳ  යටටත් යන්නම..ඊට පස්සෙ වැනි වැනි එලියට ගිහිං කොස්සක් හොයාගත්ත.ඉහිරුන වතුර පිහිදාලා කාමරේ ක්ලීන් කරන එක බොරුවට පෙන්නල හිමීට තව වතුර ගෙනත් කාමරේ හේදුව..අන්තිමට ඔක්කොම වතුර අයින් කරල වෙලාව බැලුවම උදේ 9යි.ඕන්න කොහෙවත් ඉන්න ටොමියෙක් නිසා මට වෙච්ච දේ...ඒ උනාට කමක් නෑ..ඌ ගුටි නොකා බේරුනානෙ කියල මං හිත හදාගත්ත.....
පස්සෙ මං හිමීට අම්මගෙන් ඇහුව ඇයි ඒ බල්ලට හැමදාම ඔය විදියට ගහන්නෙ කියලා..ඒ අහිංසක සතාගෙ කකුලෙ තුවාලයක් තියෙනවලු.ඒක නිසා දැන් අල්ලපු ගෙදර එවුන් බල්ලව අතෑරලලු ඉන්නෙ..මෙහෙමත් කාලකන්නි යක්කු ටිකක්..ඒ අසරනයගෙ ඇස් වල තිබ්බ බැල්ම දකින කිසිම මිනිහෙක්ට පුලුවන්ද සතාට එහෙම අමානුශික විදියට ගහන්න?මැරෙන්න පන අදින කෙනෙක් මාව බේරගන්න කියල කියන ඉල්ලීම වගේ කතාවක් ඒ සතාගෙ ඇස් වල ලියවිලාතියෙන්නෙ..ඒක තමා අම්ම දවස් ගානක් ඌට කෑම දැම්මෙ..මට මේ ගැන නොකිය..මට කිව්වනම් මං අරූට මොනවහරි කියයි කියල වෙන්නැති..ඒ වගේ අපතයෙකුට මොන බම්බුවක් කියන්නද???????
මොනව උනත් ඒ අහිංසකය පව්..ඒ තුවාලෙට බෙහෙත් කරන්න ඕන්නම් රුපියල්2000ක් යයි..මේ වගේ කෝටිපති ඈයොත් ලෝබකම් කරනවනම් බටපොලයා වගෙ දුප්පතෙක් කොහොම ලෝබ වෙන්නෝනද?හුහ්