Wednesday, May 2, 2012

මැයි දිනය...

මැයි දිනය ගැන මට හිතෙන හැටි



මා අසා ඇති හැටියට මැයි දිනය යනු කම්කරුවාගේ දිනය ය.එදාට ඔවුන් විසින් තම වාර්ගිකයන් විසින් ඔවුන් වෙනුවෙන් අතීතයේ කරන ලද ක්‍රියා සිහි කරති.ඔවුන්ගේ ගුණ ගයා සියලු කම්කරුවන් වෙනුවෙන් සිදු කළ පරිත්‍යාගයන් වෙනුවෙන් අනුස්මරණය කෙරෙති..ඒ මා අසා ඇති ආකරයටය..බොහෝ කලකට පෙර මැයි දිනයක් ගැන..
නමුත් ලඟකදී සිට මැයි දිනය අප්ඩේටඩ් වී ඇත.අලුත් අවුරුද්ද මෙන් සියල්ලෝම සමරන උත්සවයක් වී ඇත.මැයි දිනයේ මේන් ඉවෙන්ට් එක පෙළපාලි යාමය.නමුත් පෙළපාලි යන්නේ අප සැවොම දන්නා "කම්කරුවා" නොවේ.ඔවුන් හැර අනෙක් සියල්ලෝම එහි සිටිති.රටේ මැයි දිනය සමරන්නේ ස්ථාන 3කදී පමනි..ඉන් එපිට මැයි රැලි නැත.එම තැන් 3 දී සිදු වන එකක්වත් කම්කරුවාට ඕනෑ කරන දේවල් ලිස්ට් එකේ නැත.සමහර රැළි වලදී නම් කෑම එකක් ලැබේ.එය නම් වටී..මැයි රැළියක් යනු ප්‍රධාන වශයෙන්ම පෙළපාළියක් යාමය.මහ පාරේ පක්ෂයේ පාටින් යුත් බැනර් උස්සා ගෙන,සටන් පාඨ කියමින් යා යුතුය.ආණ්ඩු පක්ෂයේ හැර අනෙක් ඒවායීදී නම් ආණ්ඩුවට එරෙහි ටෝක් පමණි.ආණ්ඩු පක්ශයේ එකේ එය නැත.එහි ඇත්තේ රට දැන් සිරා පෙලේස් එකක් වී ඇති බවය.මැක්සා පාරවල් හා හයි වේ ඇති බවය.පෙළපාළිය අවසන් වූවාට පසු කොහේ හෝ මහා පිට්ටනියක ජාතිය ඇමතීමක් සිදු වේ.මෙය සිදු වන්නෙ එක් එක් පක්ශයේ ප්‍රධානියෙකු විසිනි.ඉන්පසු කම්කරු දිනය අහවරය.සියල්ලෝ සතුටින් විසිර යා යුතුය..

මැයි දිනයෙන් කම්කරුවා ලබන කජ්ජ ඔච්චරය..පසුදා සිට නැවතත් පරණ පුරුදු දුක් කන්දරාවට මුහුණ දිය යුතුය..මුට්ට කර ගහන එකා මැයි දිනයෙන් පසු මුදලාලි වෙන්නේ නැත.ඔහු හැමදාම මුට්ට කරගැසිය යුතුය.
මැයි දිනය ගැන නියම "කම්කරුවකු" කළ කතාවක් ඊළඟට පල කිරීමට සිතා සිටිමි.......

2 comments:

හිතෙන එව්ව ඔක්කොම කොටන්න..