මෙවර පොසොන් පෝයට දින කීපයකට පෙර සිට අපේ ගෙදර අමුතු විය.පෝයටද පන්සලකට නොයන එකා මොකාද එකා කියා කතාවක් ඇත්තේලු.එනිසා කෙසේ හෝ මාව මේ පාර නං පන්සල් යවන්නට ගෙදර ඔක්කොම හෙන පැලෑන් ගසති,රහස් සම්මන්ත්‍රණ තියති.යුධ සාකච්ඡා තබති,රහස් කතා,යටිකූට්ටු වැඩ නං අඩුවක් නැත.මම අඩිය තබා ඇවිද්දේද පරිස්සමෙනි.කෑම කන්නේද රස පරීක්ශක වාර්ථාව ආ පසුවය.නිදියගැනීමට පෙර ජනෙල් දොරවල් වසා ඇඳ අසල උගුල් කීපයක් අටවමි..
මට ෂුවර්ම නැති එකා නම් අපේ අයියාය..වැස්සකටවත් පන්සල් යන්නේ නැති මුත් මාව පන්සල් යැවීමට වැඩිම බැතිබර දායකත්වය ඒ මාර පුත්‍රයාගෙනි.අක්කා සහ මල්ලී නම් මගේ පැත්තේය.මල්ලී මට සපෝට් කරන්නේ විස්සේ චොකලට් හා වොන්ඩර් බාර් ආදිය කෑමට මා හැර වෙන පිලිසරණක් නැති නිසාය..අක්කා සපෝට් කරන්නේ ඇයිදැයි මම දන්නේ නැත.ගුප්ත බැවින් ඔක්කොටම වඩා එයාගෙන් පරිස්සම් වීමටද සිදු වී ඇත.අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වීමට බැරි නැත..අපේ අයියා එහෙම මොලකාරයෙකි.හැබැයි ඌට 2+2 කීයදැයි ඇසූ විට කියවෙන්නේම 6 ය.හරි උත්තරය 5 කියා ඕන පොඩි එකෙක් දනිති..........
අන්තිමට ගෙදර විජාතික බලවේග වල උත්සහය සාර්ථක විය.මට පන්සල් යාමට සිදුවිය.
මියෙම්වා රැකෙම්වා කියා බුදුගුණද සිහිකරගෙන මම පන්සලට ගියෙමි..
බටපොල පන්සලේ ඇති පඩි නැගීමට කිලෝ ජූල් 1200 පමණ වැය වේ..අපරාදෙ කාපු කෑම ටික!
මට ඕන වූයේ ලොවට පෙනෙන්නට මලක් දෙකක් පූජ කර ශේප් වීමටය..එහෙත් මගේ කරුමයට ලොකු හාමුදුරුවෝ මාව දුටු සේක.
"ආ චූටි මහත්තය පන්සල් ඇවිත් තියෙන්නෙ.මොකෝ පාර වැරදුණා වත් ද?"
"න් නෑ නෑ අපෙ හාමුදුරුවනේ..ම මම මේ...මම මේ නිකම් ආව.."මට කියැවිණ.
මේ වගේ අවස්ථාවලදී සියලු පද්ධති ක්‍රියා විරහිත වී යාම සාමාන්‍ය දෙයකි.මගේද රැම් එක පවා අප්සට් ගියේය.
"චූටි මහත්තය කාලෙකින් නෙ පන්සල් ආවෙත්..එමුකො ආවාසෙ පැත්තෙ.."
ලොකු හාමුදුරුවෝ මට ඉස්සර වූ සේක.මමද අණ පිලිපැද්දෙමි.
ආවාසයට ගිය උන්වහන්සේ බුලත් විටක් හපන්නට වූවෝය..මම පසෙකට වී ඇඹරී ඇඹරී සිටියේ මෙතනින් පැන ගන්නේ කෙලෙසකදැයි දහ අතේ කල්පනා කරමිනි..එකක් වත් හරි යන්නේම නැත.
"චූටි මහත්තය පන්සල් ආවෙ මේ මං හිතන්නෙ සෑහෙන කාලෙකිං...එහෙම නේද?"
බුලත් කෙළ පහරක් මිදුලට විද්ද ලොකු හාමුදුරුවෝ ඇසූහ.
"එහෙමයි අපෙ හාමුදුරුවනේ,අවුරුදු දහයකින් විතර.අර....අර........ බුද්ධ පූජාවට තියපු පළතුරු වලට අනුමෝදන් වෙලා අහු වුණාට පස්සෙ.......
මේ...මේ ආවමයි."
"ආ ඒ පොඩි ළමයි නොදැනුවත්ව කරන ඒවනෙ චූටි මහත්තයා.
එදයින් පස්සෙ මම පොඩි මහත්තයව දැක්කෙත් නෑ..හැබෑටම උන්නැහෙ දැං මොනවයි කරන්නෙ?"
පොඩි මහත්තයා යනු අපේ අයියා කාරයාට ලොකු හාමුදුරුවෝ කියන නමය.
බුද්ධ පූජාවේ සිද්දියේදී නායකයා වූයේ ඌය.ඒත් අහු වුනේ අහිංසක මමය.
ඌ කරන දෙයක් නැත.ගෙදරට වී පච කෙල කෙල සිටීම නම් නියමෙටම කරයි.පොඩි උන්ට නම් ඒ කතා මැජික්ය.ඒත් මම ඌව සත පහකට ගණන් ගන්නේ නැත.
මොක උණත් නම්බුව බේරගන්නෙපැයි...
මට ජීවිතයේ ප්‍රථම වතාවට බොරුවක් කියන්නට සිදු විය!
"අපෙ හාමුදුරුවනෙ.අයියා මොකක්දො කොම්පියුටර් කෝස් එකක් කරනවා.."
"එහෙමද,හොඳා හොඳා,හැම දේම ඉගෙනගන්නෝන නේ..බුදු හාමුදුරුවොත් ඒවත් අනුදැන වදාරල තියෙනවා.."
"හෑ!! කොම්පියුටර් කෝස් කරන්නත් කියල උන්නාන්සෙ කිව්වද?"
මම මෙතෙක් වේලා ඇස් පහර එල්ල කරගෙන සිටි අම්බපාලියගෙන් ඇස් අහකට ගත්තෙමි...
"මොකක්?උපාසක මහත්තයට ඔල්මාදෙද?බුදු හාමුදුරුවො කොහෙද එහෙම කියල තියෙන්නෙ ඈ?"
ලොකු හාමුදුරුවෝ මා දෙස මාර බැල්මක් හෙලූ සේක.
"නෑනෙ නේද අපෙ හාමුදුරුවනේ,මම ඔබ වහන්සේගෙන් අහන්න හැදුවෙත් ඒකමයි"
මම ඇඟ බේරාගත්තෙමි.
"හ්ම්ම්..චූටි මහත්තය කාලෙකින් පන්සල පැත්තෙ ආව එකේ පිනක් දහමක් කරගෙනම යමුකෝ..මේක අරන් මගෙත් එක්ක ආවනම්..."
කියූ ලොකු හාමුදුරුවෝ පැන් කෙණ්ඩියක් මට පෙන්නූහ.මමද එය දෑතින්ම ගෙන බුදු හිමි පසුපස පාත්‍රය ඔසවාගෙන ගිය නන්ද කුමරු මෙන් උන්වහන්සේ පසුපසින් ගියෙමි.ලොකු හාමුදුරුවෝ කෙළින්ම වැඩියේ බණ මඩුවටය..!
සෑහෙන සෙනඟක් එහි වාඩිවී සිටිති.
හාමුදුරුවෝ ධර්මාසනය මත වැඩ සිට පිරිස ඇමතූ සේක.
"අද මේ චූටි මහත්තයා උපාසක තැන පන්සල් ඇවිත් ඉන්නවා.හුඟ කාලෙකින් ඇවිත් තියෙන්නෙ.ඉතින් අද ධර්ම දේශනාවෙ මූලික දායකත්වය මෙතුමාට පවරනවට කවුරුත් අකමැති නෑ නේද?
මේ පින්වතුන් සාධුකාරයක් දෙන්න එහෙනම්"
පිරිස එක හඬින් සාධුකාර දුන්හ!
"මාව මරන්නද ඇහුවම සාධු කියන උන්.. !@#$%"
මට පෝය අදයැයි අමතක විය.
"එහෙනම් උපාසක මහත්තය මේ පිරිස ඉදිරියෙන් වාඩිවෙන්න.හූමිටි තියන්නත් බාර වෙන්නෙ ඔබතුමාටම තමයි,හරි නේද"
කිවූ උන්වහන්සේ ධර්ම දේශනාව පටන් ගත්හ...
දැං අහපල්ලකො බණ..!ඒ මදිවට හූමිටි තියන්නත් වෙලා!!
මටද වෙන්නේ අර කාටද වූවා වැනි වැඩය.
"පින්වතුනි ඔන්න එකමත් එක කාලෙක බරණැස් නුවර හිටිය බ්‍රහ්මදත්ත කියල රජ කෙනෙක්....."
"අවසරයි අපෙ හාමුදුරුවනේ,මොන බ්‍රහ්මදත්තද?"මම ඇසීමි.
"උපාසක මහත්තය ඉස්කෝලෙදි ඉගෙන ගෙන නැද්ද බරණැස් නුවර බ්‍රහ්මදත්ත?"
"නෑ අපෙ හාමුදුරුවනේ,මං අහන්නෙ කීවෙනියද කියල,හැම ජාතක කතාවකම බරණැස් නුවර බ්‍රහ්මදත්ත කෙනෙක් ඉන්නවනෙ"
"ඒව මම දන්නෙ නෑ උපාසක මහත්තය,අපි දැන් බණට...."
"දැං ලංකාවෙ නම් සබ් ඩොමේන් එකක් තියෙනවනෙ නමට ඉස්සරහිං.වී වන මහින්ද වීඅයි වන මහින්ද අයි වන පරාක්‍රමබාහු අයි අයි වන පරාක්‍රමබාහු වාගෙ..!
ඒ කාලෙ කොහොමද දන්නෙ නෑ නාමකරණය කරෙ,අනික ඉන්දියාවෙ රෝමන් ඉලක්කම් පාවිච්චි කරලත් නෑ.ඉන්දියාවට මහාවංශෙකුත් නෑනෙ!
චූලවංශෙ,රාජාවලියක් ,සකස්කඩක්,සිරිත්මල්දමක්,............"
" -චූටි මහත්තය මමයි මෙතන බණ කියන්නෙ"
ධර්මාසනයෙන් මඳක් ඉදිරියට නැමුණු හාමුදුරුවෝ මට පැවසූහ.
"එහෙයි අපෙ හාමුදුරුවනේ..."
මම කට පියා ගතිමි.
"පින්වතුනි මේ බ්‍රහ්මදත්ත රජතුමාට හිටිය දෙලක්ෂ සයානු දහසක් බිසෝවරු...."
"හත්දෙයියනේ.............!!! "
මට වාඩි වී සිටි පැදුරෙන් ඉබේම නැඟිට්ටවිණ.
මා ලඟ සිටි උපාසක මහත්වරු මාව ඇද නැවත පැදුරෙන් වාඩිකරවූහ.
"මොකෝ උපාසක මහත්තය,ගෝනුස්සෙක් වත් කෑවද?"
ලොකු හිමියෝ වටාපත මෑත්කර මගෙන් ඇසූහ.
"අපෙ හාමුදුරුවනේ එයාට තනියම එච්චර ගොඩක්........?"
මට මා ගැනම හටගත්තේ මාර දුකකි,වෛරයකි,මෙව්වා එකකි..
මෙච්චර කල් ඉඳ මට එකම එක කෙල්ලෙක් වත් සෙට් කර ගන්නට බැරිවිය.බ්‍රහ්මදත්තයාට දෙලක්ශ අනූ හය දාහක්..මූට හෙන ගහන්නෙපැයි යකෝ..!!
මට ඉබේම කෙඳිරි ගෑවිණ..
"රජ්ජුරුවන්ට තිබුණා චූටි මහත්තයා අන්තඃපුරේ කියල එකක්.ඒකෙ තමයි බිසෝවරු හිටියෙ..."
"ඉතිං හාමුදුරුවනෙ එයාට කොහොමෙයි ඔච්චර කෙල්ලො සෙට් වුණෙ..........."
"ලස්සන ගෑනු කෙනෙක් දැක්කම රජ්ජුරුවො එයාව කරකාර බැඳ ගන්නවා."
"එතකොට රටේ අනිත් පිරිමින්ට ඉතුරු වෙන්නෙ වැඳිරියො වගේ ගොරක ගෑනු?ඒක හරි වැඩක්නෙ.මානව හිමිකම් වලට ඒක පටහැනියි.අනික මේච්චර ගෑනු ගොඩක් හිරකරගෙන ඉන්නවට විරුද්ධව ඕන නම් යුධ අධිකරණෙට උනත් යවන්න පුලුවං.."
මම නඩුකාරයෙකුටත් වඩා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර සිටියෙමි.
"මේ අමු අමුවේ මානව හිමිකම් කැඩීමක්,මම ජිනීවා යනවමයි අපෙ හාමුදුරුවනෙ..යන එක යනවා ඔය කලවැද්දට විරුද්ධව....."
"උපාසක මහත්තයා............."
"එහෙයි අපෙ හාමුදුරුවනේ"
"අපි දැන් බණට..................."
"මට තව ප්‍රශ්ණයක් තියෙනව ලොකු හාමුදුරුවනේ"
මම බැගෑපත් වුණෙමි.
"ඉතින් ඔහොම එක දිගට ලස්ස ගානක් ගෑනු ගෙනාවම රජ්ජුරුවන්ගෙ අම්ම තාත්තල මුකුත්ම කිව්වෙ නැද්ද..
දෙයි හාමුදුරුවනේ දෙලක්ශ අනූ හයදාහක් කිව්වම කජු ඇටද කොස් ඇටද......!!!"
මට බ්‍රහ්මදත්තයා ගැන මරන්නට තරම් ඉරිසියාවක් ඇතිවිය.අසමජ්ජාති !@#$%#$@ රජෙක්නෙ යකෝ මූ!
"එහෙම නරකක් කියන්න තරම් වැඩ රජතුමා කරේ නෑනෙ උපාසක මහත්තයා"
"අපි ගෑනු ළමයෙක් දැකල කතා කරාම අම්මල තාත්තල කචල් දානව..අපිට නරකයි,බ්‍රහ්මදත්තයට හොඳයි...."
"මේ උපාසක මහත්තයා,මට මේ දේශනාව.............."
"ඉතින් හාමුදුරුවනෙ ඒ කාලෙට සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට වෙන වැඩක් තිබ්බෙ නැතුව ඇති නේද,අන්තඃපුරේ ජන සංගණන තියනවට වඩා.....?"
"ඒ කාලෙ කොහෙද උපාසක මහත්තය සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තු තිබ්බෙ?"
"ඒකත් ඇත්ත නේන්නම් අපෙ හාමුදුරුවනෙ.."
මට කියැවිණ..
"ඔන්න මේ රජ්ජුරුවො දශ රාජ ධර්මයෙන් රාජ්‍ය විචාරණ......"
"මට ඒකනම් පිළිගන්න බෑ හාමුදුරුවනේ"
මම අත ඔසවා ප්‍රකාශ කලෙමි.
"ඒ මොකෝ උපාසක මහත්තයො?මේව මේ බණේ තියෙන දේවල්"
"දෙලක්ශ අනූහයදාහක් ගෑනු තියාගෙන බ්‍රහ්මදත්තය කොහොමෙයි හාමුදුරුවනෙ දශරාජ දර්මයෙන් රාජ්‍ය කරන්නෙ?රජ කරන්න කොහෙන්ද ඒ මිනිහට වෙලාවක්..දෙලක්ශ අනූහයදාහක්!..බුදු අම්මෝ!!"
"රාජ්‍ය පාලනේ කියන්නෙ බොහොම සංකීර්ණ දෙයක් මහත්තයා.."
"ඇත්ත වෙන්නැති හාමුදුරුවනේ..ඒත් දෙලක්ශ අනූහයදහක් ගෑනු ඉඳපු මිනිහෙකුට රාජ්‍ය පාලනේට තියා මූණ හෝදගන්නවත් වෙලාවක් කොහෙන්ද හම්බුවෙන්නෙ?ඉතිං මං කොහොමෙයි බ්‍රහ්මදත්ත
දසරාජ ධර්මයෙන් රට පාලනේ කරා කියල පිළිගන්නෙ?මට එච්චර ඕනෙ නෑ.පන්සීයක් ඇති මට නම් මූණ වත් හෝදන්න වෙලාවක් නැතිවෙන්න..."
"උපාසක මහත්තය මේ.............!! "
"අපෙ හාමුදුරුවනේ ඔය දෙලක්ශ අනූහය දාහ හැමදාම එකම ගානට තිබ්බද,නැත්තං කාලෙන් කාලෙට අඩු වැඩි..............."
"චූටි මහත්තය,මීට පස්සෙ පන්සල හතර මායිමක පස් පාගනව එහෙම නෙමෙයි!,
යන්නයි කිව්වෙ පන්සලෙන්!!!"
"එහෙයි අපෙ හාමුදුරුවනේ"
මම හඬ නඟා කීවෙමි.
මෙතෙක් වේලා නින්දේ සිටි උපාසක පිරිස ඉන් අවදිව සාධුකාර දුන්හ!
"නියම බණ ටික"
"අද තමයි බණක් කියල හරියට ඇහුවෙ"
"අද නම් තේරෙන්නම කියල දුන්න අපෙ හාමුදුරුවෝ,බුදුබව අත්වෙන්න ඕන ඒ උත්තමයට,යමල්ල යමල්ල දැන් ටී වී එකෙත් ටෙලි නාට්ටි පටන් අරන් ඇත්තෙ"
කියූ උපාසක පිරිස නැගිට ධර්මශාලවෙන් පිටව ගියහ..
මමද ස්වාමීන් වහන්සේ මා උදෙසා වදාළ අණ පිලිපැද්දෙමි,නැවත එක වරක් වත් පස්ස හැරී බැලුවේ මා නම් නොවේ....
*ප.ලි
මෙහි සඳහන් කිසිම දෙයක්,අකුරක්වත් බුදු දහමට අපහාසයක් පිණිස පළ කරන ලද්දක් නොවේ..මාගේ දිවි පරදුවට තබා ඒ ගැන සහතික වෙමි.මෙහි ඇත්තේ මා හට ලාවට විඳින්නට වූ සිදුවීමක් මත පදනම් වූවකි..මා මාගේ ආගමට අපහාස කරන්නේ නැත..
ඕන කෙනෙක් ඕනමනම් වැරදියට හිතාගන්න එකයි ඇත්තෙ.හිත හොඳ අයට ඇත්ත තේරෙනවනෙ...
Tuesday, June 12, 2012
Wednesday, May 23, 2012
කලකට පස්සේ වෙලකට බැස්සෙමි..
කාලයක් මට මේ පැත්තට වත් එන්න බැරි වුනා..කොහෙද යන ඩෝප් කාරයෙක් මාව හැප්පුවනෙ.සෝ බටපොලයට ඌයිය වෙල හිටිය..ඒකයි එන්න බැරිවුනෙ..
මේ කතාව මං හොස්සපිටෑල් එකේ ඉන්නකොට අහපු එකක්..බටපොල ඉන්න කවුරුත් දන්න පොරක් ගැනයි මේක..බටපොල අයගෙන් නං ඉතිං මිල්ටන් කියල කිව්වම නොදන්න කෙනෙක් නෑ..(ඔව් ඔව් බොල මාරගහ හන්දියෙ කොමිනිකේෂං මිල්ටන් තමයි,මොකෝ තොපි හිනාවෙන්නෙ)
එයා ගැන කතා ගොඩක් තියෙනව.සමහර ඒව කියන්නත් අමාරුයි :ඩී
සෝ කියන්න පුලුවං එකක් තමයි මේක..
බටපොල තීනව ඉස්කෝල දෙකක්.එකක් කල්‍යාණතිස්ස ඉස්කෝලෙ.ඒක පොඩි ඉස්කෝලයක්.ඕ ලෙවල් වෙනකම් විතරයි ඉන්න ඇහැකි.අනික බටපොල සෙන්ට්‍රල්,ඒකෙ නං ඒ ලෙවල් ඉවර වෙලත් ඉන්න ඇහැකි.ඕං සිංහලෙම්ම නම කිව්ව..හික්ස්.
මේ සීන් එක වෙලා තියෙන්නෙ මං ඔය කිව්ව මධ්‍ය මහා විද්‍යාලෙ(සිංහලෙං කිව්වොත් සෙන්ට්‍රල්) එකේ කොල්ලො සෙට් එකකට..මුං ටික දවසක් ක්ලාස් කට් කරල (සුපුරුදු විදියටම) වළ බහින්න හිතාගෙන පාර අයිනකට ඇවිත් හිටියලු.ඉස්කොලෙට ටිකක් එහායිං..
මේ වෙලාවෙ මෙතැනිං ගියාලු අපේ මිල්ටන් අංකල්..
මේක වෙලා තින්නෙ පොර ත්‍රී වීලර් කට්ට ගන්න කලින් අර ලදරං බයික් එකේ යන කාලෙ..
සෝ මේ කොල්ලො ටික දැක්කම මිල්ටන් බයික් එක නවත්තල උන් ලඟට ආවලු..ඇවිත් එක එකා දිහා මාර බැල්මක් හෙලූ සේකලු.දැං කොල්ලොන්ටත් අප්සට්.අහක යන භූතයෙක්නෙ මේ ඇවිත් රවන්නෙ..ඒත් ඉතින් මොනවා කරන්නද හිතා ගන්න බැරුවලු උන් හිටියෙ..හෙන ගහන්න වගේ එකපාරටම මූ ලාවට හිනවක් දාගෙන කොල්ලො අතරට ඇවිත්............................
(මොකද යකුනේ තොපි හිනාවෙන්නෙ,එහෙම දේකට නෙමෙයි.නොද්දකින් තොපි වගෙ උන් ටිකක්,හැම දේකම වල් සයිඩ් එක නං කිරිස්ටල් කිලියර් නේ තොපිට)
ඔන්න ඉතිං මිල්ටන් අංකල් අරුන් ටික මැදට ඇවිත් දෙන්නෙක්ගෙ කරට අත දාගත්තලු..කොල්ලොන්ට ෆුල් හොල්මන්.මූ මොකාට එන්නද දන්නෙ නෑනෙ හදන්නෙ..මිල්ටා ටිකක් එහෙම ඉඳල හෙමීට කොල්ලෙක්ගෙන් ඇහුවලු............
(තොපි එකෙක් වත් ආයෙ හිනා වෙන්න කට ඇරියොත් !@#$%#@.ඇයි යකුනේ මං මේක කියනකං හිටහල්ල,වල් කතාවක් නෙමේ බොල)
"මොකෝ කොල්ලො ක්ලාස් කට් කරා නේද"
කියල.අපේ මේ කොල්ලො ටික හරීඊඊම සත්‍යවාදී අවංක සාධාරණ,බූට් නොකාපු උං ටිකක්නෙ.ලොල්!
ඉතිං උං ඇත්තම කිව්ව.
"ඔව් අංකල්..ක්ලාස් එක මාර චාටර්,ඉතින් අපි පොඩ්ඩක් ස්වාභාවික සෞන්දර්ය බලන්න ආව"
තවත් එකෙක් මැදට පැන්න,ඌටත් ඕන වුනා පොර වෙන්න.
"අනික අපි මේ පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයිනෙ අංකල්"
මිල්ටන් හිනා වුනා..
ඊටපස්සෙ පොර කියනව.
"ඇයි මේ පුතාල ක්ලාස් කට් කරන්නෙ,ආ?ඕගොල්ලො නේද මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න අය.ඇයි ඉගෙනගන්න එක මඟ අරින්නෙ?ඇයි අම්මල තාත්තලව රවට්ටන්නෙ?ඇයි මේ වගේ දේවල් කරන්නෙ?බලන්න විභාගෙට තව මාස කීයද?පාඩං කරන්න කොච්චර දේවල් තීනවද?හොඳට එක්සෑම් පාස් වෙලා කැම්පස් ගිහිං ලස්සන ගෑනු ළමයෙකුත් යාලු කරගෙන බැරිය ඕනනං මෙහෙම ජොලියෙ ඉන්න..දැං කරන්න තීන්නෙ ඉගෙනගන්න එක,පුතාලට තේරුනාද.....?"
කොල්ලො ටික මඤ්ඤං වෙලා දැන් නං.හැබයි එකෙකුට හොඳට මීටර් වෙලා තිබ්බලු අර ගෑනු ළමයෙක් ගැන කෑල්ල.පොර අහනවලු,
"මොකක්ද අංකල් අර ගෑනු ළමයි ගැන කිව්වෙ?මොකක් හරි කේස් එකක්ද?"
මිල්ටන් කියනව
"න් න්න් නෑ නෑ පුතා..එහෙම නෑ.කවුද කැමති ලස්සන ගෑනු ළමයෙක් යාලු කරගන්න?"
"අංකල් කපුවෙක්ද?"
අරූ ආයෙත් අහපි.මිල්ටන්ට මල පැන්න.
"නෑ ළමයො,ඔයාල කිසිම කෙනෙක් හොඳ ළමයි නෙමෙයි.ඔයාල මේ ඉගෙනගන්න කාලෙ ඉගෙනගන්න ඕන.මෙහෙම පාරවල් ගනෙ රස්තියාදු වුනොත් නං මුකුත් හරියන එකක් නෑ.ඒ නිසා මේ වගේ වැඩ කරන්න එපා.."
"මුකුත් හරියන එකක් නෑ නේන්නං බං මේ යකාගෙ කට තමා කට.තූ" කියල එකෙක් අනිකගෙ කනට කෙඳිරුව මිල්ටන් කතා කරන අස්සෙම..
"මං කියන්නං වැඩක්..අපි මෙහෙම කරමු.ඔයාල තුන් දෙනාම එන්නකෝ මාත් එක්ක"
කියපු මිල්ටන් මෑන්ගෙ බයික් එකට නැග්ගලු.
"නෑ නෑ අංකල් අපිට කෑම බීම මුකුත් එපා.කෑම කාපු ගමං අපි පැන්නෙ..එක්කො බයිට් පැකට් එකක් නං තිබ්බත් කමක් නෑ,නේද බං......"
කියල එකෙක් කියපි.
මිල්ටන්ට මේ පාර නං මළේ මළ..
"දැං ඔයාල ඔක්කොම මං කියන දේ අහන්න ඕන.මං මේකෙ ප්‍රින්සිපල්ව හොඳට අඳුරනව.මං කියන විදියට කරේ නැත්නං මං මෙහෙම්මම ගිහින් එයාට කියනව,මොකෝ කියන්නෙ,මං කියන විදියට වැඩ කරනවද?"
ඇත්ත කතාව.පිනාට මූ ගොනා වගේ මැච් වෙන පොර නිසා පිනාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියල හැමෝම දන්නව.මෙයා පිනාගෙ ඔෆිස් එකේ ගොඩක් වෙලාවට ඉන්නව හුඟක් අය දැකල තීනව.ඒ ගැන වෙනමම කතා තියෙනව.මගෙං නං අහන්න එපා.....
කොල්ලො ටිකක් සැලෙන්ඩර් වුණාලු.............
"හරි අංකල් කියන්නෙ අපිට දැං ගෙදර ගිහිං මීට පස්සෙ වළ ගහන්නෙ නැතුව ඉන්න කියලනෙ.ඕ කේ අංකල් ඕන්න එහෙනං අපි ගියා...වරෙං බං"කියල එකෙක් හැදුවෙ අනිත් දෙන්නත් එක්කම එතනිං යන්න.
"නෑ නෑ එහෙම නෙමෙයි.තුන් දෙනාම නගින්නකො බයික් එකට"
"ෂා එළ එළ ෆ්‍රී ට්‍රාන්ස්පෝට් බං"
කොල්ලොන්ට මාර හැපි.තුන් දෙනාම නැග්ග බයික් එකට.
මිල්ටන් බයික් එක කෙලිංම අරං ගියෙ ඉස්කෝලෙට..හිකිස්.
කොල්ලොන්ට මඤ්ඤං..
"මොකක්ද බං ඒ..."
එකෙකුට යාන්තං කියාගන්න පුලුවං වුනෙ එච්චරයි.
"දැං පුතාල ඔක්කොම ඔයාලගෙ පන්තියට යන්න.ගිහින් ඉගෙනගන්න.මං ප්‍රින්සිපල් සර්ව හම්බවෙන්න යනව.."
මිල්ටන් කියපි.
"ඇ ඇයි අංකල් ඒ.."
"නෑ නෑ ඔයාලව අල්ලල දෙන්න නෙමෙයි.වෙන වැඩකට.යන්න පන්තියට"
කියල මිල්ටන් බලං හිටියලු මුං ක්ලාස් එකට යනකම්ම.
ක්ලාස් කට් කරන මේ තුන් දෙනා පීරියඩ් එක මැදදි ආවම වුන දේවල් මං කියන්නෙ නෑ.
ආහ් මේකත් කියන්නංකො.බටපොල මධ්‍ය මහා විද්‍යාලය හෙවත් සෙන්ට්‍රල් එක මිශ්‍ර පාසලකි.ඒ කියන්නෙ එහි කෙල්ලන්ද සිටී..
කොල්ලො තුන් දෙනාට වුනු දේ ගැන ඕන කෙනෙක් ඕන විදියකට හිතා ගන්නෙකයි ඇත්තෙ.මට මොකෝ....................................
විෂ් කරපල්ල,යාඤා කරපල්ල,බෝධි පූජා තියහල්ල කවදාවත් පාරෙදි නම් මිල්ටන්ව හම්බු වෙන්න එපැයි කියල..ඕන්න ෆ්‍රී ඇඩ්වයිස් එකක්.මං යනව,තාම කෑවෙත් නෑ දවල්ට.තිත්ත බේතුත් තීනව බොන්න..ඊක්

Saturday, May 19, 2012
පොඩි කරදරයක් විය.එනිසා............
බටපොලයට බ්ලොග් එක ලියන්න බැරි වුනේ බටපොලයට පොඩි ඇක්සිඩ්න්ට් එකක් වුන නිසා..මං හිතන්නෙ කවුරුවත්ම බටපොලයව දාල ගියේ නෑ නේද..මං අයෙමත් පුලුවං ඉක්මනට සීන් එකට එන්ටර් වෙන්න බලපොරොත්තු වෙනවා..හැකි ඉක්මනින්!!
එතකං ඉවසන්න..................
එතකං ඉවසන්න..................
Wednesday, May 2, 2012
මැයි දිනය...
මැයි දිනය ගැන මට හිතෙන හැටිමා අසා ඇති හැටියට මැයි දිනය යනු කම්කරුවාගේ දිනය ය.එදාට ඔවුන් විසින් තම වාර්ගිකයන් විසින් ඔවුන් වෙනුවෙන් අතීතයේ කරන ලද ක්‍රියා සිහි කරති.ඔවුන්ගේ ගුණ ගයා සියලු කම්කරුවන් වෙනුවෙන් සිදු කළ පරිත්‍යාගයන් වෙනුවෙන් අනුස්මරණය කෙරෙති..ඒ මා අසා ඇති ආකරයටය..බොහෝ කලකට පෙර මැයි දිනයක් ගැන..
නමුත් ලඟකදී සිට මැයි දිනය අප්ඩේටඩ් වී ඇත.අලුත් අවුරුද්ද මෙන් සියල්ලෝම සමරන උත්සවයක් වී ඇත.මැයි දිනයේ මේන් ඉවෙන්ට් එක පෙළපාලි යාමය.නමුත් පෙළපාලි යන්නේ අප සැවොම දන්නා "කම්කරුවා" නොවේ.ඔවුන් හැර අනෙක් සියල්ලෝම එහි සිටිති.රටේ මැයි දිනය සමරන්නේ ස්ථාන 3කදී පමනි..ඉන් එපිට මැයි රැලි නැත.එම තැන් 3 දී සිදු වන එකක්වත් කම්කරුවාට ඕනෑ කරන දේවල් ලිස්ට් එකේ නැත.සමහර රැළි වලදී නම් කෑම එකක් ලැබේ.එය නම් වටී..මැයි රැළියක් යනු ප්‍රධාන වශයෙන්ම පෙළපාළියක් යාමය.මහ පාරේ පක්ෂයේ පාටින් යුත් බැනර් උස්සා ගෙන,සටන් පාඨ කියමින් යා යුතුය.ආණ්ඩු පක්ෂයේ හැර අනෙක් ඒවායීදී නම් ආණ්ඩුවට එරෙහි ටෝක් පමණි.ආණ්ඩු පක්ශයේ එකේ එය නැත.එහි ඇත්තේ රට දැන් සිරා පෙලේස් එකක් වී ඇති බවය.මැක්සා පාරවල් හා හයි වේ ඇති බවය.පෙළපාළිය අවසන් වූවාට පසු කොහේ හෝ මහා පිට්ටනියක ජාතිය ඇමතීමක් සිදු වේ.මෙය සිදු වන්නෙ එක් එක් පක්ශයේ ප්‍රධානියෙකු විසිනි.ඉන්පසු කම්කරු දිනය අහවරය.සියල්ලෝ සතුටින් විසිර යා යුතුය..
මැයි දිනයෙන් කම්කරුවා ලබන කජ්ජ ඔච්චරය..පසුදා සිට නැවතත් පරණ පුරුදු දුක් කන්දරාවට මුහුණ දිය යුතුය..මුට්ට කර ගහන එකා මැයි දිනයෙන් පසු මුදලාලි වෙන්නේ නැත.ඔහු හැමදාම මුට්ට කරගැසිය යුතුය.
මැයි දිනය ගැන නියම "කම්කරුවකු" කළ කතාවක් ඊළඟට පල කිරීමට සිතා සිටිමි.......
Labels:
තව හිතනවානම් මේ ගැන,
මගේ අයිඩියාස්
Tuesday, May 1, 2012
Subscribe to:
Posts (Atom)