කාලයක් මට මේ පැත්තට වත් එන්න බැරි වුනා..කොහෙද යන ඩෝප් කාරයෙක් මාව හැප්පුවනෙ.සෝ බටපොලයට ඌයිය වෙල හිටිය..ඒකයි එන්න බැරිවුනෙ..
මේ කතාව මං හොස්සපිටෑල් එකේ ඉන්නකොට අහපු එකක්..බටපොල ඉන්න කවුරුත් දන්න පොරක් ගැනයි මේක..බටපොල අයගෙන් නං ඉතිං මිල්ටන් කියල කිව්වම නොදන්න කෙනෙක් නෑ..(ඔව් ඔව් බොල මාරගහ හන්දියෙ කොමිනිකේෂං මිල්ටන් තමයි,මොකෝ තොපි හිනාවෙන්නෙ)
එයා ගැන කතා ගොඩක් තියෙනව.සමහර ඒව කියන්නත් අමාරුයි :ඩී
සෝ කියන්න පුලුවං එකක් තමයි මේක..
බටපොල තීනව ඉස්කෝල දෙකක්.එකක් කල්‍යාණතිස්ස ඉස්කෝලෙ.ඒක පොඩි ඉස්කෝලයක්.ඕ ලෙවල් වෙනකම් විතරයි ඉන්න ඇහැකි.අනික බටපොල සෙන්ට්‍රල්,ඒකෙ නං ඒ ලෙවල් ඉවර වෙලත් ඉන්න ඇහැකි.ඕං සිංහලෙම්ම නම කිව්ව..හික්ස්.
මේ සීන් එක වෙලා තියෙන්නෙ මං ඔය කිව්ව මධ්‍ය මහා විද්‍යාලෙ(සිංහලෙං කිව්වොත් සෙන්ට්‍රල්) එකේ කොල්ලො සෙට් එකකට..මුං ටික දවසක් ක්ලාස් කට් කරල (සුපුරුදු විදියටම) වළ බහින්න හිතාගෙන පාර අයිනකට ඇවිත් හිටියලු.ඉස්කොලෙට ටිකක් එහායිං..
මේ වෙලාවෙ මෙතැනිං ගියාලු අපේ මිල්ටන් අංකල්..
මේක වෙලා තින්නෙ පොර ත්‍රී වීලර් කට්ට ගන්න කලින් අර ලදරං බයික් එකේ යන කාලෙ..
සෝ මේ කොල්ලො ටික දැක්කම මිල්ටන් බයික් එක නවත්තල උන් ලඟට ආවලු..ඇවිත් එක එකා දිහා මාර බැල්මක් හෙලූ සේකලු.දැං කොල්ලොන්ටත් අප්සට්.අහක යන භූතයෙක්නෙ මේ ඇවිත් රවන්නෙ..ඒත් ඉතින් මොනවා කරන්නද හිතා ගන්න බැරුවලු උන් හිටියෙ..හෙන ගහන්න වගේ එකපාරටම මූ ලාවට හිනවක් දාගෙන කොල්ලො අතරට ඇවිත්............................
(මොකද යකුනේ තොපි හිනාවෙන්නෙ,එහෙම දේකට නෙමෙයි.නොද්දකින් තොපි වගෙ උන් ටිකක්,හැම දේකම වල් සයිඩ් එක නං කිරිස්ටල් කිලියර් නේ තොපිට)
ඔන්න ඉතිං මිල්ටන් අංකල් අරුන් ටික මැදට ඇවිත් දෙන්නෙක්ගෙ කරට අත දාගත්තලු..කොල්ලොන්ට ෆුල් හොල්මන්.මූ මොකාට එන්නද දන්නෙ නෑනෙ හදන්නෙ..මිල්ටා ටිකක් එහෙම ඉඳල හෙමීට කොල්ලෙක්ගෙන් ඇහුවලු............
(තොපි එකෙක් වත් ආයෙ හිනා වෙන්න කට ඇරියොත් !@#$%#@.ඇයි යකුනේ මං මේක කියනකං හිටහල්ල,වල් කතාවක් නෙමේ බොල)
"මොකෝ කොල්ලො ක්ලාස් කට් කරා නේද"
කියල.අපේ මේ කොල්ලො ටික හරීඊඊම සත්‍යවාදී අවංක සාධාරණ,බූට් නොකාපු උං ටිකක්නෙ.ලොල්!
ඉතිං උං ඇත්තම කිව්ව.
"ඔව් අංකල්..ක්ලාස් එක මාර චාටර්,ඉතින් අපි පොඩ්ඩක් ස්වාභාවික සෞන්දර්ය බලන්න ආව"
තවත් එකෙක් මැදට පැන්න,ඌටත් ඕන වුනා පොර වෙන්න.
"අනික අපි මේ පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයිනෙ අංකල්"
මිල්ටන් හිනා වුනා..
ඊටපස්සෙ පොර කියනව.
"ඇයි මේ පුතාල ක්ලාස් කට් කරන්නෙ,ආ?ඕගොල්ලො නේද මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න අය.ඇයි ඉගෙනගන්න එක මඟ අරින්නෙ?ඇයි අම්මල තාත්තලව රවට්ටන්නෙ?ඇයි මේ වගේ දේවල් කරන්නෙ?බලන්න විභාගෙට තව මාස කීයද?පාඩං කරන්න කොච්චර දේවල් තීනවද?හොඳට එක්සෑම් පාස් වෙලා කැම්පස් ගිහිං ලස්සන ගෑනු ළමයෙකුත් යාලු කරගෙන බැරිය ඕනනං මෙහෙම ජොලියෙ ඉන්න..දැං කරන්න තීන්නෙ ඉගෙනගන්න එක,පුතාලට තේරුනාද.....?"
කොල්ලො ටික මඤ්ඤං වෙලා දැන් නං.හැබයි එකෙකුට හොඳට මීටර් වෙලා තිබ්බලු අර ගෑනු ළමයෙක් ගැන කෑල්ල.පොර අහනවලු,
"මොකක්ද අංකල් අර ගෑනු ළමයි ගැන කිව්වෙ?මොකක් හරි කේස් එකක්ද?"
මිල්ටන් කියනව
"න් න්න් නෑ නෑ පුතා..එහෙම නෑ.කවුද කැමති ලස්සන ගෑනු ළමයෙක් යාලු කරගන්න?"
"අංකල් කපුවෙක්ද?"
අරූ ආයෙත් අහපි.මිල්ටන්ට මල පැන්න.
"නෑ ළමයො,ඔයාල කිසිම කෙනෙක් හොඳ ළමයි නෙමෙයි.ඔයාල මේ ඉගෙනගන්න කාලෙ ඉගෙනගන්න ඕන.මෙහෙම පාරවල් ගනෙ රස්තියාදු වුනොත් නං මුකුත් හරියන එකක් නෑ.ඒ නිසා මේ වගේ වැඩ කරන්න එපා.."
"මුකුත් හරියන එකක් නෑ නේන්නං බං මේ යකාගෙ කට තමා කට.තූ" කියල එකෙක් අනිකගෙ කනට කෙඳිරුව මිල්ටන් කතා කරන අස්සෙම..
"මං කියන්නං වැඩක්..අපි මෙහෙම කරමු.ඔයාල තුන් දෙනාම එන්නකෝ මාත් එක්ක"
කියපු
මිල්ටන් මෑන්ගෙ බයික් එකට නැග්ගලු.
"නෑ නෑ අංකල් අපිට කෑම බීම මුකුත් එපා.කෑම කාපු ගමං අපි පැන්නෙ..එක්කො බයිට් පැකට් එකක් නං තිබ්බත් කමක් නෑ,නේද බං......"
කියල එකෙක් කියපි.
මිල්ටන්ට මේ පාර නං මළේ මළ..
"දැං ඔයාල ඔක්කොම මං කියන දේ අහන්න ඕන.මං මේකෙ ප්‍රින්සිපල්ව හොඳට අඳුරනව.මං කියන විදියට කරේ නැත්නං මං මෙහෙම්මම ගිහින් එයාට කියනව,මොකෝ කියන්නෙ,මං කියන විදියට වැඩ කරනවද?"
ඇත්ත කතාව.පිනාට මූ ගොනා වගේ මැච් වෙන පොර නිසා පිනාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියල හැමෝම දන්නව.මෙයා පිනාගෙ ඔෆිස් එකේ ගොඩක් වෙලාවට ඉන්නව හුඟක් අය දැකල තීනව.ඒ ගැන වෙනමම කතා තියෙනව.මගෙං නං අහන්න එපා.....
කොල්ලො ටිකක් සැලෙන්ඩර් වුණාලු.............
"හරි අංකල් කියන්නෙ අපිට දැං ගෙදර ගිහිං මීට පස්සෙ වළ ගහන්නෙ නැතුව ඉන්න කියලනෙ.ඕ කේ අංකල් ඕන්න එහෙනං අපි ගියා...වරෙං බං"කියල එකෙක් හැදුවෙ අනිත් දෙන්නත් එක්කම එතනිං යන්න.
"නෑ නෑ එහෙම නෙමෙයි.තුන් දෙනාම නගින්නකො බයික් එකට"
"ෂා එළ එළ ෆ්‍රී ට්‍රාන්ස්පෝට් බං"
කොල්ලොන්ට මාර හැපි.තුන් දෙනාම නැග්ග බයික් එකට.
මිල්ටන් බයික් එක කෙලිංම අරං ගියෙ ඉස්කෝලෙට..හිකිස්.
කොල්ලොන්ට මඤ්ඤං..
"මොකක්ද බං ඒ..."
එකෙකුට යාන්තං කියාගන්න පුලුවං වුනෙ එච්චරයි.
"දැං පුතාල ඔක්කොම ඔයාලගෙ පන්තියට යන්න.ගිහින් ඉගෙනගන්න.මං ප්‍රින්සිපල් සර්ව හම්බවෙන්න යනව.."
මිල්ටන් කියපි.
"ඇ ඇයි අංකල් ඒ.."
"නෑ නෑ ඔයාලව අල්ලල දෙන්න නෙමෙයි.වෙන වැඩකට.යන්න පන්තියට"
කියල මිල්ටන් බලං හිටියලු මුං ක්ලාස් එකට යනකම්ම.
ක්ලාස් කට් කරන මේ තුන් දෙනා පීරියඩ් එක මැදදි ආවම වුන දේවල් මං කියන්නෙ නෑ.
ආහ් මේකත් කියන්නංකො.බටපොල මධ්‍ය මහා විද්‍යාලය හෙවත් සෙන්ට්‍රල් එක මිශ්‍ර පාසලකි.ඒ කියන්නෙ එහි කෙල්ලන්ද සිටී..
කොල්ලො තුන් දෙනාට වුනු දේ ගැන ඕන කෙනෙක් ඕන විදියකට හිතා ගන්නෙකයි ඇත්තෙ.මට මොකෝ....................................
විෂ් කරපල්ල,යාඤා කරපල්ල,බෝධි පූජා තියහල්ල කවදාවත් පාරෙදි නම් මිල්ටන්ව හම්බු වෙන්න එපැයි කියල..ඕන්න ෆ්‍රී ඇඩ්වයිස් එකක්.මං යනව,තාම කෑවෙත් නෑ දවල්ට.තිත්ත බේතුත් තීනව බොන්න..ඊක්
Wednesday, May 23, 2012
Saturday, May 19, 2012
පොඩි කරදරයක් විය.එනිසා............
බටපොලයට බ්ලොග් එක ලියන්න බැරි වුනේ බටපොලයට පොඩි ඇක්සිඩ්න්ට් එකක් වුන නිසා..මං හිතන්නෙ කවුරුවත්ම බටපොලයව දාල ගියේ නෑ නේද..මං අයෙමත් පුලුවං ඉක්මනට සීන් එකට එන්ටර් වෙන්න බලපොරොත්තු වෙනවා..හැකි ඉක්මනින්!!
එතකං ඉවසන්න..................
එතකං ඉවසන්න..................
Wednesday, May 2, 2012
මැයි දිනය...
මැයි දිනය ගැන මට හිතෙන හැටිමා අසා ඇති හැටියට මැයි දිනය යනු කම්කරුවාගේ දිනය ය.එදාට ඔවුන් විසින් තම වාර්ගිකයන් විසින් ඔවුන් වෙනුවෙන් අතීතයේ කරන ලද ක්‍රියා සිහි කරති.ඔවුන්ගේ ගුණ ගයා සියලු කම්කරුවන් වෙනුවෙන් සිදු කළ පරිත්‍යාගයන් වෙනුවෙන් අනුස්මරණය කෙරෙති..ඒ මා අසා ඇති ආකරයටය..බොහෝ කලකට පෙර මැයි දිනයක් ගැන..
නමුත් ලඟකදී සිට මැයි දිනය අප්ඩේටඩ් වී ඇත.අලුත් අවුරුද්ද මෙන් සියල්ලෝම සමරන උත්සවයක් වී ඇත.මැයි දිනයේ මේන් ඉවෙන්ට් එක පෙළපාලි යාමය.නමුත් පෙළපාලි යන්නේ අප සැවොම දන්නා "කම්කරුවා" නොවේ.ඔවුන් හැර අනෙක් සියල්ලෝම එහි සිටිති.රටේ මැයි දිනය සමරන්නේ ස්ථාන 3කදී පමනි..ඉන් එපිට මැයි රැලි නැත.එම තැන් 3 දී සිදු වන එකක්වත් කම්කරුවාට ඕනෑ කරන දේවල් ලිස්ට් එකේ නැත.සමහර රැළි වලදී නම් කෑම එකක් ලැබේ.එය නම් වටී..මැයි රැළියක් යනු ප්‍රධාන වශයෙන්ම පෙළපාළියක් යාමය.මහ පාරේ පක්ෂයේ පාටින් යුත් බැනර් උස්සා ගෙන,සටන් පාඨ කියමින් යා යුතුය.ආණ්ඩු පක්ෂයේ හැර අනෙක් ඒවායීදී නම් ආණ්ඩුවට එරෙහි ටෝක් පමණි.ආණ්ඩු පක්ශයේ එකේ එය නැත.එහි ඇත්තේ රට දැන් සිරා පෙලේස් එකක් වී ඇති බවය.මැක්සා පාරවල් හා හයි වේ ඇති බවය.පෙළපාළිය අවසන් වූවාට පසු කොහේ හෝ මහා පිට්ටනියක ජාතිය ඇමතීමක් සිදු වේ.මෙය සිදු වන්නෙ එක් එක් පක්ශයේ ප්‍රධානියෙකු විසිනි.ඉන්පසු කම්කරු දිනය අහවරය.සියල්ලෝ සතුටින් විසිර යා යුතුය..
මැයි දිනයෙන් කම්කරුවා ලබන කජ්ජ ඔච්චරය..පසුදා සිට නැවතත් පරණ පුරුදු දුක් කන්දරාවට මුහුණ දිය යුතුය..මුට්ට කර ගහන එකා මැයි දිනයෙන් පසු මුදලාලි වෙන්නේ නැත.ඔහු හැමදාම මුට්ට කරගැසිය යුතුය.
මැයි දිනය ගැන නියම "කම්කරුවකු" කළ කතාවක් ඊළඟට පල කිරීමට සිතා සිටිමි.......
Labels:
තව හිතනවානම් මේ ගැන,
මගේ අයිඩියාස්
Tuesday, May 1, 2012
Monday, April 30, 2012
සඳුදා ගැන ලියමි
සඳුදා යනු සතියේ විකාරම දවසය..එදාට හැම දෙයක්ම කනපිට පෙරලී යයි.උදේ නැගිට්ට විට වෙන ලෝකෙකට ඇවිත්දෝ සැක හිතේ.සෑම දෙයක්ම මඤ්ඤං වී ඇතැයි දැනේ..මේ ඉලව් ඔරලෝසුව හොයාගත් එකා අහුවූවොත් එවෙලේම මරන්නෝන වැනි පිං සිතුවිලි උදේ පාන්දර පහල වේ.වෙනදාට ආලෝක වර්ෂ ගණනාවක් දිග රාත්‍රිය ඇහැ පියවෙන්නටත් පෙර ගෙවී අවසන් වී ඇති බවක් දැනේ.වෙනකක් තියා ඇඳෙන් බහිනා පැත්ත හොයන්නටත් බැරිය..සමහර විටකදී ඇඳෙන් බැස්සාම තියෙන්නේ පොළවදැයි සුවර් නැත..වළක් තිබ්බොත්???ඒකට වැටුනාම ගොඩ එන්නෙ කොහෙන්ද,ඒ වළේ වැම්පයර්ලාත් ඉඳීවිද කියා සැකය..එහෙම හිටියොත් බටපොලයාද වැම්පයර් නායකයෙක් වීමට බැරි නැත..එහෙම වූ විට ඩ්‍රැකියුලා හොයාගෙන උගේ බෙල්ල මිරිකා වයිෆ්ලා 1000ම මගේ අන්තඃපුරයට සෙට් කර ගත හැක.එවිට මුළු ගණන 2000කි..වැඩි නැත,වැඩි නැත!
ඊළඟට ඇත්තේ උන්ගේ රෙසිඩන්ට් ප්ලේස් එක සෙට් කිරීමය..දියවන්නා ඔය මැද මැක්සා තැනක් ඇත..එය සෙට් කරමි...ඒ උනාට උන් එකා එකා කෙළගන්න පටන් ගනීද දන්නෙ නෑ.ගෑනුනෙ මුං මොක උනත්.ඒ නිසා වෙන වෙනම සෙක්ටර්ස් වලට දාල ගාර්ඩ් කෙනෙක් දැම්මම හරි.මට ඕන වුන වෙලාවට ඕන කෙනෙක්ව ගෙන්න ගන්න බැරිය..( ලොල් )කොහොම නමුත් පරෙස්සම් විය යුතුය.ඩ්‍රැකියුලාට කෙළවූයේත් ගවුමක් නිසාලු.බටපොලයාට ජින්ස් එකක් නිසා කෙල වීමට බැරි නැත.ජින්ස් ඇඳීම තහනම් කරොත් මුං උපවාස කරයි.එනිසා මොකුත් නොකිය ඉන්න එක ඇඟට ගුණය....
අවුරුද්දට ඕනේනම් අවුරුදු කුමාරි තරඟයක්ද පැවැත්විය හැක.විනිශ්චය මංඩලේට නං මොකෙක් හෝ ඇමතියෙක් ගෙන්නා ගත යුතුය..අවුරුදු කුමාරිය වූ කෙනාට තෑගි ලෙස රට සවාරියක් ලබා දී මමද ඈ සමඟම රට යමි..එයාර්පෝට් එකේදි පිරිත් නූලක්ද ගැටගසා ගත යුතුය.එවිට මැච් එක දිනිය හැක.ප්ලේන් එකේ යාම භයානක විය හැක(ගෑනුත් එක්ක කොහේ ගියත් එහෙම තමා).ප්ලේන් එක කඩං වැටුනොත්??අහස කඩාගෙන මාව බිමට වැටේවි..අන්තිමට අත පය කඩාගෙන ඇඳේම ඉන්න වේවි....හෆෝයි!!!!
මට බෑ ඇඳේ ඉන්න එහෙම..නැගිටිනව නැගිටිනවාමයි කියල හිතල මම නැගිටිය යුතුය.අනාථ මාරුතේ හංතානට ඇවිත් තියෙන කොටත් ඔබෙ දෑසෙ පෙම් සිනා තිබ්බ වගේ ඒක..මම නැගිටිනවාමයි කියල හිතල නැගිටින්න හැදුව විතරයි මාව ඇදගෙන වැටුන වගේ දැනුන..ඇහැ ඇරල බැලින්නම් මම ඇඳෙන් බිමට වැටිල..
ඔන්න ඔහොමයි මම සඳුදට දවස පටන් ගන්නෙ..අරයා(චතුරිකාද කවුද ඉන්නෙ,ආන්න එයා)වගේ නස්ට-මෝල් බීල නෙමේ..
දැං හිතෙන දෙවල් මෙතනින් ලියන්න..හොඳින් කියනවානම්,
" අඩෝ ලිව්වේ නැත්නම් කපනවා ඩෝ "
ඊළඟට ඇත්තේ උන්ගේ රෙසිඩන්ට් ප්ලේස් එක සෙට් කිරීමය..දියවන්නා ඔය මැද මැක්සා තැනක් ඇත..එය සෙට් කරමි...ඒ උනාට උන් එකා එකා කෙළගන්න පටන් ගනීද දන්නෙ නෑ.ගෑනුනෙ මුං මොක උනත්.ඒ නිසා වෙන වෙනම සෙක්ටර්ස් වලට දාල ගාර්ඩ් කෙනෙක් දැම්මම හරි.මට ඕන වුන වෙලාවට ඕන කෙනෙක්ව ගෙන්න ගන්න බැරිය..( ලොල් )කොහොම නමුත් පරෙස්සම් විය යුතුය.ඩ්‍රැකියුලාට කෙළවූයේත් ගවුමක් නිසාලු.බටපොලයාට ජින්ස් එකක් නිසා කෙල වීමට බැරි නැත.ජින්ස් ඇඳීම තහනම් කරොත් මුං උපවාස කරයි.එනිසා මොකුත් නොකිය ඉන්න එක ඇඟට ගුණය....
අවුරුද්දට ඕනේනම් අවුරුදු කුමාරි තරඟයක්ද පැවැත්විය හැක.විනිශ්චය මංඩලේට නං මොකෙක් හෝ ඇමතියෙක් ගෙන්නා ගත යුතුය..අවුරුදු කුමාරිය වූ කෙනාට තෑගි ලෙස රට සවාරියක් ලබා දී මමද ඈ සමඟම රට යමි..එයාර්පෝට් එකේදි පිරිත් නූලක්ද ගැටගසා ගත යුතුය.එවිට මැච් එක දිනිය හැක.ප්ලේන් එකේ යාම භයානක විය හැක(ගෑනුත් එක්ක කොහේ ගියත් එහෙම තමා).ප්ලේන් එක කඩං වැටුනොත්??අහස කඩාගෙන මාව බිමට වැටේවි..අන්තිමට අත පය කඩාගෙන ඇඳේම ඉන්න වේවි....හෆෝයි!!!!
මට බෑ ඇඳේ ඉන්න එහෙම..නැගිටිනව නැගිටිනවාමයි කියල හිතල මම නැගිටිය යුතුය.අනාථ මාරුතේ හංතානට ඇවිත් තියෙන කොටත් ඔබෙ දෑසෙ පෙම් සිනා තිබ්බ වගේ ඒක..මම නැගිටිනවාමයි කියල හිතල නැගිටින්න හැදුව විතරයි මාව ඇදගෙන වැටුන වගේ දැනුන..ඇහැ ඇරල බැලින්නම් මම ඇඳෙන් බිමට වැටිල..
ඔන්න ඔහොමයි මම සඳුදට දවස පටන් ගන්නෙ..අරයා(චතුරිකාද කවුද ඉන්නෙ,ආන්න එයා)වගේ නස්ට-මෝල් බීල නෙමේ..
දැං හිතෙන දෙවල් මෙතනින් ලියන්න..හොඳින් කියනවානම්,
" අඩෝ ලිව්වේ නැත්නම් කපනවා ඩෝ "
Subscribe to:
Posts (Atom)