මෙවර පොසොන් පෝයට දින කීපයකට පෙර සිට අපේ ගෙදර අමුතු විය.පෝයටද පන්සලකට නොයන එකා මොකාද එකා කියා කතාවක් ඇත්තේලු.එනිසා කෙසේ හෝ මාව මේ පාර නං පන්සල් යවන්නට ගෙදර ඔක්කොම හෙන පැලෑන් ගසති,රහස් සම්මන්ත්රණ තියති.යුධ සාකච්ඡා තබති,රහස් කතා,යටිකූට්ටු වැඩ නං අඩුවක් නැත.මම අඩිය තබා ඇවිද්දේද පරිස්සමෙනි.කෑම කන්නේද රස පරීක්ශක වාර්ථාව ආ පසුවය.නිදියගැනීමට පෙර ජනෙල් දොරවල් වසා ඇඳ අසල උගුල් කීපයක් අටවමි..
මට ෂුවර්ම නැති එකා නම් අපේ අයියාය..වැස්සකටවත් පන්සල් යන්නේ නැති මුත් මාව පන්සල් යැවීමට වැඩිම බැතිබර දායකත්වය ඒ මාර පුත්රයාගෙනි.අක්කා සහ මල්ලී නම් මගේ පැත්තේය.මල්ලී මට සපෝට් කරන්නේ විස්සේ චොකලට් හා වොන්ඩර් බාර් ආදිය කෑමට මා හැර වෙන පිලිසරණක් නැති නිසාය..අක්කා සපෝට් කරන්නේ ඇයිදැයි මම දන්නේ නැත.ගුප්ත බැවින් ඔක්කොටම වඩා එයාගෙන් පරිස්සම් වීමටද සිදු වී ඇත.අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වීමට බැරි නැත..අපේ අයියා එහෙම මොලකාරයෙකි.හැබැයි ඌට 2+2 කීයදැයි ඇසූ විට කියවෙන්නේම 6 ය.හරි උත්තරය 5 කියා ඕන පොඩි එකෙක් දනිති..........
අන්තිමට ගෙදර විජාතික බලවේග වල උත්සහය සාර්ථක විය.මට පන්සල් යාමට සිදුවිය.
මියෙම්වා රැකෙම්වා කියා බුදුගුණද සිහිකරගෙන මම පන්සලට ගියෙමි..
බටපොල පන්සලේ ඇති පඩි නැගීමට කිලෝ ජූල් 1200 පමණ වැය වේ..අපරාදෙ කාපු කෑම ටික!
මට ඕන වූයේ ලොවට පෙනෙන්නට මලක් දෙකක් පූජ කර ශේප් වීමටය..එහෙත් මගේ කරුමයට ලොකු හාමුදුරුවෝ මාව දුටු සේක.
"ආ චූටි මහත්තය පන්සල් ඇවිත් තියෙන්නෙ.මොකෝ පාර වැරදුණා වත් ද?"
"න් නෑ නෑ අපෙ හාමුදුරුවනේ..ම මම මේ...මම මේ නිකම් ආව.."මට කියැවිණ.
මේ වගේ අවස්ථාවලදී සියලු පද්ධති ක්‍රියා විරහිත වී යාම සාමාන්‍ය දෙයකි.මගේද රැම් එක පවා අප්සට් ගියේය.
"චූටි මහත්තය කාලෙකින් නෙ පන්සල් ආවෙත්..එමුකො ආවාසෙ පැත්තෙ.."
ලොකු හාමුදුරුවෝ මට ඉස්සර වූ සේක.මමද අණ පිලිපැද්දෙමි.
ආවාසයට ගිය උන්වහන්සේ බුලත් විටක් හපන්නට වූවෝය..මම පසෙකට වී ඇඹරී ඇඹරී සිටියේ මෙතනින් පැන ගන්නේ කෙලෙසකදැයි දහ අතේ කල්පනා කරමිනි..එකක් වත් හරි යන්නේම නැත.
"චූටි මහත්තය පන්සල් ආවෙ මේ මං හිතන්නෙ සෑහෙන කාලෙකිං...එහෙම නේද?"
බුලත් කෙළ පහරක් මිදුලට විද්ද ලොකු හාමුදුරුවෝ ඇසූහ.
"එහෙමයි අපෙ හාමුදුරුවනේ,අවුරුදු දහයකින් විතර.අර....අර........ බුද්ධ පූජාවට තියපු පළතුරු වලට අනුමෝදන් වෙලා අහු වුණාට පස්සෙ.......
මේ...මේ ආවමයි."
"ආ ඒ පොඩි ළමයි නොදැනුවත්ව කරන ඒවනෙ චූටි මහත්තයා.
එදයින් පස්සෙ මම පොඩි මහත්තයව දැක්කෙත් නෑ..හැබෑටම උන්නැහෙ දැං මොනවයි කරන්නෙ?"
පොඩි මහත්තයා යනු අපේ අයියා කාරයාට ලොකු හාමුදුරුවෝ කියන නමය.
බුද්ධ පූජාවේ සිද්දියේදී නායකයා වූයේ ඌය.ඒත් අහු වුනේ අහිංසක මමය.
ඌ කරන දෙයක් නැත.ගෙදරට වී පච කෙල කෙල සිටීම නම් නියමෙටම කරයි.පොඩි උන්ට නම් ඒ කතා මැජික්ය.ඒත් මම ඌව සත පහකට ගණන් ගන්නේ නැත.
මොක උණත් නම්බුව බේරගන්නෙපැයි...
මට ජීවිතයේ ප්‍රථම වතාවට බොරුවක් කියන්නට සිදු විය!
"අපෙ හාමුදුරුවනෙ.අයියා මොකක්දො කොම්පියුටර් කෝස් එකක් කරනවා.."
"එහෙමද,හොඳා හොඳා,හැම දේම ඉගෙනගන්නෝන නේ..බුදු හාමුදුරුවොත් ඒවත් අනුදැන වදාරල තියෙනවා.."
"හෑ!! කොම්පියුටර් කෝස් කරන්නත් කියල උන්නාන්සෙ කිව්වද?"
මම මෙතෙක් වේලා ඇස් පහර එල්ල කරගෙන සිටි අම්බපාලියගෙන් ඇස් අහකට ගත්තෙමි...
"මොකක්?උපාසක මහත්තයට ඔල්මාදෙද?බුදු හාමුදුරුවො කොහෙද එහෙම කියල තියෙන්නෙ ඈ?"
ලොකු හාමුදුරුවෝ මා දෙස මාර බැල්මක් හෙලූ සේක.
"නෑනෙ නේද අපෙ හාමුදුරුවනේ,මම ඔබ වහන්සේගෙන් අහන්න හැදුවෙත් ඒකමයි"
මම ඇඟ බේරාගත්තෙමි.
"හ්ම්ම්..චූටි මහත්තය කාලෙකින් පන්සල පැත්තෙ ආව එකේ පිනක් දහමක් කරගෙනම යමුකෝ..මේක අරන් මගෙත් එක්ක ආවනම්..."
කියූ ලොකු හාමුදුරුවෝ පැන් කෙණ්ඩියක් මට පෙන්නූහ.මමද එය දෑතින්ම ගෙන බුදු හිමි පසුපස පාත්‍රය ඔසවාගෙන ගිය නන්ද කුමරු මෙන් උන්වහන්සේ පසුපසින් ගියෙමි.ලොකු හාමුදුරුවෝ කෙළින්ම වැඩියේ බණ මඩුවටය..!
සෑහෙන සෙනඟක් එහි වාඩිවී සිටිති.
හාමුදුරුවෝ ධර්මාසනය මත වැඩ සිට පිරිස ඇමතූ සේක.
"අද මේ චූටි මහත්තයා උපාසක තැන පන්සල් ඇවිත් ඉන්නවා.හුඟ කාලෙකින් ඇවිත් තියෙන්නෙ.ඉතින් අද ධර්ම දේශනාවෙ මූලික දායකත්වය මෙතුමාට පවරනවට කවුරුත් අකමැති නෑ නේද?
මේ පින්වතුන් සාධුකාරයක් දෙන්න එහෙනම්"
පිරිස එක හඬින් සාධුකාර දුන්හ!
"මාව මරන්නද ඇහුවම සාධු කියන උන්.. !@#$%"
මට පෝය අදයැයි අමතක විය.
"එහෙනම් උපාසක මහත්තය මේ පිරිස ඉදිරියෙන් වාඩිවෙන්න.හූමිටි තියන්නත් බාර වෙන්නෙ ඔබතුමාටම තමයි,හරි නේද"
කිවූ උන්වහන්සේ ධර්ම දේශනාව පටන් ගත්හ...
දැං අහපල්ලකො බණ..!ඒ මදිවට හූමිටි තියන්නත් වෙලා!!
මටද වෙන්නේ අර කාටද වූවා වැනි වැඩය.
"පින්වතුනි ඔන්න එකමත් එක කාලෙක බරණැස් නුවර හිටිය බ්‍රහ්මදත්ත කියල රජ කෙනෙක්....."
"අවසරයි අපෙ හාමුදුරුවනේ,මොන බ්‍රහ්මදත්තද?"මම ඇසීමි.
"උපාසක මහත්තය ඉස්කෝලෙදි ඉගෙන ගෙන නැද්ද බරණැස් නුවර බ්‍රහ්මදත්ත?"
"නෑ අපෙ හාමුදුරුවනේ,මං අහන්නෙ කීවෙනියද කියල,හැම ජාතක කතාවකම බරණැස් නුවර බ්‍රහ්මදත්ත කෙනෙක් ඉන්නවනෙ"
"ඒව මම දන්නෙ නෑ උපාසක මහත්තය,අපි දැන් බණට...."
"දැං ලංකාවෙ නම් සබ් ඩොමේන් එකක් තියෙනවනෙ නමට ඉස්සරහිං.වී වන මහින්ද වීඅයි වන මහින්ද අයි වන පරාක්‍රමබාහු අයි අයි වන පරාක්‍රමබාහු වාගෙ..!
ඒ කාලෙ කොහොමද දන්නෙ නෑ නාමකරණය කරෙ,අනික ඉන්දියාවෙ රෝමන් ඉලක්කම් පාවිච්චි කරලත් නෑ.ඉන්දියාවට මහාවංශෙකුත් නෑනෙ!
චූලවංශෙ,රාජාවලියක් ,සකස්කඩක්,සිරිත්මල්දමක්,............"
" -චූටි මහත්තය මමයි මෙතන බණ කියන්නෙ"
ධර්මාසනයෙන් මඳක් ඉදිරියට නැමුණු හාමුදුරුවෝ මට පැවසූහ.
"එහෙයි අපෙ හාමුදුරුවනේ..."
මම කට පියා ගතිමි.
"පින්වතුනි මේ බ්‍රහ්මදත්ත රජතුමාට හිටිය දෙලක්ෂ සයානු දහසක් බිසෝවරු...."
"හත්දෙයියනේ.............!!! "
මට වාඩි වී සිටි පැදුරෙන් ඉබේම නැඟිට්ටවිණ.
මා ලඟ සිටි උපාසක මහත්වරු මාව ඇද නැවත පැදුරෙන් වාඩිකරවූහ.
"මොකෝ උපාසක මහත්තය,ගෝනුස්සෙක් වත් කෑවද?"
ලොකු හිමියෝ වටාපත මෑත්කර මගෙන් ඇසූහ.
"අපෙ හාමුදුරුවනේ එයාට තනියම එච්චර ගොඩක්........?"
මට මා ගැනම හටගත්තේ මාර දුකකි,වෛරයකි,මෙව්වා එකකි..
මෙච්චර කල් ඉඳ මට එකම එක කෙල්ලෙක් වත් සෙට් කර ගන්නට බැරිවිය.බ්රහ්මදත්තයාට දෙලක්ශ අනූ හය දාහක්..මූට හෙන ගහන්නෙපැයි යකෝ..!!
මට ඉබේම කෙඳිරි ගෑවිණ..
"රජ්ජුරුවන්ට තිබුණා චූටි මහත්තයා අන්තඃපුරේ කියල එකක්.ඒකෙ තමයි බිසෝවරු හිටියෙ..."
"ඉතිං හාමුදුරුවනෙ එයාට කොහොමෙයි ඔච්චර කෙල්ලො සෙට් වුණෙ..........."
"ලස්සන ගෑනු කෙනෙක් දැක්කම රජ්ජුරුවො එයාව කරකාර බැඳ ගන්නවා."
"එතකොට රටේ අනිත් පිරිමින්ට ඉතුරු වෙන්නෙ වැඳිරියො වගේ ගොරක ගෑනු?ඒක හරි වැඩක්නෙ.මානව හිමිකම් වලට ඒක පටහැනියි.අනික මේච්චර ගෑනු ගොඩක් හිරකරගෙන ඉන්නවට විරුද්ධව ඕන නම් යුධ අධිකරණෙට උනත් යවන්න පුලුවං.."
මම නඩුකාරයෙකුටත් වඩා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර සිටියෙමි.
"මේ අමු අමුවේ මානව හිමිකම් කැඩීමක්,මම ජිනීවා යනවමයි අපෙ හාමුදුරුවනෙ..යන එක යනවා ඔය කලවැද්දට විරුද්ධව....."
"උපාසක මහත්තයා............."
"එහෙයි අපෙ හාමුදුරුවනේ"
"අපි දැන් බණට..................."
"මට තව ප්‍රශ්ණයක් තියෙනව ලොකු හාමුදුරුවනේ"
මම බැගෑපත් වුණෙමි.
"ඉතින් ඔහොම එක දිගට ලස්ස ගානක් ගෑනු ගෙනාවම රජ්ජුරුවන්ගෙ අම්ම තාත්තල මුකුත්ම කිව්වෙ නැද්ද..
දෙයි හාමුදුරුවනේ දෙලක්ශ අනූ හයදාහක් කිව්වම කජු ඇටද කොස් ඇටද......!!!"
මට බ්‍රහ්මදත්තයා ගැන මරන්නට තරම් ඉරිසියාවක් ඇතිවිය.අසමජ්ජාති !@#$%#$@ රජෙක්නෙ යකෝ මූ!
"එහෙම නරකක් කියන්න තරම් වැඩ රජතුමා කරේ නෑනෙ උපාසක මහත්තයා"
"අපි ගෑනු ළමයෙක් දැකල කතා කරාම අම්මල තාත්තල කචල් දානව..අපිට නරකයි,බ්රහ්මදත්තයට හොඳයි...."
"මේ උපාසක මහත්තයා,මට මේ දේශනාව.............."
"ඉතින් හාමුදුරුවනෙ ඒ කාලෙට සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට වෙන වැඩක් තිබ්බෙ නැතුව ඇති නේද,අන්තඃපුරේ ජන සංගණන තියනවට වඩා.....?"
"ඒ කාලෙ කොහෙද උපාසක මහත්තය සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තු තිබ්බෙ?"
"ඒකත් ඇත්ත නේන්නම් අපෙ හාමුදුරුවනෙ.."
මට කියැවිණ..
"ඔන්න මේ රජ්ජුරුවො දශ රාජ ධර්මයෙන් රාජ්‍ය විචාරණ......"
"මට ඒකනම් පිළිගන්න බෑ හාමුදුරුවනේ"
මම අත ඔසවා ප්‍රකාශ කලෙමි.
"ඒ මොකෝ උපාසක මහත්තයො?මේව මේ බණේ තියෙන දේවල්"
"දෙලක්ශ අනූහයදාහක් ගෑනු තියාගෙන බ්‍රහ්මදත්තය කොහොමෙයි හාමුදුරුවනෙ දශරාජ දර්මයෙන් රාජ්‍ය කරන්නෙ?රජ කරන්න කොහෙන්ද ඒ මිනිහට වෙලාවක්..දෙලක්ශ අනූහයදාහක්!..බුදු අම්මෝ!!"
"රාජ්‍ය පාලනේ කියන්නෙ බොහොම සංකීර්ණ දෙයක් මහත්තයා.."
"ඇත්ත වෙන්නැති හාමුදුරුවනේ..ඒත් දෙලක්ශ අනූහයදහක් ගෑනු ඉඳපු මිනිහෙකුට රාජ්‍ය පාලනේට තියා මූණ හෝදගන්නවත් වෙලාවක් කොහෙන්ද හම්බුවෙන්නෙ?ඉතිං මං කොහොමෙයි බ්‍රහ්මදත්ත
දසරාජ ධර්මයෙන් රට පාලනේ කරා කියල පිළිගන්නෙ?මට එච්චර ඕනෙ නෑ.පන්සීයක් ඇති මට නම් මූණ වත් හෝදන්න වෙලාවක් නැතිවෙන්න..."
"උපාසක මහත්තය මේ.............!! "
"අපෙ හාමුදුරුවනේ ඔය දෙලක්ශ අනූහය දාහ හැමදාම එකම ගානට තිබ්බද,නැත්තං කාලෙන් කාලෙට අඩු වැඩි..............."
"චූටි මහත්තය,මීට පස්සෙ පන්සල හතර මායිමක පස් පාගනව එහෙම නෙමෙයි!,
යන්නයි කිව්වෙ පන්සලෙන්!!!"
"එහෙයි අපෙ හාමුදුරුවනේ"
මම හඬ නඟා කීවෙමි.
මෙතෙක් වේලා නින්දේ සිටි උපාසක පිරිස ඉන් අවදිව සාධුකාර දුන්හ!
"නියම බණ ටික"
"අද තමයි බණක් කියල හරියට ඇහුවෙ"
"අද නම් තේරෙන්නම කියල දුන්න අපෙ හාමුදුරුවෝ,බුදුබව අත්වෙන්න ඕන ඒ උත්තමයට,යමල්ල යමල්ල දැන් ටී වී එකෙත් ටෙලි නාට්ටි පටන් අරන් ඇත්තෙ"
කියූ උපාසක පිරිස නැගිට ධර්මශාලවෙන් පිටව ගියහ..
මමද ස්වාමීන් වහන්සේ මා උදෙසා වදාළ අණ පිලිපැද්දෙමි,නැවත එක වරක් වත් පස්ස හැරී බැලුවේ මා නම් නොවේ....
*ප.ලි
මෙහි සඳහන් කිසිම දෙයක්,අකුරක්වත් බුදු දහමට අපහාසයක් පිණිස පළ කරන ලද්දක් නොවේ..මාගේ දිවි පරදුවට තබා ඒ ගැන සහතික වෙමි.මෙහි ඇත්තේ මා හට ලාවට විඳින්නට වූ සිදුවීමක් මත පදනම් වූවකි..මා මාගේ ආගමට අපහාස කරන්නේ නැත..
ඕන කෙනෙක් ඕනමනම් වැරදියට හිතාගන්න එකයි ඇත්තෙ.හිත හොඳ අයට ඇත්ත තේරෙනවනෙ...
එල එල ඔය ලියලා තියෙන්නේ ලෙසටම. කට උත්තර නෑ. බ්රහ්මදත්තයට දෙලක්ෂ අනූ හයදාහක්. අපට එකක්වත් නෑ. අපි යමන් බටේපොලයෝ ජිනීවා මානව හිමිකම්.
ReplyDeleteයන එක යනව..අසරණ කොල්ලො ඔක්කොම සෙට් වෙලා යං
Deleteඑල එල
ReplyDeleteඅංකල් මෙන්ඩිස්
ටැංකූ වේවා ලොක්කා..
Deleteඅඩෙ අන් දෙලක්ස අනූහය දාහක්.
ReplyDeleteමගෙ හදවත හයි හත්තියෙන් තියෙන හින්ද හොදා
නැත්තන් එතනම හුග් ගාන්නේ...
බටයෝ...
විලාසය හොදයි මචන්..
නමුත් උබ ආයේ බුදු හිමි/එම සද්ධර්මය ගැන ටිකක් නොලිය හිටියොත් තමා හොද...
හෙහ් හෙහ් හෙහ්
ඒ ඇරෙන්න අනික්වා සූපර්
ටැංකූ මචෝ..මං මගේ ආගමට අපහාස කරේ නම් නෑ බන්..මට වෙච්ච සීන් එකක් මේ කිව්වෙ..එහෙම අපහාසයක් වෙන දෙයක් ලියවිල නෑ කියල මං විශ්වාස කරනව..
Deleteඅර ප.ලි නෝට් එක උඹ නිසා නෙමෙ ලිව්වෙ හරිද..එකෙක් මට සුභ පැතුවනෙ මං බුද්ධාගමට අපහාස කරා කියල.එයාට සුන්දර වදන් කීපයක් දීලයි ආවෙ මේක ලියන්න,,
කොහොම උණත් හිතට ආපු දේ එහෙම්මම කිව්ව එකට නම් ස්තුතියි ෆ්රෑන්කියො ;)
අඩේ මචං එළ තමා ඇ... මටත් ඔය සීන් ලාවට වෙලා තියනව ඕං.. ලංකාවේ ඔය වගේ බණ කියැවෙනව බන්.. ඔය සීන් එක මටත් පිළිගන්ට පුළුවන් අ... හැමදාම ගතානුගතික විදියට හිතල හරි යන් නැ... නව චින්තනයකට සිතන්න ඕන උබ එහෙම කෙනෙක් බව ඕක කියවපුවම තේරෙනව..... එළ එළ මචෝ ඔහොම යන් යන්.........
ReplyDeleteටැංකූ හාල් ඇටේ මචා ;)
Deleteමට ලැජ්ජත් හිතෙනව බං උඹ කියන ඒවට :ඩී
උඹ දන්නවද තවත් සීන් එකක්?මේ ලඟදි ඉඳන් අර සම හරක් උන් කියනවලුනෙ අපේ බුදු හාමුදුරුවෝ ඉපදිල තියෙන්නෙ නේපාලෙ නෙවි ලංකාවෙ කියල,උඹටත් ඇහිල ඇති.
ඔය සීන් එක පටං ගත්ත කියන්නෙ මෙහෙමලු
{ එක හාමුදුරු කෙනෙක් ඉන්නව කිසිම දවසක බණක් දහමක් දේශනා කරල නෑ,ඒ බණ නොදන්න නිසා.මේ හාමුදුරුවො උපසම්පදා වෙලාවත් නෑ.වයස අවුරුදු පනහටත් වැඩි.තවමත් සාමණේර නමක්.අවුරුදු විස්සෙ විසිපහේ අය උපසම්පදා වෙලා,ඒත් මෙයාට වඳින්නත් ඕනලු.ඉතින් අර තරුණ හාමුදුරුවන් වහන්සේලට සිද්ද වුනාලු මෙයාට වඳින්න.ඉතින් එයාලත් අහිතක් හිතල නෑ.වැඳල තියෙනව.
ඔන්න ඔහොම හිටපු කෙනා දවසක් උදේක හෙන ගහන්නාවගේ එයාගෙ ආවාසෙ ඇඳ උඩට වෙලා,සිවුර පැත්තකලු,අඳනෙ පිටින් භාවනා කරනවලු.එහෙම ඉඳල එකපාරටම නැගිට්ටලු.
අනිත් අයට කිව්වලු
"පින්වතුනි,මම භාවනා කරද්දි මට විශේෂ ඤාණයක් පහල වුණා.ඒකෙන් මම දැනගත්ත බුදුන් වහන්සේ පහල වෙලා තියෙන්නෙ මේ ශ්‍රී ලංකාවෙමයි කියල.........." }
මෙහෙමත් උන්දැල ඉන්නවනෙ බන් බුද්ධාගම විනාස කරන්න..
හාල් මචා දිගටම මාත් එක්කම ෆිට් එකෙන් ඉඳීවි කියල විශ්වාස කරනව!!
බොහොම ඉස්තූතියි මේ පැත්තෙ ආවට
(හාමුදුරුවෝ යන ගෞරවානිවිත වචනය කිව නොහැකි නිසා චීවරධාරිය යන වචනය යොදමි....) ඔව් බන්..... මාත් ඔය චීවරධාරිය ගැන අහල තිබුණ...... මාර ඥාන තමා එක එක චීවරධාරින්ට පහල වෙන්නේ අ...... ඔව්වට ඉතින් රැවටෙන්නේ ගතානුගතිකව හිතන මිනිස්සු තමා ඕං.... මේ පැත්තේ ගං ගෙවල්වලත් ඔය සීන් යනව බන්...
Deleteඑක සීන් එකක් තමා... එක විහාරාධිපති හිමි නමක් ස්ත්‍රී දූෂණයේ යෙදීම.. ඕක දැනගත්ත ඒ ගෑනු කෙනාගේ මිනිහ පහුවදා සෙට් එකක්ම එක්කරගෙන ගිහින් ඒ චීවරධාරියට අම්බානක කැව්ව.. හැබැයි ගහල තියෙන්නේ සිවුරයි, අදනයයි වැදල පැත්තකින් තියල.. ගමේ මිනිස්සු නන් මේ චීවරධාරියට විරුද්ධයි.. කොහොම නමුත් ඒ චීවරධාරිය ඉස්පිරිතාලේ පැත්තේ ගියා... ආයේ පන්සල පැත්තේ ආවේ නැ... දැන් කොහේ මක්ක කොරනවද කියා කිසිම ආරංචියක් නැ... :D කොහොමත් අර ගැනු කෙනා ඕකට අහුවෙලා තියෙන්නේ දානේ අරන් යන්න ගිහින්..... බලහන්කෝ ඇ...... මේ චීවරධාරිය මොනා කොලත් ගෑනුනන් සාධු සාධු කිය කිය ඉන්නව... බලහල්ලකෝ මෙහෙමත් උපාසක අම්මල ඉන්නව ඕං....
මෙව්ව කියන්නේ බුදු දහමට පහර ගැසීමට නම් නොවේ.. අද වර්තමානයේ ශාසනය විනාශ කරගෙන යන චිවරධාරින් බිහිවෙලා තියනව.. ම් ම්...... අපි නම් ඔව්ව කිය කිය බැන බැන ඉන්නව මිසක කොරන දෙයක් නැනේ ඇ.. මහ නාහිමිවරු නිහඩව නම්.......... ඒත් සත්‍ය කවද හරි එළියට එනවමනේ....
එළ එළ මචං ඔහොම දිගටම ලියන් යන්න ඕං... බායි ආ.......
හී හී මේ ගාල්ලෙ කොටුව පැත්තෙ ඉන්නවලු බන් බුදු වෙච්චි එකෙකුත්..
Deleteතව චීවරධාරියෙක් ඉන්නවලු නුවර පැත්තෙ පල්ලියක ලගා ගහගෙන (ලැගගෙන)..
තව එකෙක් ඉන්නවලු බන් සිවුර පැත්තක තියල ටී ශර්ට් එකක් ගහගෙන හවසට කොත්තු කඩවලින් කොත්තු,බිත්තර රොටි කන..
තව සමහරු ඉන්නව බන් බණක් කියවගන්න ඕන වුනාම ඒකට සල්ලි ඉල්ලන ඈයො..
බණකට ආවම (වැඩියම කියන පදේ පාවිච්චි කොරන්න බෑනෙ)
මයික්,ස්පීකර් සිස්ටම් එක එයාම ගෙනත් ඒකටත් ගානක් ගන්න අයත් ඉන්නො බන්..
මෙහෙව් උන්ගෙන් බණ අහලම වෙන්ටැ අපෙ සම හරක්ට ලොව දෙලොව ඤාව් වෙලා තියෙන්නෙ
බුද්ධාගමටම අපහාස,නිගරු කරන්න,විකෘති කරන්නම හදාගත්තු සංවිධාන ඕන තරම්..
ඒ වගෙ උන්ට හූ ඈ :ඩී ඩී
එවුන් පව් කියන්නෙ බං මොන කෙලිය කරත් බුද්ධාගම වට්ටන්න බෑ කියල එකෙකුටවත් තේරෙන්නෙ නැති එකනෙ බන්
සැ.යු
ඉහත සඳහනේද මා විසින් හාමුදුරුවෝ යන පදය වෙනුවට චීවරධාරියා හෝ එවැනි වදනක් යෙදුවේ නම් හොඳයැයි මටද සිතේ..සොලි ඈ
උඹලැයි පැත්තෙ එහෙම නැතෙයි ඔය හෙන ගහන්නා වගේ බුදු වෙන උං?
සත්‍ය හැමදාම දිනනවනෙ බං.කල් ගිහිල්ල හරි.අපිත් බලාගෙන ඉන්නෙ මේ එන් ජී ඕ එව්වො මොකාටද එන්නෙ කියල.ඕනම මිනිහෙක් ඉවසන සීමවක් තියෙනොනෙ බන්
අඩේ අපේ මහින්ද මාමටත් එහෙම ඇත්ද බන්...මහ රජෙක්නි...අප්පට හුඩු දැන්මම එක හොයන්ඩ ඕනේ...
ReplyDeleteහී හී ඒ ගැනනම් මම කියන්න දන්නෙ නෑ කුරුල්ලා මචෝ..
Deleteදෙලක්ශ අනූහයදාහක් නම් නැතුව ඇති නේ ;)
හොයල බලපන්කො..........
කොහොම වුණත් බොහෝම ඉස්තූතියි මේ පැත්තටත් ආවට..දිගටම බටපොලයත් එක්ක ෆිට් එකේ ඉඳීවි කියල මම විශ්වාස කරනවා!!
මසුරන් බණ ටික
ReplyDeleteසාදු සාදු සාදු ....
ඔන්න ෂර්වුඩ් වලටත් එක්ක ඇහෙන්නම බණ ටිකක් ;)
Deleteබොහොම ඉස්තූතියි මේ පැත්තටත් ආවට.......
මැරියන් නඟා සනීපෙන් ඉන්නවැයි
ඔන්න බටයා මමත් ආවා කෙනෙක්ගේ කීමකට ...
ReplyDeleteඇත්තටම අමුතු විලාශයක් නිසා මමත් හරි කැමතියි...ඇත්තටම ඇත්ත සිදුවීමක් නෙවෙයි නේද? ඇත්තම එකක්නම් මීට කලින් එළවන්න ඕනි..මොනව වුණත් ආගම සම්බන්ධ කරලා ආයෙ නොලියන්න කියල ඉල්ලීමක් කරනවා..ඔබේ ඉදිරි පැවැත්ම වෙනුවෙන්..
තේරුම් නොගන කියල හිතන්න එපා... ජය වේවා...
කෙනා කව්ද කියල මට හිතා ගන්න පුලුවන්..හිත හොඳ අය එහෙමයි! :)
Deleteඔයාටත් බොහොම ස්තූතියි මේ පැත්තට ආවට.
අනෙ මම මේක ලිව්වෙ මගෙ ආගමට අපහාසයක් කරන්න නම් නෙමෙයි.තුන් හිතකවත් එහෙම දෙයක් නෑ... :(
{මෙතනදි මාව නෝන්ඩි වෙනවද කියලනම් මම දන්නෙ නෑ ;) }
මුළු සිද්ධියම නම් ඇත්ත නෙමේ.මට ලාවට වගේ ඔහොම දෙයක් වුණා.හිතුණ ඒක බෙදාගන්නත්,ඒ වගේම දෙයක් කියාදෙන්නත්..
ඒ හැමදාම ගතානුගතිකව හිතන්න එපා කියල.බුදු හාමුදුරුවො වුණත් කියල තියෙනවනෙ කෙනෙක් කිව්ව පලියටම විශ්වාස කරන්න එපා කියල..
හුඟක් අය සමාජ සම්මතේකට විරුද්ධ වෙන්න බයයි..සිද්ධාර්ථ කුමාරයත් එහෙම වුණානම් කෝ අපිට අපෙ බුදුහාමුදුරුවෝ?
මැරුවත් මම කිසිම ආගමකට අපහාස කරන්නෙ නෑ.කරලත් නෑ කිසිම දවසක.,
මොනව උණත් ඔයාට ගොඩක් පින් මේ පැත්තට ආවට,ඔයාගෙ අදහස් කෙලින්ම කිව්වට...
යාලුවටත් කියන්නකො මට එයාව අමතක වෙලා නෑ කියල..
සිහින සිත්තම බටපොලයත් එක්ක හැමදාම ඉඳීවි කියල මං විශ්වාස කරනවා.. :)
බටපොලයව බලන්න මමත් ඔන්න මේ පැත්තට ගොඩවැදුනා..වෙනස් විදිහක ලීවිමක්..දිගටම ලියන්න සුභ ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteආදරයක මතකයෙන් ජීවිතය යදින්නට කිවිඳියක් වු ප්‍රාණයට,
Deleteබොහොම ස්තූතියි ඔයාට මේ පැත්තටත් ආවට..
සිතුවිලි දැහැන කියවද්දි බටපොලයගෙ ඇස් පෙඟිල ගියෙ වතාවක් දෙකක් විතරක් නෙමේ..ලියන්න දිගටම!!
හදවතටම වදින්න හෘදයාංගමව එහෙම ලියන්න හැමෝටම බෑ..
ඒත් ඇයි ඔයා දුක හිතෙන සිදුවීම් විතරක් හිතන්නෙ?
සිතුවිලි දැහැනත් බටපොලයා එක්ක හැමදාම ඉඳීවි කියල මං විශ්වාස කරනවා!
අම්මෝ ඔයාගෙ කතාව..මුල ඉඳං අගටම ආසාවෙන් කියෙව්වා.මුල ටික ලස්සනටම ලියවිලා තියනවා ඇස්වහක් කටවහක් නැහැ! :) නියමයි හ්ම්ම් :)
ReplyDeleteඔයා පරක්කුයි යාලු.
Deleteමං බලං හිටිය එනකම්.. :(
කමක් නෑ පරක්කු වෙලා හරි ඔයා ආවනෙ නේද..........
ඔයාටත් බොහොම ස්තූතියි මේ පිස්සු යාලුවට කරන හැම උදව්වකටම..! :)
ඕන්න මං ඩිසයින් එක වෙනස් කරා.මේක හොඳයිද?
හෙහේ... හාමුදුරවන්ට හොද බණ මතක් වෙන්ටැති නේ.. ;)
ReplyDeleteහී හී ඒකනම් ඇත්ත.
Deleteඒත් මට නම් ඇහුනෙ නෑ මං දිව්ව දිවිල්ලට ;)
බ්ලොග් අවකාශෙ ලොකු අක්කිය මේ චුට්ටත් එක්ක හැමදාම ඉඳීවි කියල මං විශ්වාස කරනවා!
බොහොම ඉස්තූතියි ඔයාට මේ පැත්තටත් ආවට!
පන්සල් යන්න පුරුදු උන ඒක ගැන සංතෝසයි..
ReplyDeleteජයෙන් ජය.
එදා විතරයි පන්සල් ගියේ..ආයෙත් පන්සලේ හතර මායිමේ එන්න එපා කිව්වනෙ! ;)
Deleteහැබැයි අපේ ලොකු අයියා කාරයා පස්සෙ දවසක පන්සල් ගියා..
ඒ සීන් එක පස්සෙ වෙලාවක දාන්නංකො :ඩී
බොහොම් ඉස්තූතියි ඈ!
පලවෙනි පෝස්ටුව විදිහට බලන්න ආවේ. පන්සල් ගිය කතාවක් නේ. :ඩී
ReplyDeleteජය !
හී හී පිං අතෙ වැඩක් නෙ එහෙනං මං කරල තියෙන්නෙ සෑම් අයියට ;)
Deleteකොහොම වුණත් මං එදායින් පස්සෙ පන්සල් ගියෙ නෑ :ඩී
බොහොම ඉස්තූතියි මේ පැත්තටත් ආවට!
අමුතුම කථාවක්නෙ බටපොලයා ලියලා තියෙන්නෙ.... මමත් උඹ වගේම වැස්සකටවත් පන්සල් යන්නෙ නැති එකෙක්.....ඒ උනාට වැරදි වැඩ කරන්නෙ නෑ...... හැමදාම පන්සල් යන උනුත් අම්බානට පජාති වැඩ කරන එකේ ඒකෙ එච්චර අවුලක් මට පේන්නෙ නෑ.... ඔහොමම අල්ලගෙන යමු.....
ReplyDeleteමරු සිරා කෙනෙක්නෙ මචං උඹත් ඈ? :ඩී
Deleteඔව් ඔව් බන් අපි පන්සලක පස් පාගන්නෙවත් නැතුව හිටියට නරක වැඩ කරන උන් නෙමෙනෙ නේ..?
වට අඩි පහ හයේ මල් වට්ටි අරගෙන දළදා මාලිගාවට,රුවන්වැලි සෑයට යන උන් කරන ජරා පජාත වැඩ නොදන්න කෙනෙක් ලංකාවෙ නෑනෙ!
බොහොම ඉස්තූතියි සිරාට මේ පැත්තටත් ආවට!
කොල්ලා පන්සල් ගිහින් වගේ.:D
ReplyDeleteමම ගියා නෙමෙයි බන්.මාව බලෙන් යැව්වා :ඩී
Deleteඒත් මට ආයෙමත් පන්සල් යන්න පර්මිශන් නෑනෙ ;)
අපෙ අයියා කාරයත් දවසක් පන්සල් ගියා.ඒ කතාව පස්සෙ ඈ!
බොහොම ඉස්තූතියි කේන් ට මේ පැත්තටත් ආවට!
අණ්ඩයා පනපිටින් ඉන්නවැයි තවම?
This comment has been removed by the author.
Deleteමේ විනි විද පේන පසුබිමත් එක්ක කියවන්න නම් ටිකක් අපහසුයි
ReplyDeleteබොහොම ඉස්තූතියි මේ පැත්තට ආවට!
Deleteමම ඒකට මොකක් හරි කරන්නම්.මේකෙ හැටියට විනිවිද පේන එක නැති කරොත් විකාර ගතියක් එනව,ඒකයි
ඔහොම යන්.. ඔහොම යන්. ඒත් මේ ටෙම්ප්ලේට් එක එක්ක කියවන්න නම් හරිම අමාරුයි නේ.
ReplyDeleteමම මේකට මුකක් හරි කරන්නම් මචන්..වෙලාව නැති එක තමයි බන් පුරස්නෙ.
Deleteබොහොම ඉස්තූතියි මේ පැත්තටත් ආවට!
අනේ මචෝ මේ පසුබිම වෙනස් කරහන් මට මොකුත් කිවන්න බෑ
ReplyDeleteහැදුව..දැන් අවුලක් නැද්ද?
Deleteදැං හරිද බලපන් මචන්..පොඩ්ඩක් ඤාව් තමයි තිබ්බ එක නම් ;)
ReplyDeleteමේකත් ඤාව්ද?
ජය ඔබට
ReplyDeleteබෝම ඉස්තූතියි යාලු :)
Delete