---හොරු කම්බා හොරු හරක් හොරු අතර අහිංසක හොරු---
හොරු කොහෙත් සිටිති.නැති තැනක් නැත.ලොව කොහේ ඉඳියත් බේරෙන්නම බැරි තවත් දෙයකි.හැරිලා බලන්න,පිටිපස්සෙ හොරෙක් ඉන්න පුලුවන් ;)
මේ හොරු අතර විවිධාකාරයේ හොරු සිටිති......
නිකම් හොරු,අලි හොරු,ලාවට හොරු,පාට් ටයිම් හොරු,මාර හොරු,කම්බා හොරු,වසවර්ති හොරු,හරක් හොරු,කෙසෙල් කැන් හොරු,පොල් හොරු,ලෝක හොරු,රෙදි හොරු,ගෑනු හොරු,කුපාඩි හොරු,බලු හොරු,ලයිසන් හොරු(ලයිසන් චන්ඩි නෙවි ඈ),හොරුන්ගෙත් හොරු,අසරණ අහිංසක හොරු,සංවේදී හොරු,අමුඩ හොරු,නිදන් හොරු,මැණික් හොරු හා ආදර හොරු ආදී වශයෙනි....
මේ හොරුන් අතරද අමුතු අය සිටිති.
මේ එවැනි අය ගැන පොඩි මෙව්වා එකකි................
එක්තරා ජාතියක හොරෙකි.කාගේ කවුද,කොහෙන් ආවද කිසිම කෙනෙකු දන්නේ නැත.කට්ට කෛරාටික වෙට්ට පිත්තලයෙකි.සුද්ද නසරානියෙකි.මඩොල් දූවේ "සුරංචියා" වාගෙ කෙනෙකි.
මිනිහා පොලිසිය ඇතුලේදීම පොලිස් ලොක්කාගේ පොකැට්ටුව්ට විදින්නට තරම් දක්ෂයෙකි..පොර දවසක් සෙට් එකක් සමඟ ගෙයක් බින්දේය.නිවස මාලිගාවක් වැනි එකකි...
නිවැසියා බැංකු හෝ කිසිම බාහිර තැනක තම වස්තුව තබන්නට අකමැති ජාතියේ පුද්ගලයෙකි.කෝටි ගානක් වටිනා බඩු සියල්ලම උස්සන්නට මුන්ට ගත වූයේ විනාඩි දහයකටත් අඩු කාලයකි.ටීම් එකේ අලුත් එකාගේ වරදකින් ගෙදර මෙව්වා එකක් නාද විය.අයිතිකරුට අසු විය.ඒත් කරන්නට දෙයක් ඒ මිනිසාට ඉතුරුව තිබුනේ නැත.ඇස් පනාපිට තමාගේ සබ්බ සකලමනාවම උස්සගෙන අනු දුටු ඔහුට ඇඬුණි..
"මගෙ මුලු සේසතම අරං යනවා.මම ජීවිත කාලයක් නොකා නොබී මහන්සි වෙලා හම්බු කරපුවා.......මට..ම.....ට.....මම....ම...."
ඒ අඳෝනාව ඇසුණු අපේ පොරගේ හදවත මෙව්වා වී මුකක්ද වී ගියේය.ඔහු ලක්ෂ පනහකට වඩා වටිනා පාර්සලයක් ඉතුරු කර දමා අනෙක්වා අරගෙන ගියේය
අමු හොරෙකු වුවද ඔහු සංවේදී හොරෙකි........
මොහු අන්ත දුප්පතෙකි.ඩේලි බජට් එකට කුලී වැඩ කරයි.ඉන්නේ අබලන් ගෙවල් කෑල්ලකය.පොඩි උන් තිදෙනෙකි.පොල් කැඩීම,උදලු ගෑම,අත්වැඩ දීම ආදී ඕනෑම වැඩක් කරයි.දෛනික වියදමට යාන්තම් කීයක් හෝ හොයාගනී.නොහැකි වූ විට ගෙදර වත්තේ වැවූ එලවලු ගෙන විකුණන්නට ගම පුරාම යයි.ඒ ගමන් කුලී වැඩක් අහු වූවොත් එයද කරයි.සති කීපයක පටන් හරි හමන් කුලියක් ලැබුණෙ නැත.පොඩි උන් බඩගින්නේ හඬනු,බිරිඳගේ අසරණ මුහුණ ඔහුට ඉවසා සිටිය නොහැක.ඇස් තෙමීගිය වාර අනන්තය.එහෙත් කිසිවකුට ඒවා පෙන්විය නොහැක....
අවසානයේ අකමැත්තෙන් හෝ ඔහුට සිදු වූයේ හොරකම් කිරීමටය!
කිසිම අත්දැකීමක් නැති වුවද ඔහුට වෙන කරන්නට දෙයක් ඉතිරි නැත......
කල් යල් බලා ගෙදර අයට හොරෙන් ගෙදරින් පිටවූ ඔහු මහ රෑ පොහොසත් නිවසක් බින්දේය.ගෙයි සිටියේ මැදි වයසේ කාන්තාවක් පමණි.
"කෑ ගහන්න එපා ගෑනියෙ.උඹ කට ඇරියොත් අනිනවා බොක්ක හිල් වෙන්ඩ!....සේප්පුවකොහෙද තියෙන්නෙ කියපන්"
කාන්තාව බියෙන් ගැහෙමින් සේප්පුව අසලට ගියය.
"ඇරපන් සේප්පුව"
සේප්පුව ඇර එහි තිබූ පොදිය බදා ගත් කාන්තාව..
"අනේ කියන තැනකට වඳින්නම්.මම මුලු ජීවිත කාලයක්ම මහන්සි වෙලා,කසාද වත් නොබැඳ මේව හරි හම්බු කර ගත්තෙ.මේක නම් ගෙනියන්න එපා....."
"මං ආසාවට තමුසෙගෙ බම්බු ගන්න ආව නෙවි.මට රස්සාවක් නෑ.දියං ඕක මෙහාට.මට ජීවත් වෙන්න ඕනි"
කාන්තාව කොතරම් දේවල් කිව්වත්,ඇඬුවත් ඔහු ඇය සමඟ පොරබදා පොදිය පැහැරගෙන දිව්වේය.
පණ එපා කියා ගම කෙළවර කැලය දක්වාම දිවූ හොරා සිතුවේ තමා දිනුම් කියාය.
පොදිය දිගහැර බැලූ ඔහුට නිකම් ඤාව් වීගෙන යනවා වාගේ දැණින..!
එහි තිබුණේ පරණ පාන්කඩ ගොඩක් සමඟ ගල් කැට කීපයකි!!!
තමා ගෑනු ගැටයකට පැටලුණු බව තේරෙනවිට ඔහු ටූ ලේට්ය..
ගැණුන්ගෙන් දෙයක් ගැනීමට වඩා බඩු මිල අඩු කිරීම ලේසියැයි ඔහුට වැටහෙන්නේ දැන්ය.
(බටපොලයාගේ පලමු නියමය,"ගැණුන්ගෙන් දෙයක් ගැනීමට වඩා බඩු මිල අඩු කිරීම ලේසිය")
පික් පොකට් ගැහීම අමුතුම මෙව්වා එකකි.
එය හැමෝටම බැරිය!
බාගෙට දැනගෙන කරන්නටද බැරිය!
කෙනෙකුගේ සාක්කුවකට,බෑග් එකකට විද බඩු ඉස්සීම සිම්පල් ප්ලෑන් එකක් නොවේ......
කළුතර පැත්තේ මෙවැනි පොරක් සිටියේය.දිනපතා රැකියාව කරනු පිණිස බසයකට නැග්ග මේ හොරා කෙල්ලෙකුට ලාවට ලාවට කිට්ටු වී පොඩි ජැකක් ගැසුවේය.බසය කට කපා සැමන් ලෝඩ් කර තිබූ නිසා ඇයට ඒ ගැන කරන්නට දෙයක්ද නොවීය.ඔහු හිමීට ඇගේ උරහිසේ එල්ලාගෙන සිටි හෑන්ඩ් බෑග් එකට අත යැව්වේය.අතට හසු වුණු පර්ස් එක එලියට ඇදගත් ඔහු හිමින් එතනින් එහාට ගියේය.බසයෙන් බැස්ස පසු ඔහු පර්ස් එක ඇර බැලුවේය.
පර්ස් එකේ තිබ්බේ රුපියල් දෙදහසක්,හැඳුනුම් පත,බෙහෙත් තුණ්ඩුවක්,මාරු කාසි කීපයක්,ඩේ කාඩ් එකක් හා ලියුමකි.හොරුන්ට අනුන්ගේ ලියුම් කියවන්නට වෙලාවක් නැත.වුවමනාවක්ද නැත.එහෙත් මුකක්දෝ මෙව්වා එකකට මේ හොරා ලියුම කියෙව්වේය.......
"ආදරණීය චූටි නංගී.මේ සමඟ රුපියල් දෙදහසක මනි ඕඩරයක් ඇති.සල්ලි එවන්න පරක්කු වුනේ අපිට පඩි ලබුණෙ නෑ හරියට.මේක මාරු කරලා අම්මාට බේත් අරන් දෙන්න.මං ගැන එච්චර හිතන්න එපා.මම කොහොම හරි පිරිමහගන්නම්..අනේ කොහොම හරි අම්මව බේරගන්න.මම මේ මාසෙ අන්තිම ගෙදර එනවා"
මෙය කියවූ අපේ හොරාගේ හදවත බටර් කෑල්ලක් මෙන් උණු වී ගියේය.ෆාමසියක් හොයාගත් ඔහු තමාගේ මුදලින් බේත් ටික ගත්තේය,ඒ ගමන්ම රෝගීන්ට දෙන කිරිපිටි ටින් එකක්ද ගත් ඔහු හැඳුනුම්පතේ තිබූ ලිපිනය සොයාගෙන ගියේය.
ඔහු දුටු විගස කෙල්ල වන මෝහිනී මෙන් ඔහුගේ අඟට කඩාගෙන පැන්නාය.
"තමුසෙ තමයි මගෙ පර්ස් එක අරගත්තෙ..හොරා..පික්පොකට් කාරයා.........."
ඔහු කලබල නොවී ඇයට කියවන්නට ඉඩ හැරියේය.ඈ සන්සුන් වූ පසු ඔහු ගෙනා පාර්සලය ඇයට දුන්නේය.
"නංගි නංගිගෙ පර්ස් එක බස් එකේ වැටිල තිබිල.මං අහුලගෙන මේ බේතුත් අරගෙනයි ආවෙ.කොහොමද අම්මට දැං?"
"ඊට පස්සෙ මොකද වුනේ දන්නවද ඔයා.............................?"
(උපුටා ගැනීම කව් ද බෝයි මෙව්වා එක)
දැං අපේ හොරා ඒ කෙල්ලගෙ සැමියාය(හබියාය)!!!
(බටපොලයාගේ දෙවනි නියමය,"සංවේදී හොරුද ලෝකයේ ඇත")
${නිව්ටන් විසින්ද ඉදිරිපත් කරේ නියම තුනක් බැවින් මෙතනින් නතර වීමට මම තීරණය කරමි}

:O
ReplyDeleteඇනෝ කට වහගනින් මචෝ..දත් නැති කට පේනව :D
Deleteචූටි බටපොලයා හොද ඉස්පාසුවක් ගෙන පස්ට කථාවක් මෙවර අප වෙනුවෙන් දෙසා බා ඇත... කරැණු සියල්ලටම මම එකගය... පික් පොකට් ගහන විට බජාර් එකේ ලයිෂන් චණ්ඩියෙකු දුටුවේ නම් ඌට ඇස් කුලියක් පොකට් ගැසූ එකා ගෙවිය යුත බව පාතාල රීති මාලාවේ පැහැදිලිව දක්වා ඇත... මම අහිංසකයෙකි... පාතාලයට සම්බන්ධ නැත.... ඇල්වතුර බොන්නේද නිවලාය.... ඔබට ජය!
ReplyDeleteයා යා සිරා නම් පස්ටම අහිංසකයෙකි...
Deleteපාතාලය යනු මුකක්ද කියා වත් දන්නේ නැත.
ලෝ එන්ටන්ස් ඉන්නා නිසා නීති පොත් නම් කියවයි..
කැපුවත් සිරා සිරාම පොරකි ;)
සිරාටද ජය!
elazzzzz
ReplyDeleteතෑන්ක්ස් ඈ
Deleteම්ම්ම් එල එල ආ..
ReplyDeleteඋබෙ නියම දෙකත් නිව්ටගෙ එව්වට හරි හරි යට මැච් වෙනවා...
හොරුන් බිහිවෙන හැටිත්,,,
ඔවුන්ගේ නොදකින පැතිකඩක් චූටි හොදට පෙන්වලා තියෙනවා...
උත්සාහය සාර්තකයි..
අවසාන කතාව පට්ටයි
නිව්ටාගේ මෙව්වා ලෝක පචය.මගේ එව්වා පැස්ත ගියත් ඇස්තය :D
Deleteහොරු කොහෙත් ඇත!
ජීවිතයේ විවිධ අවස්ථා වලදී අපිද පැල් බැඳගෙන හොරකම් කරන අයය.....
ඒ හොරකම් කරන දේවල් බොහෝ විට නීතියෙන් තහනම් නැත
ටැංකූ පුරන්සිස් මාර්ටින් මzසිනා ඈ! :D
සින්දුවක් මතක් උනා....
ReplyDeleteඅද සිටිනා මේ හැම ලෝකෙ හොරූ....
අද නායක ජනතා රටේ හොරූ
අන්තිම හොරාටනම් නියම වැඩේ උනේ
මට නම් සින්දු කියන්න බෑ අලේ..ගැරඬි එන්නෙ සපත්තුත් දාගෙන මං සින්දු කියනකොට :D
Delete(අනික ඔයි වගේ සින්දු කියනකොට මැවිල පේන්නෙ සුදු වෑන්.ඔයා පරිස්සමෙන් හොඳද :/)
අන්තිම හොරා පව් නේද?වැලිකඩ ගියාටත් අන්තයි.හිරයක් කරගන්න වුනානෙ.. ;)
හොරු ගැනනම් දුන්නේ නියම විග්‍රහයක් තමයි..ඇත්තටම නිකමටවත් හොරෙක් නම් මේ පෝස්ට් එක දකින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..එහෙම වුනොත් ඔයාගේ අහිංසක අතපය පවුනේ..(හේ..හේ..)
ReplyDeleteආ මොනවා නැතත් අන්තිම හොරාට නම් වුනේ සුපර් වැඩක්....
පවුද කියලත් අහනව... :D
Deleteඅසරණ අහිංසක සුකුමාල ලඳ බොළඳ විනයගරුක සත්‍යවාදී මම™ ;)
ඒත් ඔයා දැක්කෙ නැද්ද,මම අර උඩ ලියල තියෙන්නෙ මමත් ලයිසන් චණ්ඩියෙක් කියල,නීතිමය තත්ව වල..(හැබැයි ඒක නම් ඇඩ් එකක් :D ).ඇත්ත හොරෙක් ආවොත් මාව උස්සගෙන යනකන් මම දන්නෙ නෑ......... ;)
මට නම් හිතෙන්නෙ අන්තිම හොරා පව් සිතූ.....
අන්තිම කතාවේ හිටිය හොරා තමා හොරා. ඒත් හොරුන් එක්ක වැඩි ඇසුර හොඳ නැහැ. අර පරණ කතාවක් තියෙන්නේ හොරෙක්ව බේරගෙන සැමියා විදිහට තියාගත්තු කුමාරිකාවත් මරලා එයාගේ වස්තුව ගන්න ගිය හොරෙක් ගැන
ReplyDeleteඅම්මියෝ..!
Deleteඑහෙමත් අය ඉන්නවද මචං?
මට සුවර් ඒ කුමාරි නම් ලංකාවෙ කෙනෙක් වෙන්නැති නේ?ලංකාවෙ අය තමයි ඔහොම කරුණාවන්ත..
හොරාත් ලංකාවෙ වෙන්නැති.කළගුණ අමතක කරන්න දක්ශම අය ඉන්නෙත් මෙහෙනෙ!
Hikz Niyamai yaluu!
ReplyDelete:)
Deleteඔයාට දැන් සනීපයිද?
හොද කතා ටිකක් කියෙව්වා...හිහි....
ReplyDeleteතැන්කූ අක්කියා... :)
Deleteඅදනෙ මෙහාට ආවෙ..:O
ReplyDeleteහික්ස්ස්.. මරු කතා ටික චූටි!!! :D
ආදරයෙන් පිළිගන්නවා හිතු..! :)
Deleteදිගටම බටපොලයත් එක්ක ඉඳීවි කියල මං විශ්වාස කරනවා..
බොහොම ඉස්තූතියි මේ පැත්තටත් ආවට.
මරු...එළ ඈ...
ReplyDeleteතැන්කූ වේවා තරුවෝ ඈ... :)
Deleteඕං අදමයි මේ පැත්තට ගොඩ වුනේ... කියවපු මුල්ම පෝස්ටුවම පට්ටම ආතල් පෝස්ටුවක්.... කියලා වැඩක් නෑ නියමයි ඈ... දෙවෙනි හොරයි තුන්වෙනි හොරයි පව් අප්පා.... තුන්වෙනි හොරා ජැකත් ගහලා පර්ස් එකටත් විද්ද එකට ජීවිත කාලෙටම වන්දි ගෙවන්න සෙට් වෙලා.
ReplyDeleteසෑහෙන්න රසවත් ලිවීමේ ශෛලියක්... ජය වේවා ඈ
ආදරයෙන් පිළිගන්නව ගැමියවත්........!
Deleteතුන්වැනි හොරා තමයි හෙන පව් පොර..දිඨිටධම්මවේදනීය මෙව්ව එක පලදුන්නා එයාට නම් :D
මාගේ අප්සට් ලිවීමේ මෙව්වා එකටද රසවත් යැයි කිව්වාට ඔබට මාගේ ප්‍රමාණය ඈ... ;)
අන්තිම හොරා තමා නියම හොරා හිකිස්..
ReplyDeleteෆස්ට් ටයිම් තමා ආවා මේ පැත්තේ..
ආදරයෙන් පිළිගන්නවා ඔයාවත්!
Deleteඇයි මේ කෙල්ලොන්ට විතරක් අන්තිම හොරා ගැන දුක නැත්තෙ? ;)
ඇත්තටම මටත් දුක හිතුනා ඒ හොරු ගැන. නැති කමටනේ..
ReplyDelete"අනුන්ගෙ දුක තේරෙන්නෙ තමන් ඒ දුක ලාවට හරි විඳල තියෙන කෙනෙක් විතරයි!" කියල මෙව්වා එකකුත් තියෙනවලුනෙ නේ?
Deleteඒත් අමතක කරන්න එපා..හැම හොරාම මේ වගේ නෑ :D
නැතිබැරි කම් අපි කාටත් තියෙනවා... හැබයි එහෙම කියල හොරකම් කලොත් එහෙම ගන්නෙත් අපි වගේම නැතිබැරි එකෙක්ගෙන් කියලා හොරුත් හිතන්න ඕනෙ.
ReplyDeleteබටපොලගේ කතා ශෛලිය නම් නියමයි.
ඒක ඒ අවස්ථාව අනුව වෙනස් වෙනව නේ?වෙන කරන්නම දෙයක් නැතුව හොරකම් කරන්න ගිය අය ගැන මං දන්නව.ඒ අවස්ථාව අනුව එයාල වැරදියි කියන්නත් බෑ.....
Deleteit is complicated :(
මෙයාල නම් රොබින් හුඩ් ජාතියෙ අසරණ අහිංසක පිවිතුරු සුකුමාල නිවිච්චි හොරු! :D