දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති,අභීත වීරෝධාර ශ්‍රී ලාංකික පුතණුවකු වූ බටපොලයා නම් මහා විරුවාට සිදු වූයේ කුමක්ද??????
ලඟදීම බලාපොරොත්තුවන්න
Tuesday, February 24, 2015
Tuesday, July 2, 2013
Wednesday, October 17, 2012
මම ආමි!!!
මම මැරුණේ නැත.!
තව ටික දවසකින් මම නැවත සීන් එකට එන්ටර් වෙමි,
මාගේ මහා මවුල මංගල්‍යයට රෙඩි පිට ඉන්නා ලෙස රටවැසි ජනතාවට මෙයින් දැනුම් දෙමි.....
-චූටි බටපොලයා-
Friday, July 20, 2012
අපෙ අයියාගේ ප්‍රේම පුරාණය I
සීසන් I-එපිසෝඩ් එක (S01E01)
කරදර එනවිට එකපිට එක තෑගිබෝගද නැතුවම එන බැවින් සති කීපයක්ම බටපොලයා බ්ලොග් අවකාශයට ඇබ්සන්ට් පොරක් විය..
සමාව භාජනේකට දානු මැනවි!
බටපොලයා මේ වතාවේ අසරණයා හෙවත් අසාර් ටත් වඩා අසරණ විය :(
සති කීපයක්ම මගේම බ්ලොගයට එන්නට බැරි වුනා පමණක් නොව කිසිම බ්ලොග් එකක් කියවන්නටද බැරි විය..
තව ඉතුරු වෙලා තියෙනවනම් සමාව පොඩ්ඩක් භාජනේට දාන්ට :)
හැකි ඉක්මනින් ඔක්කොම කියවන්නං.....
සති ගානකට පස්සෙ ඇවිත් කියන්නත් දෙයක් තියෙන්න ඕනිනෙ.
මගෙ දුක් කියල වැඩක් නෑ.
ප්‍රශ්න ගොඩක ඉන්න ඔයාලට තව ප්‍රශ්න දාන්න මට ඕනි නෑ.
ඉතින් මට හිතුන මගෙ මාරයාගෙන් පළිගන්න.......
(බ්ලොග් ලියන මාර අයියා නොවන බව කරුනාවෙන් සලකන්ඩ ඈ)
මූ මගේ අයියාය.මොන කරුමෙකට මගේ අයියා වුනාදැයි මට නොතේරේ.......
කොටින්ම කිව්වොත් අපේ අයියා හෙන අපතයෙකි,ගොන් නාම්බෙකි,නැට්ට හැලිච්චි වඳුරෙකි,ප්‍රංශ සැන්ට් පව්ඩර් ගැසූ අමු උරුලෑවෙකි.ගන්ධබ්බ අපදානයෙහි ප්‍රධාන නළුවාද මූය.පාරේ රස්තියාදු ගසන වල්සේශන් බල්ලෝද මූට කතා කරන්නේ "සහෝදරයා" කියාය.මූ උන්ගෙන් වෙනස් වන්නේ ලයිට් කණුවක් දුටු විට කකුල ඉස්සෙන්නේ නැති එකෙන් පමණි.
අපේ අයියා නාන්නේ සිංහල අවුරුද්දේ පරණ අවුරුද්දට නාන එක පමණි.ඌ එය නාන්නේද වතුර බාල්දි දෙකකිනි!
"අරපිරිමැස්ම" කියන්නේ ඒකටලු :O
එකකින් මූණ තෙමාගෙන අනිකෙන් කකුල් සෝදා ගනී,ඉතිං අවුරුද්දේ දවස් 365ම අපෙ අයියා ඒකාකාර වේගයෙන් ගන්දනය වේ.හැතැම්ම සීයක දුරදී පවා ඒ ඉස්මෙල් එකෙන් මූව හඳුනාගත හැක.
ඉතිං මේ වගේ ඉන්න අපෙ අයියා නම් හාල්පාරුවාටද දවසක් පෙම් මල් පූදින්නට පටාන් ඇරන් ඇත..මූ සාමාන්‍යයෙන් මාත් එක්ක හිත හොඳ නැති බැවින් අපි දෙන්නා නෝ ටෝක්ස්ය.
ඒත් දිනක් මූ ගේ පුරාම මාව හොයන්නට විය.
"චූටි මල්ලියෝ!ඒයි කොහෙද ඕයි තමුසෙ ඉන්නෙ..."
මම හිටපු තැනම හිටියෙමි.මට මොකෝ ඕනිනම් ඕනිතරම් හොයපුදෙන්.
මූ ඊළඟට අක්කගෙ කාමරයටද කොහෙදෝ හොම්බ දාන්නට ඇත.
"නංගි කෝ චූටි මල්ලි?"
"කවුද චූටි මල්ලි කියන්නෙ?"
අක්කා අහපි.
"තමුසෙට මං @#$%$#"
හොඳ වැඩේ ඕකට... :ඩී
"අම්මේ කෝ චූටි බූරුවා?"
මූ අම්මගෙනුත් අහගන්නයි යන්නෙ.පව්!
ටික වේලාවක් යනතුරු අම්මාගෙන් උත්තරයක් නැත..ඊළඟට අම්මා අක්කාට කතාකරනු ඇසේ.
"පොඩි දූ මට මතක් වෙන්නෙම නෑනෙ,කවදාහරි මේ ලොකු අයියා කසාද බැන්දද?"
"අපො නෑ,පිස්සුද අම්මෙ..මේ ඉන්නෙ තවම පොල් පරාලෙ වාගෙ,ඇයි එහෙම ඇහුවෙ?"
"නෑ මූ චූටි බූරුවෙක් හොයනවා,කසාද නොබැඳ ලමයි හම්බු වෙන්නෙත් නෑනෙ..
පිස්සු හැදීගෙන එනවද කොලුවො ඈ?"
මේවා ඇසෙන මට මාර හැපීය.මූ අද අඬන සයිස්ය.
"මොකක් කියවනවද මන්දා,මං ඇහුවෙ චූටි මල්ලි ගැන.මොකක් හරි ඇහුවමත් හොඳ නෑ.හ.....!! "
දැංනං අනිවා අඬනවාමය..කෝ අඬපියෝ.. :D
මම කටද ඇරගෙන ඌ අඬන හඬ ඇසෙනතුරු සිටියෙමි.ඒත් අම්මා ඒ වැඩේ කෑවේය..
"අර ඉන්නෙ කාමරේ..ඒ ළමයට හරියට වැඩ!"
මම හැමෝටම හොඳ ළමයාය ;)
"ඕයි මල්ලි තමුසෙට කතා කරන්න බැයිද ඕයි....."අයියා තාම අඬාගත්තු ගමන්ය.
"මාව අඳුනනවද?"
"පිස්සු කෙළින්න එපා ඕයි,වැඩක්ද කියනවා"
"මොකෝ?"
මම මුකුත් නොදන්න තොත්ත බබා වාගේ ඇසුවෙමි.
"මෙහෙම කියන්න බෑ.මට ලොකු හෙල්ෆ් එකක ඕනි,අම්මයි නංගියි නැති පැත්තකට එනවා"
"යං ගෝල්ෆේස්...! "
"තොට පයිත්තියන්ද යකො @#$%^&"
"ඉතිං වෙන කොහෙ යන්නෙයි මට කියන්නෙ ඈ?තමුසෙම කියනවකො බලන්න"
"හවසට බෝල් ගහන්න එනවා,පිට්ටනියෙදි කියන්නං"
"ඒ මේ මට කෙළවෙන වැඩ නං මං නෑ ඕවට හරිය..තමුසෙ තනියම ඕන බම්බුවක් ගහගන්නව එව්වට නං"
මූ ළඟින් ගියත් ඇතිය,මට සුමානෙකට අපලය.....
"නෑ නෑ,මේ වෙන එකක්,හවසට එනවා,මං කියන්නං..."
ටිකෙන් ටික ගඳ අඩුවිය.සුවර් එකටම අයියා කාමරයෙන් අවුට්ගොයින් වන්නට ඇත.දැංවත් හුස්ම ගත යුතුය!
මට හිතාගත නොහැකි වූයේ මේ යකාට හදිසියේ මල්ලී ගැන ඇතිවූ මෙව්වා එකය.වෙනදාට මූට මාව පේන්න බැරිය.ඒත් අද ඇවිත් උදව් ඉල්ලා දෙපරන්දෙපල්ලේ වැඳවැටී අඬයි..මුකක් හෝ හෙනම හෙන කෙළියක් සුවර් එකටම වී ඇත,නැත්නම් වෙන්නට යයි.මොනවා වුනත් මූ ඇඬූ විදියට නම් මගේ හෘදය වස්තුව මාගරින් වාගේ උණුවී දියවී වැගිරී ගියේය..(බටර්ද මන්දා එහෙම වෙන්නෙ? :O , දෙකෙං එකක් ඈ!)
කමක් නෑ.ඉස්සෙල්ල ගිහිං අහල බලන්න ඕනි සීන් එක මුකක්ද කියල,කෙළවෙන වැඩක් නං එතනින් වාස්ප වෙන්ඩනෙ තියෙන්නෙ නේ?
කිව්ව විදියටම මාත් හවස ගිහින් පිට්ටනිය පැත්තට හොම්බ දැම්මා ටිකක්,අපේ අයියා අද සෙල්ලං කරන්නෙත් නැතුව ගහක් යටට වෙලා හෙන කල්පනාවක!
මට දැන් සුවර්..කෙළවෙන්ඩමයි යන්නෙ!!!
පොර මාව දැක්කා..මං ඉන්න පැත්තට රොකට් එකක් වාගෙ දුවගෙන ආව.
"මොකෝ එන්න කිව්වෙ?"
"චූටි මල්ලි,මට තමුසෙගෙන් ලොකු උදව්වක් ඕනි ඕයි......."
"හොර පොල් කඩන්නද?"
"නෑ නෑ මට............"
"බුද්ධ පූජාව හොරාට කන්නද?"
"නෑ නෑ...."
"කාගෙ හරි හොම්බට හැටක් අනින්නද?"
"නෑ ඕයි මට මේ......."
"තමුසෙ හරක් හොරකමේ ගිහින් අහුවුනාද?"
"මෝල්ද ඕයි මේක වෙන......"
"හා!තමුසෙ හොරාට කසිප්පු පෙරුවා , නේ?දැං කාටහරි මාට්ටු?"
"මොකෙක්ද මේ?ඕයි තමුසෙට පිස්සුද?"
"නෑ!"
මම හෙන ආඩම්බරයෙන් ප්‍රකාශ කළෙමි..
"ඉස්සෙල්ල අහගන්නවා මම කියන දේ,පිස්සු විකාර කියවන්නෙ නැතුව...."
"හරි හරි කියනවා ඉතිං..මට වැඩ තියෙනවා"
චාන්ස් එකක් ආ විට මූව මැඩවීමේ පරම පිවිතුරු අදහස අතුරුදහන් වීමට ඉඩ දිය නොහැක්කේ ඇයි?
අයි ඩෝන්ට් නෝ වයි..
"මෙහෙමයි,පොඩි සීන් එකක් මේක..තමුසෙ දන්නවනෙ අතුල අයියව?"
"ඔව් ඉතිං?"
"එයාගෙ තාත්ත කසාද බැඳල ඉන්නෙ......"
"ඒක අහන්නද එන්න කිව්වෙ?අතුල අයියගෙ තාත්ත කසාද බැඳල තියෙන්නෙ අතුල අයියගෙ අම්මවනෙ ඕයි!
වැඩේ ගොඩනෙ?මම ගියා.."
මම වාඩි වී සිටි කොටයෙන් නැගිට්ටෙමි.
"තමුසෙලා වගේ මල්ලිලා @#$%........"
"ලැබෙන්න ආනන්තරීය පිංස් කරල තියෙන්න ඕනි.හරි හරි තැංකූ කියන්න ඕනි නෑ.මං යන්නෙයි?"
"ඒකට නෙවි එන්න කිව්වෙ"
අයියාගේ මූණ බුල්ඩෝසරයකට අහු වෙච්චි කජු ලෙල්ලක් වාගේ වී ඇත.
"හෑ ඒකට නෙමෙයිද.....?"
"වාඩි වෙලා අහගන්නව ඉස්සෙල්ලා,අතුල අයියගෙ තාත්ත කසාද බැඳල ඉන්නෙ අම්පාර පැත්තෙන්නෙ...
ඉතිං අම්පාරෙ ඉඳන් ඉගෙන ගන්න අමාරුයිලු.ඒ ඇන්ටිගෙ නංගිගෙද කොහෙද අර.......අ......අ........මේ......අර............................."
"දැංම යයිද?නැත්තං අර අතන ටොයිලට් එකක් තියෙනවා,ගිහින් ඉක්මනට එනවා,මං මෙතන ඉන්නං!"
"නෑ නෑ එහෙම අවුලක් නෙවි,ඒ ඇන්ටිගෙ නංගිගෙද කොහෙද දූ.......අ..අ....මෙහෙට ඇවිත් මෙහෙ ඉඳං ඉස්කෝලෙ යන්න..අ...අ........"
"ඉතිං?"
"නෑ මං කියන්නෙ මේ..ඒ ගෑණු ලමයා මේ....."
"තමුසෙට දැක්කම කිරි දෙන්න හිතුණද?ඒක කරන්න එයාට අම්ම කෙනෙක් ඉන්නවනෙ,නිකං #$%@ නොදී ඉන්නවකො"
"නෑ නෑ ඕයි,මොකක් වුනත් ලස්සන කෙල්ල නේ?"
"නරකම නෑ.."
මම ලාවට උත්තරයක් දී මඟ ඇරියෙමි.මූ මේ මොකාටද එන්න හදන්නෙ!
"මට ඒකිට හිත ගියා මල්ලි!"
"හත්තිලව්වයි.............!!!"
TO BE CONTINUED....
(හිතුවාට වඩා කතාව දිග වූ බැවින් හැමෝම කරන්නාක් මෙන් මමද මෙය මෙතැනින් නවත්තමි..
එපිසෝඩ් එක (EPISODE 1) ඉවරය.
එපිසෝඩ් ටූ ඊළඟට බලාපොරොත්තු වන්න ඈ! )
මතු සම්බන්ධයි....................
Labels:
මටමයි වෙන්නෙ,
මරුවා සමඟ වාසේ
Friday, June 29, 2012
හොරු සමඟ හෙළුවෙන්(18+ නෙවි ඈ)
---හොරු කම්බා හොරු හරක් හොරු අතර අහිංසක හොරු---
හොරු කොහෙත් සිටිති.නැති තැනක් නැත.ලොව කොහේ ඉඳියත් බේරෙන්නම බැරි තවත් දෙයකි.හැරිලා බලන්න,පිටිපස්සෙ හොරෙක් ඉන්න පුලුවන් ;)
මේ හොරු අතර විවිධාකාරයේ හොරු සිටිති......
නිකම් හොරු,අලි හොරු,ලාවට හොරු,පාට් ටයිම් හොරු,මාර හොරු,කම්බා හොරු,වසවර්ති හොරු,හරක් හොරු,කෙසෙල් කැන් හොරු,පොල් හොරු,ලෝක හොරු,රෙදි හොරු,ගෑනු හොරු,කුපාඩි හොරු,බලු හොරු,ලයිසන් හොරු(ලයිසන් චන්ඩි නෙවි ඈ),හොරුන්ගෙත් හොරු,අසරණ අහිංසක හොරු,සංවේදී හොරු,අමුඩ හොරු,නිදන් හොරු,මැණික් හොරු හා ආදර හොරු ආදී වශයෙනි....
මේ හොරුන් අතරද අමුතු අය සිටිති.
මේ එවැනි අය ගැන පොඩි මෙව්වා එකකි................
එක්තරා ජාතියක හොරෙකි.කාගේ කවුද,කොහෙන් ආවද කිසිම කෙනෙකු දන්නේ නැත.කට්ට කෛරාටික වෙට්ට පිත්තලයෙකි.සුද්ද නසරානියෙකි.මඩොල් දූවේ "සුරංචියා" වාගෙ කෙනෙකි.
මිනිහා පොලිසිය ඇතුලේදීම පොලිස් ලොක්කාගේ පොකැට්ටුව්ට විදින්නට තරම් දක්ෂයෙකි..පොර දවසක් සෙට් එකක් සමඟ ගෙයක් බින්දේය.නිවස මාලිගාවක් වැනි එකකි...
නිවැසියා බැංකු හෝ කිසිම බාහිර තැනක තම වස්තුව තබන්නට අකමැති ජාතියේ පුද්ගලයෙකි.කෝටි ගානක් වටිනා බඩු සියල්ලම උස්සන්නට මුන්ට ගත වූයේ විනාඩි දහයකටත් අඩු කාලයකි.ටීම් එකේ අලුත් එකාගේ වරදකින් ගෙදර මෙව්වා එකක් නාද විය.අයිතිකරුට අසු විය.ඒත් කරන්නට දෙයක් ඒ මිනිසාට ඉතුරුව තිබුනේ නැත.ඇස් පනාපිට තමාගේ සබ්බ සකලමනාවම උස්සගෙන අනු දුටු ඔහුට ඇඬුණි..
"මගෙ මුලු සේසතම අරං යනවා.මම ජීවිත කාලයක් නොකා නොබී මහන්සි වෙලා හම්බු කරපුවා.......මට..ම.....ට.....මම....ම...."
ඒ අඳෝනාව ඇසුණු අපේ පොරගේ හදවත මෙව්වා වී මුකක්ද වී ගියේය.ඔහු ලක්ෂ පනහකට වඩා වටිනා පාර්සලයක් ඉතුරු කර දමා අනෙක්වා අරගෙන ගියේය
අමු හොරෙකු වුවද ඔහු සංවේදී හොරෙකි........
මොහු අන්ත දුප්පතෙකි.ඩේලි බජට් එකට කුලී වැඩ කරයි.ඉන්නේ අබලන් ගෙවල් කෑල්ලකය.පොඩි උන් තිදෙනෙකි.පොල් කැඩීම,උදලු ගෑම,අත්වැඩ දීම ආදී ඕනෑම වැඩක් කරයි.දෛනික වියදමට යාන්තම් කීයක් හෝ හොයාගනී.නොහැකි වූ විට ගෙදර වත්තේ වැවූ එලවලු ගෙන විකුණන්නට ගම පුරාම යයි.ඒ ගමන් කුලී වැඩක් අහු වූවොත් එයද කරයි.සති කීපයක පටන් හරි හමන් කුලියක් ලැබුණෙ නැත.පොඩි උන් බඩගින්නේ හඬනු,බිරිඳගේ අසරණ මුහුණ ඔහුට ඉවසා සිටිය නොහැක.ඇස් තෙමීගිය වාර අනන්තය.එහෙත් කිසිවකුට ඒවා පෙන්විය නොහැක....
අවසානයේ අකමැත්තෙන් හෝ ඔහුට සිදු වූයේ හොරකම් කිරීමටය!
කිසිම අත්දැකීමක් නැති වුවද ඔහුට වෙන කරන්නට දෙයක් ඉතිරි නැත......
කල් යල් බලා ගෙදර අයට හොරෙන් ගෙදරින් පිටවූ ඔහු මහ රෑ පොහොසත් නිවසක් බින්දේය.ගෙයි සිටියේ මැදි වයසේ කාන්තාවක් පමණි.
"කෑ ගහන්න එපා ගෑනියෙ.උඹ කට ඇරියොත් අනිනවා බොක්ක හිල් වෙන්ඩ!....සේප්පුවකොහෙද තියෙන්නෙ කියපන්"
කාන්තාව බියෙන් ගැහෙමින් සේප්පුව අසලට ගියය.
"ඇරපන් සේප්පුව"
සේප්පුව ඇර එහි තිබූ පොදිය බදා ගත් කාන්තාව..
"අනේ කියන තැනකට වඳින්නම්.මම මුලු ජීවිත කාලයක්ම මහන්සි වෙලා,කසාද වත් නොබැඳ මේව හරි හම්බු කර ගත්තෙ.මේක නම් ගෙනියන්න එපා....."
"මං ආසාවට තමුසෙගෙ බම්බු ගන්න ආව නෙවි.මට රස්සාවක් නෑ.දියං ඕක මෙහාට.මට ජීවත් වෙන්න ඕනි"
කාන්තාව කොතරම් දේවල් කිව්වත්,ඇඬුවත් ඔහු ඇය සමඟ පොරබදා පොදිය පැහැරගෙන දිව්වේය.
පණ එපා කියා ගම කෙළවර කැලය දක්වාම දිවූ හොරා සිතුවේ තමා දිනුම් කියාය.
පොදිය දිගහැර බැලූ ඔහුට නිකම් ඤාව් වීගෙන යනවා වාගේ දැණින..!
එහි තිබුණේ පරණ පාන්කඩ ගොඩක් සමඟ ගල් කැට කීපයකි!!!
තමා ගෑනු ගැටයකට පැටලුණු බව තේරෙනවිට ඔහු ටූ ලේට්ය..
ගැණුන්ගෙන් දෙයක් ගැනීමට වඩා බඩු මිල අඩු කිරීම ලේසියැයි ඔහුට වැටහෙන්නේ දැන්ය.
(බටපොලයාගේ පලමු නියමය,"ගැණුන්ගෙන් දෙයක් ගැනීමට වඩා බඩු මිල අඩු කිරීම ලේසිය")
පික් පොකට් ගැහීම අමුතුම මෙව්වා එකකි.
එය හැමෝටම බැරිය!
බාගෙට දැනගෙන කරන්නටද බැරිය!
කෙනෙකුගේ සාක්කුවකට,බෑග් එකකට විද බඩු ඉස්සීම සිම්පල් ප්ලෑන් එකක් නොවේ......
කළුතර පැත්තේ මෙවැනි පොරක් සිටියේය.දිනපතා රැකියාව කරනු පිණිස බසයකට නැග්ග මේ හොරා කෙල්ලෙකුට ලාවට ලාවට කිට්ටු වී පොඩි ජැකක් ගැසුවේය.බසය කට කපා සැමන් ලෝඩ් කර තිබූ නිසා ඇයට ඒ ගැන කරන්නට දෙයක්ද නොවීය.ඔහු හිමීට ඇගේ උරහිසේ එල්ලාගෙන සිටි හෑන්ඩ් බෑග් එකට අත යැව්වේය.අතට හසු වුණු පර්ස් එක එලියට ඇදගත් ඔහු හිමින් එතනින් එහාට ගියේය.බසයෙන් බැස්ස පසු ඔහු පර්ස් එක ඇර බැලුවේය.
පර්ස් එකේ තිබ්බේ රුපියල් දෙදහසක්,හැඳුනුම් පත,බෙහෙත් තුණ්ඩුවක්,මාරු කාසි කීපයක්,ඩේ කාඩ් එකක් හා ලියුමකි.හොරුන්ට අනුන්ගේ ලියුම් කියවන්නට වෙලාවක් නැත.වුවමනාවක්ද නැත.එහෙත් මුකක්දෝ මෙව්වා එකකට මේ හොරා ලියුම කියෙව්වේය.......
"ආදරණීය චූටි නංගී.මේ සමඟ රුපියල් දෙදහසක මනි ඕඩරයක් ඇති.සල්ලි එවන්න පරක්කු වුනේ අපිට පඩි ලබුණෙ නෑ හරියට.මේක මාරු කරලා අම්මාට බේත් අරන් දෙන්න.මං ගැන එච්චර හිතන්න එපා.මම කොහොම හරි පිරිමහගන්නම්..අනේ කොහොම හරි අම්මව බේරගන්න.මම මේ මාසෙ අන්තිම ගෙදර එනවා"
මෙය කියවූ අපේ හොරාගේ හදවත බටර් කෑල්ලක් මෙන් උණු වී ගියේය.ෆාමසියක් හොයාගත් ඔහු තමාගේ මුදලින් බේත් ටික ගත්තේය,ඒ ගමන්ම රෝගීන්ට දෙන කිරිපිටි ටින් එකක්ද ගත් ඔහු හැඳුනුම්පතේ තිබූ ලිපිනය සොයාගෙන ගියේය.
ඔහු දුටු විගස කෙල්ල වන මෝහිනී මෙන් ඔහුගේ අඟට කඩාගෙන පැන්නාය.
"තමුසෙ තමයි මගෙ පර්ස් එක අරගත්තෙ..හොරා..පික්පොකට් කාරයා.........."
ඔහු කලබල නොවී ඇයට කියවන්නට ඉඩ හැරියේය.ඈ සන්සුන් වූ පසු ඔහු ගෙනා පාර්සලය ඇයට දුන්නේය.
"නංගි නංගිගෙ පර්ස් එක බස් එකේ වැටිල තිබිල.මං අහුලගෙන මේ බේතුත් අරගෙනයි ආවෙ.කොහොමද අම්මට දැං?"
"ඊට පස්සෙ මොකද වුනේ දන්නවද ඔයා.............................?"
(උපුටා ගැනීම කව් ද බෝයි මෙව්වා එක)
දැං අපේ හොරා ඒ කෙල්ලගෙ සැමියාය(හබියාය)!!!
(බටපොලයාගේ දෙවනි නියමය,"සංවේදී හොරුද ලෝකයේ ඇත")
${නිව්ටන් විසින්ද ඉදිරිපත් කරේ නියම තුනක් බැවින් මෙතනින් නතර වීමට මම තීරණය කරමි}
එය හැමෝටම බැරිය!
බාගෙට දැනගෙන කරන්නටද බැරිය!
කෙනෙකුගේ සාක්කුවකට,බෑග් එකකට විද බඩු ඉස්සීම සිම්පල් ප්ලෑන් එකක් නොවේ......
කළුතර පැත්තේ මෙවැනි පොරක් සිටියේය.දිනපතා රැකියාව කරනු පිණිස බසයකට නැග්ග මේ හොරා කෙල්ලෙකුට ලාවට ලාවට කිට්ටු වී පොඩි ජැකක් ගැසුවේය.බසය කට කපා සැමන් ලෝඩ් කර තිබූ නිසා ඇයට ඒ ගැන කරන්නට දෙයක්ද නොවීය.ඔහු හිමීට ඇගේ උරහිසේ එල්ලාගෙන සිටි හෑන්ඩ් බෑග් එකට අත යැව්වේය.අතට හසු වුණු පර්ස් එක එලියට ඇදගත් ඔහු හිමින් එතනින් එහාට ගියේය.බසයෙන් බැස්ස පසු ඔහු පර්ස් එක ඇර බැලුවේය.
පර්ස් එකේ තිබ්බේ රුපියල් දෙදහසක්,හැඳුනුම් පත,බෙහෙත් තුණ්ඩුවක්,මාරු කාසි කීපයක්,ඩේ කාඩ් එකක් හා ලියුමකි.හොරුන්ට අනුන්ගේ ලියුම් කියවන්නට වෙලාවක් නැත.වුවමනාවක්ද නැත.එහෙත් මුකක්දෝ මෙව්වා එකකට මේ හොරා ලියුම කියෙව්වේය.......
"ආදරණීය චූටි නංගී.මේ සමඟ රුපියල් දෙදහසක මනි ඕඩරයක් ඇති.සල්ලි එවන්න පරක්කු වුනේ අපිට පඩි ලබුණෙ නෑ හරියට.මේක මාරු කරලා අම්මාට බේත් අරන් දෙන්න.මං ගැන එච්චර හිතන්න එපා.මම කොහොම හරි පිරිමහගන්නම්..අනේ කොහොම හරි අම්මව බේරගන්න.මම මේ මාසෙ අන්තිම ගෙදර එනවා"
මෙය කියවූ අපේ හොරාගේ හදවත බටර් කෑල්ලක් මෙන් උණු වී ගියේය.ෆාමසියක් හොයාගත් ඔහු තමාගේ මුදලින් බේත් ටික ගත්තේය,ඒ ගමන්ම රෝගීන්ට දෙන කිරිපිටි ටින් එකක්ද ගත් ඔහු හැඳුනුම්පතේ තිබූ ලිපිනය සොයාගෙන ගියේය.
ඔහු දුටු විගස කෙල්ල වන මෝහිනී මෙන් ඔහුගේ අඟට කඩාගෙන පැන්නාය.
"තමුසෙ තමයි මගෙ පර්ස් එක අරගත්තෙ..හොරා..පික්පොකට් කාරයා.........."
ඔහු කලබල නොවී ඇයට කියවන්නට ඉඩ හැරියේය.ඈ සන්සුන් වූ පසු ඔහු ගෙනා පාර්සලය ඇයට දුන්නේය.
"නංගි නංගිගෙ පර්ස් එක බස් එකේ වැටිල තිබිල.මං අහුලගෙන මේ බේතුත් අරගෙනයි ආවෙ.කොහොමද අම්මට දැං?"
"ඊට පස්සෙ මොකද වුනේ දන්නවද ඔයා.............................?"
(උපුටා ගැනීම කව් ද බෝයි මෙව්වා එක)
දැං අපේ හොරා ඒ කෙල්ලගෙ සැමියාය(හබියාය)!!!
(බටපොලයාගේ දෙවනි නියමය,"සංවේදී හොරුද ලෝකයේ ඇත")
${නිව්ටන් විසින්ද ඉදිරිපත් කරේ නියම තුනක් බැවින් මෙතනින් නතර වීමට මම තීරණය කරමි}
Labels:
එක කණකට ඇහුණ දේවල්ස්,
තව හිතනවානම් මේ ගැන
Subscribe to:
Posts (Atom)
